♥️Ep.17♥️

1.7K 352 10
                                    

Author- කුකි කාර් එකේ යතුරත් අරන් පාර්ක් එකෙන් එලියට ආවා.එලියට ඇවිත් කුකි එයාලාගේ ගේ දිහා බැලුවේ වෙනදාට ගෙදර තියන ලස්සන පෙනුම අද නැති නිසා මොකද මුළු ගෙදරම අද කරුවල වෙලා ගෙදර එක ලයිට් එකක් වත් අද දාලා නැ. හිතට දුනුන බයත් එක්කම කුකි හිමින් ඇවිදන් ගියේ තමාටම මොනාද කියා ගන්න ගමන්.

Jk- අම්මෝ අපේ ගේ මෙච්චර හොල්මන් පාටද අප්පා රෑට. ඒත් එක්කම මම දැක්කේ මම නිදියන උඩ කාමරේ ගාව අත්තක් වැනෙනවා. අප්පා මේ තියෙන්නේ මාව හැමදාම බය කරන එක කී දවසක් මම හියොන්ලා ගාවට නිදි යන්න ගිහින් එයාලා විහිළු කරාද ? එලියෙ ඉදන් බලද්දි නේ මේ ඔක්කොම පේන්නේ. දවසක මම හියොන්ලාවත් එක්කන් ඇවිත් පෙන්නන්න ඕන මේ හොල්මන් බංගලාව. ආව්......... අම්මෝ මේක නම් හොදයි හොල්මන් චිත්‍රපටියක් හදන්න. මම ගේ අස්සට ගියා ගියත් මට පුදුම හිතුනේ මම එලියේ ඉන්නවා දැන දැනම ජිමිනා ලයිට් එකක්වත් දාන්නේ නැතුව ගිහින් නිදාගෙනද කියලා හිතට ආපු ප්‍රශ්නේ නිසා. මම ගිහින් දොර අරින්න අත තිබුබා ඒ අත තියද්දි ම දොර ඇරුනා මේ සිද්දි එකින් එක පෙල ගස්සද්දි මාර විදියට සෙට් වෙන හොල්මන් චිත්‍රපටියක් වගේ. දැන් නම් මගේ ඇගෙත් අකුනු දුවනවා වගේ හීනියට බයකුත් එනවා අප්පා කමක් නැ ඔහේ අස්සට යනවා. මොනා හරි වුනොත් කෑගහන්න බැරියෑ. මම දොරත් ඇරන් ඇතුලට ගියා.

කුකී.......

Jk- මගේ අම්මේ කවුද ඒ. කවුද ක....ක.... කවුද ඔතන ඉන්නේ. හියොන්ලා නම් මාව බය කරන්නේ ඔයාලා දන්නවා මම බයයි කියලා.

කුකී........

Jk - මට දැන් හීනියට වගේ පොඩි බයකුත් දැනෙනවා. ඒක් මට මේ කවුද කියලා බලන්නත් ඕන. මම කරුවලේම ලයිට් එකේ ස්විච් එක හොයන්න බිත්තිය අත පත ගෑවා. ලයිට් එක දාපු ගමන් මම දැක්කේ ඉස්සරහ දොර පැත්තට මුහුනලා තිබුන පුටුවේ කෙනෙක් ඉදන් හිටියා. මම මොකුත් නොකියා එතනින් මාරු වෙන්න හිතාගෙන පඩිපෙල ගාවට ගියා මොකද මම දැනන් හිටියා කරදරයක් අත ලග කියලා.

කුකි පොඩ්ඩක් නවතිනවා. ඔය මහත්තයා ඔයාට ගොඩක් මහන්සි වගේ නේද?

Jk - ජි....ජි.....ජින් හියෝන් ඔයා නිදි නැද්ද?

Jin- නිදියන්න තිබුනා හරියටම 12.00 ආවා නම්. දැන් වෙලාව කීයද කියලා දන්නවාද?

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now