♥️Ep.35♥️

1.7K 309 40
                                    

Neela-දැන් අඩන එක නවත්තපන් මට කියහන් මොකද්ද වුනේ කියලා. ඇකි කුකි අඩන් ගියේ.

Nishu - කුකි ඇඩුවා. මම පුදුමයෙන් නේලා දිහා බැලුවේ ප්‍රශ්න දාහක් ඔළුවේ තියන්. ඒත් මට කුකි ඇඩුවා කියද්දි දැනුනේ කඩු ගොඩක සෙරෙප්පු නැතිව ඇවිදිනවා වගේ හැගිමක්.

Neela- ඔව් කුකි අඩන් එලියට ගිය නිසා තමා මට බය හිතිලා ඔයා ලගට ආවේ දැන් මට විස්තරේ කියපන්.

Nishu- අමාරුවෙන් කදුළු ඇස් යට හංග ගත්ත මම කතාව නේලාට කියන්න ගත්තා. විනාඩි දහයක විතර මගේ කතාවෙන් පස්සේ මුළු කාමරේ පුරාම තිබුනේ නිශ්ශබ්දතාවටක් විතරයි. බිමට පහත් කරන් ඉන්න මම දිහා නේලා බලන් ඉන්න විදිය මහ ඇස් කොනෙන් දැක්කත් එයාගේ බැල්මේ තිබුනේ හිස් බවක් විතරයි.

Neela- මට ඇත්ත කියපන් උඹ කුකිට ආදරෙයිද?

Nishu-තවත් මට බොරු නොකියා ඇත්ත කියපන්. යකෝ උඹේ ඔය මගුල නිශ්ශබ්දතාවය මගේ යකා තවත් අවුස්සනවා. මම කෑ ගහලා කිව්වේ නිශූගෙන් බලාපොරොත්තු වුන කිසිම උත්තරයක් නොලැබුන නිසා. ඒත් එක්කම මෙච්චර වෙලා ඇස් යට හංගන් හිටිය කදුළු අලුත් වෙලා නිශූගේ ඇස් වලින් ගලන් ගියේ කිසිම අනුකම්පාවක් නැතුව. නිශූව ඇදලා අරන් උරහිස්සට හේත්තු කර ගත්ත මං ඇති වෙනකම් අඩන්න දිලා නිහඩ වුනේ. පැය බාගෙක ඇඩිමට නැවතිමේ තිත තියලා නිශූ ආයෙත් කතා කරන්න ගත්තා.

Nishu- මම හිතන්නේ මම කුකිට ආදරෙයි නේලා. ඒත් එයා දැනටමත් වෙන කෙනෙක්ගේ මම කොහොමද මේක දරා ගන්නේ. කුකි මේක මට කලින් කිව්වා නම් මම එයාට කවදාවත් ලන් වෙන්නේ නැ.

Neela- හිත ගලක් කර ගනින් නිශූ. උඹට කවුරු නැති වුනත් මම ඉන්නවා. උඹට මාව විශ්වාසයි නේද? නිශූ එක්ක කතා කරලා ඉවර වෙලා. නිශූට නිදියන්න කොට්ටේ හදලා දුන්නා. කොට්ටෙට බර වුන නිශූ ඇස් දෙක පියා ගත්තේ නපුරු රකුසෙකට බය වුන ලමයෙක් ඇස් පියා ගන්නවා වගේ. නිශූගේ හෙම්බත් වෙලා තිය මුන දැක්කම මට දැනුනේ දරා ගන්න බැරි වේදනාවක් වලේම අනුකම්පාවක් මොකද මට නිශූව හම්බුනේ දැනට අවුරුදු හතරකට කලින් ඒ කාලේ ඉදලා අද වෙනකම් නිශූ මේ විදියට විදවලා නැ. එයා හැහදාම කරේ විදවන මිනිස්සුන්ට පවා හිනාවක් ගෙනාව එක. ඒත් අද එයා කාටත් වඩා විදවනවා. මේ හැමදෙයක්ම මතක් කරන මගේ ඇස් වලටත් කදුලක් ආවේ නිරායාසයෙන්මයි.නිශූට නින්ද යනකම් ඔළුව අතගාපු මම ටික වේලාවක් මේ ප්‍රශ්නේ ගැන හිතලා කාමරේට ගියා.

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Место, где живут истории. Откройте их для себя