♥️Ep.32♥️

1.6K 304 34
                                    

Nishu- අද ගොඩක් සීතලයි වගේ නේද. ඇයි ජැකට් එකක් ගත්තේ නැත්තේ. මම ඒක ඇහුවේ කුකි බයික් එක ගේට් එකෙන් පාරට දාද්දිමයි.

Jk- මට ඒක අමතක වුනා ඔයාට බැරිද මාව තුරුල් කර ගන්න නැත්තම් අද මාව වෙවුලලා මැරෙයි.

Nishu- අප්පෝ ඇයි මට බැරි මම කරන්නම්. මම කුකිගේ බඩ වටේ අත දාලා එයාව බදා ගත්තේ එයාට සීතල නොදැනෙන්න ඒත් එයාගේ ඇග අල්ලන් ඉන්න මට දැනුනේ කුකි ලග උනුහුමක් එයාගේ උනුහුමට වහ වැටුන මම එයාගේ පිටට මගේ ඔළුව තියා ගත්තේ කුකිව තවත් තද කරලා අල්ල ගන්න ගමන්. ගේ ගාවට එනකම් වත් මට දැනුනේ නැත්තේ කුකිගේ උනුහුමට මම ඒ තරම් ඇබ්බැහි වුන නිසා. ඒත් සැරින් සැරේ හිතට එන යන ටේ ඔප්පා නිසා මට දැනුනේ මම කුකිට ද්‍රෝහි වුනා වගේ හැගිමක්. ඒ අතරින් කුකිගේ මූන දිහා බලන ගානේ ඒ හැගිමත් එක්ක මට දැනෙන්නේ පන පිටින් ඉද්දි හදවතට පිහියෙන් අනිනවා වගේ හැගීමක්. මම ඒ හැගීම් එක්ක මොහොතකට තනි වෙලා ඉද්දි මම පියවි සිහියට ආවේ කුකිගේ කටහඩට. ඒ කටහඩේ මහ පුරුදුමාකාර සෙනහසත් තිබුනා ඒත් කවදාවත් මම දැනන් හිටියේ නැ ඒ සෙනෙහස දවසක වෛරයකට පෙරලෙනවා කියලා. එහෙම වුනා නම් අදටත් මම කුකිගේ ඉස්සරහ සැගවුන රහසක් වෙන්න ගියා ඒත් දෛවය කියන්නේ මහ පුදුමාකාර දෙයක් ලස්සන චිත්‍රය අස්සේ තියන දුක කාටත් පේන්නේ නැ වගේ මගේ කතාවේ තිබුන ආදරක කාටත් පෙන්නන් අවස්ථාවක් ලැබෙන්නේ නැ. ඒ උනුහුමට ඒ සෙනහසට ඒ ආරක්ෂාවට මම ගොඩක් ආදරය කරා ඒත් ඒක මමවත් දැනන් හිටියේ නැ.

--------------------------
-three months later-
Nishu- දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාසය ගෙවිලා නොදැනිම මාස තුනකුත් ගෙවිලා හමාරයි. මේ අතර මගෙයි කුකිගෙයි යාළුකම තවත් ශක්තිමත් වෙලා තිබුනා. කුකි සතියට දවස් දෙකක් අපේ ගෙදර ඒ කියන්නේ මම නැවතිලා ඉන්න නේවාසිකාගාරයට ආවා. ඒ අතර මම වගේම නේලාත් මේ වෙන කොට bts ලාගේ ලගම යාළුවෝ වෙලා හිටියා. මමත් නිතරම කුකිවයි අනිත් අයවයි බලන්න එහෙට ගියා. ඒත් එක මොහොතක වත් ටේ ඔප්පා මගේ ඉස්සරහට ආවේ නැ. මාව මුන ගැහෙන හැම වෙලාවෙම ටේ ඔප්පා කරේ මාව මග ඇරලා ගිය එක. ඒත් මටත් නොදැනිම තව දෙයක් වුනා. අපේ යාළුකම ශක්තිමත් වෙද්දි මටත් හොරෙන් කුකිට මම ආදරේ කරන්න පටන් ගත්තා. මගේ ලෙඩක් දුකකදි වගේම කුකිගේ ලෙඩ දුකෙදිත් එයයි මායි උදව් කර ගත්තා. සතියට එකපාරක් මමයි නේලායි කුකියි ජිමිනුයි එලියට යන්න පුරුදු වුනා. කුකිගේ හැම කොන්සට් එකක්ම බලන්න මමයි නේලායි ගියා. ඒ යන හැම වෙලාවකම කුකි අපි වෙනුවෙන් එයාලාගේ ස්ටේජ් එක ලගම අසුන් අපි වෙනුවෙන් ලෑස්ති කරලා තිබුනා. ඒත් එතන නොහිතපු දෙයක් වුනා. කොන්සට් එක දවසෙ උදේ මම කුකිගේ ගෙදරට ගියේ අද ගෙනියන්න තියන බඩු මොනවා හරි තියෙනවාද කියලා බලන්න. ඒ වෙනකොටත් කොන්සට් එකට ඕන බඩු ඔක්කොම එයාලාගේ කට්ටිය ලෑස්ති කරලා තිබුන නිසා මම ආපහු ගෙදර ආවේ නිදහසෙන් මම ගෙදර ඇවිත් ඊයේ shopping ගිහින් මමයි නේලායි ගත්ත dress දෙකත් ඇදන් ඩ්‍රෙසින් ටේබල් එක ලගට ගියේ මේකප් දා ගන්න කියලා හිතාගෙන.
(නිශූගේ dress එකර)

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now