♥️Ep.3♥️

2.7K 411 14
                                    

මම ගෙදර යන්න ආපහු හැරුනා .
අනේ දෙවියනි.... මේ කොහෙද? මහ මූසල පාළු පාරක් ඒක ,මට මොකුත් හිතා ගන්න බැරි වුනා හැම තැනම බැලුවත් පේන්න තියෙන්නේ කළුවර විතරයි.මම ටික ටික ඉස්සරහට ගියා.මම phone එක අතට ගත්තෙත් map එකෙන් location බලන්න කියලා. ඒකෙත් charge බැහැලා නේලාට කතා කරන්න විදියකුත් නැ. මම කළුවර මැද්දේ තනි වෙලා.මම අර මෝඩ මනුස්සයට බැන බැන ඉස්සරහට ගියා.එක පාරම කවුද කෙනෙක් මගේ පිටට අත තිබ්බා.මම එතන දෙවනත් කරලා කෑ ගැහුවා.පාළු පාරක් නිසා එක කාටත් ඇහුනේ නැ.සිලිදු අතකින් මගේ කට තද කරලා වහ ගත්තා කෑ ගහන්න බැරි වෙන්න.

ඒයි කෙල්ලේ මොකද කෑ ගහන්නේ මැරුම් කන්න ඕන වෙලාද?

ඒ ........ කටහඩ. මට ගොඩක් හුරු පුරුදු කෙනෙක්ගේ කියලා හිතුනා.එක පාරම පිටි පස්සේ හිටපු කෙනා මහ හයියෙන් හිනා වෙන්න ගත්තා.

මොකද නිශූ හොදටම බය වෙලා ඔයාව ගොඩක් සීතල වෙලා.

මම එක පාර පිටි පස්ස බැලුවා .එතන හිටන් හිටියේ මගේ මෝඩ යාළුවා නේලා.එවෙලෙ නම් මට නේලා එක්ක ගොඩක් තරහ ගියා .
"මේක විහිලුවක් ද?....දැන් සතුටුයිද?....අනේ නේලා ඇයි ඔයාට තේරුනේ නැත්තේ මම බය වෙලා ඉන්නේ කියලා.ඒ අස්සේ මේ වගේ විහිලු කරනවා"

Sorry නිශූ මම ඒක හිතලා නෙවෙයි කරේ ...මම විහිලුවක් කරන්න ගියේ මම හිතුවේ නෑ ඔයා කොයි තත්වෙකද ඉන්නේ කියලා

It's ok ඔයා කොහොමද දැන ගත්තේ මම මෙතන කියලා.

මම ඇත්තටම දැනන් හිටියේ නැ මම හිතුවේ ඔයා ගිහින් කියලා .ඒත් කවුද මන්දා black jacket එකකුයි mask එකකුයි දා ගත්ත මනුස්සයෙක් මම එනකොට හම්බුනා.එයා තමයි මට කිව්වේ

මොකක් ? මේ මනුස්සයා මාර කෙනෙක් නේ .එයා ඔයාට නම කිව්වාද?

නැ , කිව්වේ නැ මම ඇහුවා ඊළග පාර හම්බුනාම කියන්නම් කිව්වා.ඇයි ඔයා එයාව දන්නවාද?

ඔව් මම දන්නවා.ඒත් මම එයා කවුද කියලා දන්නේ නැ.මම නම ඇහුවත් ඕකම තමා කිව්වේ .

හරි..හරි ...ඕක අමතක කරන්න ගෙදර යමු අපි ,දැන් ගොඩක් රෑ වෙලා.

*********************************************
නිශූ මම නා ගෙන එන්නම්.

හරි ඔයා වැඩේ කරන් එන්න.හෝ...හෝ .... පොඩ්ඩක් ඉන්න.

ඒ පාර ඇයි?

ඇත්තටම අර මිනිහා කවුද?

අප්පෝ ඔයා ඒ ගැන තාම හිතනවාද?ඕක අමතක කරලා දාන්න දැන්වත් ok.

මම නිදියන්න ඇදට ගියත් මුළු රෑ පුරාම මම මේ මනුස්සයා කවුද කියලා කල්පනා කරේ .මමවත් දන්නේ නෑ මට නින්ද ගියේ කොයි වෙලේද කියලා

*. *. *. *. *. *.


නිශු ඔයා අද යන්නේ නැද්ද university ?දැන් වෙලාව දන්නවාද ? හතටත් කිට්ටුයි.

මොකක් හතයි? මම ඉක්මනින් නැගිට්ටා ඇදෙන් බැහැලා ගියේ ඔරලෝසුව බලන්න .මේ නේලා කෙල්ල ආයේ විහිලු කරලා.තාම හයටත් නැ.මම නේලාට බැන බැනම ගියා bathroom එකට.මම wash එකක් දාගෙන එලියට එනකොට නේලා ඒක පාර කෑ ගැහුවා. ඇත්තටම ඔයාට පිස්සුද? කව්ද bell එක ගැහුවේ.

ඔයා දන්නවාද මගේ අතේ මේ මොකද්ද තියෙන්නේ කියලා.අර එදා මට shopping center එක ළග හම්බුන නූනාව(මෙතන නූනා කියන්නෙ අක්කා නෙවෙයි. එයාගේ නම ) මතකද එයා තමයි මේක එවලා තියෙන්නේ.

එයාගේ අතේ තිබුනේ දිග envelope එකක්. ඔව් ඇයි මට මතක නැත්තේ අර එයා නිසා නේද මාවත් දාලා යන්න ගියේ.මම නේලාට එරෙව්වා.

ඒක අමතක කරන්න .මේක තමයි දැන් වැදගත් දේ නුනාගේ university project එක හරි ගිහින් ඒ නිසා මේක gift එකක් අපිට.

ඉතින් ඕක අගය කරන්නේ නැතුව කියන්නකෝ..

දන්නවාද මේ සතියේ සිකුරාදා live concert එකක් තියනවා ලු. B.T.S ලාගේ .ඒකට අපි දෙන්නට යන්න tickets දෙකක් තියනවා.

මොකක් ...බොරු නේද ඔය කියන්නේ.කෝ බලන්න මට දෙන්න.

මේ තියෙන්නේ ...

අනේ... තව දවසයි තියෙන්නේ.අපි අදින්නේ මොකද්ද?

එහෙනම් අද අපි university ගිහින් ඇවිත් යමු shopping කරන්න .

ඒක හොදයි.
මේ අපිට හම්බුන පළවෙනි අවස්ථාව live concert එකක් බලන්න.ඉතින් ඒ අවස්ථාව mis කරන් බෑ නේ . අපි university එක ඉවර වෙලා bank එකට ගිහින් සල්ලි අරන් එහෙමම අපි ගියේ shopping කරන්න.ගිහින් එනකොට ගොඩක් රෑ වුන නිසා අපි කෑම ළග කඩේකින් අරන් ආවා. ඒක කාලා අපි නිදා ගන්න ගියා.
********************************************

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now