♥️Ep.5♥️

2.3K 396 12
                                    

නේලායි මමයි concert එක ගාවට එනකම්වත් වචනයක් කතා කරේ නැ. දෙන්නාම මේ අභිරහස මැද්දේ අතරමං වෙලා. අග ඉදන් මුලට ගියත් මුල ඉදන් අගට ගියත් තියෙන්නේ පැටලිල්ලක් විතරයි. එකපාරම car එකේ බ්‍රේක් එක ගැහුවා. ඉස්සරහට ගිහින් පස්සට ආවාහම තමයි මම පියවි සිහියට ආවේ. ඇයි මොකද වුනේ.... මම driver ගෙන් ඇහුවා.

නැ මැඩම් එකපාර කවුද මනුස්සයෙක් පාර පැන්නා.

පරිස්සමින් drive කරන්න අපිට හදිස්සි නැ.

Sorry madam ඒක මගේ වැරැද්ද.

නැ ඒක ඔයාගේ වරදක් නෙවෙයි. කලබල වෙන්න එපා.

Thank you madam මම පරිස්සම් වෙන්නම්.

මම හිනා වෙලා ඔළුව වනලා ආයේ ශීට් එකේ පස්සට ඇවිත් වාඩිවෙලා ඔළුව ජනේලයට හේත්තු කරා .මට නේලාගේ සද්දයක් නැති නිසා මම නේලා දිහා බැලුවා නේලාට නින්ද ගිහින් මම ආයේ driver ට කතා කරා." තව කොච්චර වෙලා යයිද ? අපිට යන්න"

තව විනාඩි පහක් යනකොට අපිට යන්න පුළුවන්.

Thank you ඔයාට .ඔයාගේ නම මොකක්ද?මම තාම දන්නේ නැ ඔයාගේ නම මොකද්ද කියලා.

මම ජන්සුක් ....ඔන්න අපි ආවා.

මම නේලාවත් ඉක්මනින් නැගිට්ටවලා .car එකෙන් බැස්සා.බැහැලා මම ඉස්සරහා ජනේලේ ගාවට ගිහින් තට්ටු කරා . Driver ජනේලය පහත් කරා ."ඔයා කරපු උදව්වට ස්තූතියි ජන්සුක් මහත්තයා" මම හිනා වෙලා ඒක කියලා යන්න හැරුනත් මම ආයේ car එක ගාවට ආවා.. යන්න ගිය වාහනේ මාව දැකලා ආයේ නැවැත්තුවා.

ඇයි මැඩම් මොනා හරි අමතක වුනාද?

අනේ නැ......ඔයාගේ පුංචි මහත්තයා කවුරු උනත් එයාට ස්තූතියි කරා කියලා කියන්න.

ඒක මැඩම්ටම පුංචි මහත්තයට කියන්න හම්බ වෙයි.

මෙන්න ඒ පාර තවත් ප්‍රහේලිකාවක් .......
එන්න එන්නම අවුල් ජාලාවක් වෙන ප්‍රශ්නෙට කවදා විසදුම් තියෙයිද?

නිශූ .....ඔයාට විශ්වාස කරන්න පුළුවන් ද මේක අපි ඉන්නේ BTS concert එකක් ලග කියලා.

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now