♥️Ep.04♥️

2.4K 390 13
                                    

බලාපොරොත්තු වුන දවස උදා වුනා.නේලටයි මටයි ඉවසිමක් නෑ යනකම්.උදෙන්ම අපි ගියේ salon එකට. එතන ඉදලා අපි ගියා එතනම අලුතින් opne කරපු shop එකකට .අම්මෝ...අලුත් වුනාට මේකේ ලොකු.

නිශූ මේකේ ලොකු බලන්නකෝ ...

එකනේ මමත් දැන් හිතුවා විතරයි.(එතන ලග සිටි කාන්තාවන් දෙදෙනෙකු ගේ කතා බහක් නිශූ ඇසුනි.)

ඔයා දන්නවාද දෙයක් මේ shop එක ගැන.

ඒ මොකක්ද ?

මේ shop එක හදන්න උදව් කරලා තියෙන්නේ අපේ රටේ ප්‍රසිද්ධ pop star කෙනෙක් ලු.

අප්පේ එහෙමද අනේ කවුද ඒ තරම් උදව් කරන්න තරම් පරිත්‍යාගි pop star .

මට අපේ පුතා නම කිව්වා.ඉන්න පොඩ්ඩක්.හරි jk නේ නම.

මොකක් එහෙමද? මටත් ආරංචි එයා ගොඩක් ලොකු සල්ලිකාරයෙක් කියලා. ඒත් මම හිතුවේ නැ එයා මේ තරම් හොද කෙනෙක් කියලා.

නිශූ.....නිශූ........

මට ඇහුනා නේලා මට කතා කරනවා.මම එයා ඉන්න තැනට ගියේ බොහෝම හෙමින් .ඇත්තටම කවුද මේ jk එයා කවුරු වුනත් ගොඩක් පරිත්‍යාගශීලි කෙනෙක් .මම කල්පනා කරේ ඒ ගැන.

අනේ නිශූ තාමත් මොකද මෙතන කරන්නේ.යන්නේ නැද්ද අද?

යනවා.අපි යමු දැන්.නේලා මම ප්‍රශ්නයක් අහන්නද?

ඒ මොකද්ද ? ඔයාට අමුතුවෙන් ප්‍රශ්න අහන්න දෙයක් තියෙනවාද?හැමදාම ඔයා කොහෙන් හරි ප්‍රශ්න ගොඩක් හොයාගෙන නේ එන්නේ.

නෑ...නෑ....පොඩ්ඩක් මම කියන දේ අහන්නකෝ.

හරි කියන්නකෝ බලන්න .

ඇත්තටම කවුද jk කියන්නේ.

අප්පෝ ඔයද ප්‍රශ්නේ.හැබැයි මටත් ප්‍රශ්නයක් තියෙනවා ඔයාට කියන්න.

ඒ මොකද්ද?

මම දන්නෙත් නැ ඇත්තටම ඒ කවුද කියලා.

නේලා මට විහිළු කරලා දුවන්න ගත්තා .stop nela මට දුවන්න බෑ. මමත් අමාරුවෙන් එයගේ පස්සෙන් දුවලා ගිහින් එයාව නතරකර ගත්තා.

හරි දැන් අපි මේක නවත්තලා යමු ගෙදර මොකද අපිට ලොකු වැඩක් තියනවා මතක නැද්ද?

මතකයි මතකයි මට ඒක අමතක වෙයිද මට?අපි දෙන්නා කතා කර කර ගෙදර ආවා . ඇවිත් අපි දෙන්නම shopping කරන්න ගිහින් ගත්ත ඇදුම් ඇගෙන දෙන්නම taxi එකක් අල්ල ගන්න හිතන් ගියා පැයක් තිස්සේ එතන හිටියත් කිසිම taxi එකක් හම්බුනේ නැ.මගෙයි නේලාගෙයි ඉස්සරහ block color car එකක් නැවැත්තුවා.ඒක ඇතුලේ මුරකාරයො අදින uniform එකක් ඇද ගත්ත එච්චර වයසක් නැති පිරිමි කෙනෙක් වාඩි වෙලා හිටියා driver මගෙන් ඇහුවා .

මැඩම් ඔයාලාට කොහේද යන්න ඕන .

අපිට යන්න ඕන bts concert එක තියන තැනට . ඒත් ඔයා taxi driver කෙනෙන් නෙවෙයි නේද?

අපෝ නැ මැඩම් මම ගෙදරක වැඩ කරන කෙනෙක්.

එහෙනම් ඇයි අපිව දාගෙන යන්න නැවැත්තුවේ.

ඒක මම දන්නේ නැ මැඩම් පුංචි මහත්තයා තමයි ඔයාලාට concert එක ගාවින් drop කරන්න කියලා.

ඒත් කවුද ඔයාගේ පුංචි මහත්තයා...

Sorry මැඩම් මහත්තයා කිව්වා ඒක කියන්න එපා කියලා. මාව විශ්වාස කරලා නගින්න මෙන්න මගේ id එක.

ඒ මනුස්සයා මාර මනුස්සයෙන් නේ මගේ අතට id එක දීලා කියනවා විශ්වාස කරන්න ලු.. මළ සමයන් නේ. මම වාහනයට නැග්ගා නැගලා නේලා දිහා බැලුවා.නේලා මම දිහා බලන් ඉන්නවා කන්න වගේ . මේ කෙල්ලට මක් වෙලාද? ඒයි.... කොහේද නතර වුනේ .

නිශූ......මේක ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද?

මොකද්ද ?

අපි යන්නේ දැන්ට තියන ගණන්ම A/C කරපු වාහනේක මේක මහ පුදුමයක් නිකමට හරි හිතුවද ඔයා ජීවිතේ ඒක පාරක් හරි මේ වගේ එකක යන්න පුළුවන් වෙයි කියලා. මට ගහන්න.

මොකක්... ඒ පාර මොකද්ද මේ නටන පිස්සුව.

මේ අනිවාර්යෙන්ම හීනයක්. මොකද අපි ආසම concert එකක් බලන්න මේ වගේ වාහනේක යන්න ලැබුනා.

ඇත්ත නේන්නම් නේලා කියන්නේ මේ ප්‍රහේලිකාව එන්න එන්නම පැටලිලි සහගත වෙනවා . මේ ඔක්කොම එදා shopping කරන්න ගිහින් හම්බුන මනුස්සයා නිසා. එදා නම නොකියා ගියා. මම තාමත් ඒක හොයනවා අද මේක එන්න එන්නම අවුල් ජාලාවක් වෙනවා. ඒත් කවුද මේ ඇත්තටම .........

**********************************************

ඔන්න හිතන්න දෙයක් තියලාම නැවැත්තුවා. ඉළග කොටස ඉක්මනින් දෙන්නම්

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now