♥️Ep.07♥️

2.1K 369 18
                                    

මට එකපාර පිටි පස්සෙන් ආවා නහයට හුරු පුරුදු සුවදක් හැබැයි ඒක දැනුනෙත් මගේ ලගින්මයි . මම jacket එකේ සුවද බැලුවා නේලා කිව්වා වගේම ඒක ගොඩක් සුවද perfume එකක් ඒත් ඒ සුවදම ගොඩක් ලගින් මගේ පිටිපස්සෙන් එන්නේ කොහොමද? එකපාර පිටි පස්සේ හිටපු කට්ටිය මහ හයියෙන් කෑ ගහන්න ගත්තා.මම මොකද්ද කියලා බලන්න පිටි පස්ස හැරුනා . අනේ දෙවියනි මෙච්චර වෙලා මගේ ඇස් හොයපු කෙනා දැන් මගේ ඉස්සරහ . ඒ Jeon jungkook දෙවියනි මේ හීනයක්ද ? වෙන කිසි කෙනෙක්ට jk ගේ ලගට එන්න දෙන්නේ නැතුව රවුමට අත් අල්ලන් security ලා හිටන් හිටියා කිසි කෙනෙක්ට එන්න බැරි වෙන්න. ඒත් ඒ රවුම මැද හිටන් හිටියේ මමයි jk යි විතරයි . Jk අඩියෙන් අඩිය මගේ ඉස්සරහට එද්දි මම වෙන ලෝකයක තනි වුනේ මම මෙයාව දැකලා හිනා වෙනවාද අඩනවාද කියලා හිතා ගන්න බැරිව. හීන සාගරය ගිලුන මම ආපහු පියවි සිහියට ආවේ jk මම ලගට ඇවිත් මගේ නම කියලා මට කතා කරහම. මෙයා කොහොමද මගේ නම දන්නේ .

Are you nishu?

මම jk දිහා ටික වෙලාවක් බලන් හිටියා . වචන පැටලෙන මගේ කටින් මම හිමින් ඔව් ඒ මම කියද්දි jk ගේ කට කොනේ හිනාවක් රැදුනා.

මම හිතන්නේ ඔයාට මාව තාම අදුර ගන්න බැරි වුනා.

මම ඔයාව දන්නවා .මොකද ඔයා ලෝකයක් දන්න pop star කෙනෙක් ඉතින් මම කොහොමද ඔයාව නොදැන ඉන්නේ.

නැ මම මීට කලින් ඔයාට මාව හම්බුනා .ඒත් මතක නැ.

Jk ටිකින් ටික මගේ ලගට එද්දි ඒ මහ concert එක මැද තනිවෙලා හිටපු මම බැලුවේ අනිත් අය දිහා ඒ අය මාව අහුවුනොත් නම් මරනවා කියන තරහ පිරුනු ඇස් වලින් මම දිහා බලන් හිටියා. මම ඊට පස්සේ බැලුවේ නම් stage එක උඩ BTS එකේ අනිත් members ලා හය දෙනා මේ වෙන්නේ මොකද්ද කියලා බලන් ඉන්නවා. අඩුම තරමේ මමවත් දන්නේ නැ මේ මොකද්ද වෙන්නේ කියලා. මුළු concert එක පුරාම නිශ්ශබ්දයි . Jk මගේ ලගට ඇවිත් මගේ මූනට බර වුනා මම එයාගේ ඇස් වලින් බේරෙන්න පිටි පස්සට බර වුනා මම නැමුනා වැඩිකමට මාව වැටෙන්න යනකොට jk මගේ ඉන වටේ අත දාලා මාව අල්ල ගත්තා. මාව වැටෙන්න ගිය නිසා මම ඇස් දෙක වහගෙන jk ගේ shirt එක අල්ල ගත්තා . අපි දිහා බලන් හිටිය ඔක්කෝගේම කටින් පිට වුනේ මහ හයියෙන් හීල්ලිල්ලක්. මම ඇස් ඇරියේ jk මට කියපු දෙයින් පස්සේ.

ඔයාව වැටුනේ නැ මම අල්ල ගත්තා දැන් ඇස් අරින්න.

මම ඒක අහලා ටිකින් ටික ඇස් අරිද්දි මම දැක්කේ jk මම දිහා බලන් හිනා වෙන විදිය ඒත් ඒ හිනාවේ කිසිම ලැජ්ජා කිරිමේ අදහසක් ගෑවිලා වත් තිබුනේ නැ. කට්ටිය අපි දිහා බලන් ඉන්නවා ඇස් කොනින් පෙනුන නිසා මම ඉක්මනින්ම jk ව අත ඇරලා අයින් වුනා. මම තල්ලු කරපු නිසා jk ව අඩියක් විතර පස්සට ගියා. ඒ වෙලාවේ තමා එයාත් වට පිට බැලුවේ . ඔක්කොම අපි දිහා බලන් ඉන්නවා දැක්ක එයා මගේ කනට ලං වෙලා මට රහසක් කිව්වා.

Concert එක ඉවර වෙලා පොඩ්ඩක් ඉන්න පුළුවන්ද?

නිශූ මේ ඔයා දකින්නේ හීනයක්ද? මම මගෙන්ම ප්‍රශ්න කරා . දෙපාරක් නොහිතාම මගේ කටින් ok කියලා කිය වුනා.

Jk මට හිනා වෙලා . ආයේ සිංදුව පටන් ගන්න ගමන් security එකෙන් පැහැදිලි කරපු පාර දිගේ ගිහින් stage එකට නැග්ගා. මම වටපිට බැලුවේ නේලා එහෙම ලග පාග ඉන්නවාද කියලා බලන්න . ඒත් මේ කිසි දෙයක් බලන්න නේලා ලග ඉදලා නැ. එයා eyage university project එක ගැන කතා කරන්න ඕන නිසා එයා call එකක් අරන් එලියට ගිහින්.නේලා phone එක සිහියෙන්ම මම ගාවට ආවා.

නිශූ මෙතන මොකද වුනේ ඇයි මේ ඔක්කෝම ඔයා දිහා කන්න වගේ තරහකින් බලන් ඉන්නේ .

ගෙදර ගිහින්ම මේ දේ කියනවා කියලා හිතපු නිසා මම මොකුත් නැ කියලා නේලාව ශේප් කරා.

Time passed

Concert එකත් ඉවරයි . දැන් තියන අභියෝගේ නේලාව කොහොම හරි ගෙදර යවලා jk ව හම්බෙන්න යන එක.මේ ගැන හිත හිත ඉන්න කොට මම ගැස්සුනේ පිටිස්සෙන් ඇවිත් තියපු අත jk ගේ කියලා හිතපු නිසා. මම ටග් ගාලා ඒ පැත්ත හැරුනේ jk ව නේලා මේ විදියට දැක්කොත් මට මොනා කරයිද කියලා හිතලා.

*******************************************

කවුදේ මේ පිටිපස්සෙන් අත තිබුබේ.

ඊයේ episode දාන්න බැරි වුනාට sorry 🥺🥺
ඔයාලා කවුරු කියලාද හිතන්නේ. 🤔🤔
මම හෙට ඉතිරි episode එක හෙට දාන්නම්😊 😊
මොකද කියන්නේ episode එක හෙට ඉදන් දික් කරන්නද?😌😌
අදහස් කියන් vote කරන්න ♥️♥️

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now