♥️Ep.08♥️

2.1K 374 22
                                    

ඒ මම හිතපු කෙනා නෙවෙයි මගේ පිටට අත තියලා තියෙන්නේ. ඒ නේලා.

මොකද නිශූ මේ දවස් වල ඔයාට වෙලා තියෙන්නේ. ඔයා දැන් පොඩි දේටත් ලොකුවට කලබල වෙනවා. දැන් ඇයි බය වුනේ මේ සීතල වෙලේ මෙයාට හොදටම දාඩිය දාලා.

එහෙම නැ නේලා මට ඔයාට පොඩි දෙයක් කියන්න තියෙනවා.

මොකද්ද ඉතින්.

ඔයා අද තනියම ගෙදර යනවාද ? මට එන්න වෙලා යනවා .

මොකද ? මොකද ඒ මට බැ තනියම කොහෙවත් ඔයාව අරින්න. යන තැනකට මමත් එනවා.

නේලා.... මේ අහන්න කෝ මට යාළුවෙක් එන්න කිව්වා . එයාගේ යාළුවාගේ birthday එක හෙට ඉතින් එයාව පුදුම කරන්න ඕන නිසා මට කිව්වා එයා එකක් කේක් එකයි party එකට බඩු ගන්නයි යමු කියලා. මට ඉතින් ඔයාව එක්කන් යන්න බැ නේ. Plz නේලා අදට විතරක් යන්න දෙන්න .

මගේ කටට අපු බොරුව පටස් ගාලා කියලා දැම්මා නේලාට සැකයක් නොහිතෙන්න මොකද ඇත්තටම ඊයේ මට සෝයී
කතා කරපු නිසා ඒත් ඒ වෙන වැඩකට.

ඒවුනාට නිශූ ඔයාගේ අම්මා ඊයෙත් මට කතා කරා ඔයාත් ලග හිටියා නේ එයා කිව්වේ ඔයාව තනියම කොහේවත් යවන්න එපා කියලා. ඔයාව ඇරියහම අම්මාට මම මොනාද කියන්නේ.

ඉතින් මම වෙනුවෙන් මේ පාර අම්මාට කියන්නේ නැතුව ඉන්න. මාව බේර ගන්න නේලා.... මම පොඩි එකෙක් වගේ නේලාගේ අතේ එල්ලිලා හුරතල් වෙලා කොහොම හරි අවසරය අරන් එයාව තනියම ගෙදර යවන්න මට පුළුවන් වුනා. මම මේ අභියෝගයෙන් නම් කොහොම හරි දින්නා. ඒත් ඊට පස්සේ ආව අභියෝ ගේ ආවේ මට නම් නෙවෙයි jk ඒත් මට වගේම එයාලාගෙන් බේරිලා මාව හම්බෙන්න එන එක .මම නේලාව ගෙදර යවන්න ඕන නිසා නේලාගේ පස්සෙන් ම මමත් ගියා එයාට taxi එකක් අල්ලලා දෙන්න. මම ගේට්ටුවෙන් එලියට යද්දිම මගේ වෙලාවට එතන taxi එකක් තිබුනා.මම නේලාව taxi එකට නග්ගලා ආයේ concert එක තිබුන තැනට ආවා දැන් පැය බාගයක් වෙනවා ඒත් තාම කවුරුත් එතනට ආවේ නම් නැ. Jk මට විහිළුවක් වත් කරාද ? මම මගෙන් ම ප්‍රශ්න කරා ඒත් නිකමට වත් හිතුවේ නැ එයත් මම වගේම මාව හම්බෙන්න කට්ටක් කනවා කියලා.

__. __. __. __. __. __. __.

ජින් හ්යොං පොඩ්ඩක් එන්න කෝ.

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now