28 කොටස

324 58 226
                                    


"සීතලේ එළියෙ පැනගෙන මොකද කරන්නෙ ම්ම්?"
ශාලුක මට පිටිපස්සෙන් හිටගෙන මගෙ දෙපැත්තෙන් බැල්කනි එකේ ලී වැටට අත් දෙක තියද්දි මම ඔලුව හරවලා බැලුවා... ඒත් එයා මාව සම්පූර්ණයෙන්ම එයාගෙ පැත්තට හරවගෙන වැටට හේත්තු කළා...

එයා ශර්ට් එකක් ඇඳලා නැති නිසා එයාගෙ ගානට මේන්ටේන් කරපු ඇඟයි නහර පෑදුණ අත් දෙකයි පළල් උරහිසුයි අතරෙ මට මාව හරි පුංචිවට දැනුණා....

එයා නාලා...අතනත් වතුරෙ පැනගෙන ඉඳලා ඇවිත් ආයෙත් නාලා...

කොන්ඩෙත් තාම වතුර බේරෙනවා... සේරටම වඩා ඒ බේරිලා එන වතුර බින්දු පැක් ලයින්ස් ඇඳිලා තියෙන රත්තරන් පාට හම දිගේ කිසි ම කලබලයක් නැතිව පහළට යනවා.. වතුර බින්දුවක් පාරෙ ඇස් අරන් ගිහින් ඒක බඩ මැද්දෙදි ශාලුක ඉණ හරියෙන් තද කරලා ඇඳපු සරමෙ දාරෙන් ඇතුළට යද්දි මම රතුවෙලා අහක බලා ගත්තා...

"මයෙ මැණිකෙට ලැජ්ජ හිතිලද? මූණු පොඩ්ඩ රතු කරන් ආක බලන්ඩ තියා ගත්තෙ?"

"එපා ශාලුක!"
එයා මාව විහිළුවට ගනිද්දි මම අත මිටි කරලා එයාගෙ උරහිසට ගහලා කියද්දි ශාලුක මගෙ නළලට තොල් තද කළාම මාව පස්සට තල්ලු වුණා...

"ශා-"

"ශිශ්....ලස්සනයි...මගෙ සූරියකාන්ත මල වචනෙන් කියන්න ලෝභ හිතෙන තරමට ලස්සනයි..."
එයා එක අතක් මගෙ ඉණ වටේ තද කරලා මාව ඇඟට හිර කරගෙන අනිත් අතින් මගෙ කට වැහුවා...

එයාගෙ අතට මගෙ මූණෙන් බාගයක් ම වැහෙනවා... අසාධාරණයි!!

"මට සමාවෙන්න අක්ෂී...මම ඔයාට ගොඩක් බලන් ඉන්න තිබ්බා...ගොඩක් රිද්දුවා...මම උත්සාහ කරනවා වැරදි හදා ගන්න...මට තව ටික කාලයක් දෙන්න...

මට දැනට කියන්න තියන්නේ...ඒක ආදරේ ද නැද්ද මම දන්නෙ නෑ....ඔයා නැතිව මම ඉඳලා වැඩක් නෑ...

Without you... everything holds an ill feeling Akshi...I hate that blankness..."
එයා එයාගෙ අතින් මගෙ කට වහගෙන ම මගෙ ඇස් දිහා බලාගෙන එහෙම කියලා එයාගෙ අතට උඩින් මගෙ තොල් උඩ තොල් තිබ්බා...

"හිනාවෙලා ඉන්න...ඔයා හිනාවෙද්දි තමයි ලස්සනම අක්ෂී...ඔය ඇස් අඬවන්න එපා..."
එයා මගෙ කොණ්ඩෙ පස්සට කරලා හදලා මාව අත් දෙකෙන් ම තුරුල් කරගත්තා...

හුස්මක් දුරින්...Where stories live. Discover now