♥️Ep.33♥️

1.6K 299 27
                                    

Nishu- දැකපු දේ නිසා හදවත කඩන් යන හැගිමත් එක්ක මම කෙලින්ම දුවන් ගියේ මේන් ගේට් එක ලගට කොන්සට් එක බලන්න ආව කියන එකත් අමතක කරලා මම ගියේ කෙලින්ම මගේ නේවාසිකාගාරය. මම දැනන් හිටියා කොන්සට් එක අස්සේ කුකි කොහොමත් මගේ පස්සෙන් එන්නේ නැ කියලා. හිතට දැනන ආවේගෙට මම දෙතුන් පාරක් දොරට යතුර දාලා අරින්න හැදුවත් ඒක මට කරන්න බැරි වුනේ හිතේ වේදනාව ඒ තරම් දරුනු නිසා. ඒත් එක්කම කුකි ලග හිටපු කෙල්ලව මතක් වුනාම මට ආවේ තරහක්. යතුරත් බිම වැටුන නිසාඅන්තිම මට තිබුන කේන්ත්ය පිට කරේ බිම වැටුන යතුර අරන් ඈතට විසි කරන ගමන්. "මොන මගුලක් ද මේ" ඒත් එක දිගට ගලා ගෙන යන මගේ කදුළු මටවත් පාලනය කර ගන්න බැරි වුනේ. ඒවා මටත් හොරෙන් ගලන් යන නිසා. දුර දිගෙ රූටලා ගිහින් ඔළුව දනහිස් අස්සේ ගහන් අඩන්න ගත්තේ මගේ දුක කේන්තිය දෙකම නිවෙනකම්. ඒත් මගේ හදවත දැන් කෑලි කෑලි වලට කැඩිලා ගියා වගේම කුකි ගැන තිබුන විශ්වාසෙත් කැලි කැලි වලට කැඩිලා ගියා. ඔළුව ඉස්සුව මම ආය ගිහින් විසි කරපු යතුර හොයන්න ගත්තා. බෙන්ච් එක ලග වැටිලා තිබුන යතුරත් අහුලන් දෙතුන් පාරක උත්සහයෙන් පස්සේ අන්තිමට මම දොර ඇර ගත්තා. ගේ ඇතුලට ගිහින් කන් දෙදරලා යන සද්දේ දොර වහපු මම දොර ලග ඉදන් අඩන් ගත්තේ තවත් දුක හිර කරන් ඉවසන් ඉන්න බැරි නිසාමයි. ඒත් එක්කම නේලාගෙන් ආපු කෝල් එකෙන් තමා මතක් වුනේ නේලාව මම එතන තනියම දාලා ආවා කියලා. දෙපාරක් නොහිත පොන් එක answer කරපු මම කදුළු හංගන් කතා කරේ කිසිම දෙයක් නොවුන ගානට.

Neela- කොහෙද බන් ඉන්නේ මම කොච්චර වෙලා ඉදන්නද බලන් ඉන්නේ. උඹ ගියේ කුකි හම්බෙන්න නේද? කුකිත් ඇහුවා උඹ කෝ කියලා. මොකක් හරි ප්‍රශ්නයක් ද බන්. කතා කරපන් මට බය හිතෙනවා ඇයි ඔය විදියට ඉන්නේ මට කියපන්.

Nishu- මියානේ.... ඉකි ගැසුම් අතරින් මම කිව්වාත් ඊට වඩා මගේ ඉකි ගැසුම් ඉස්සර වුනා.

Neela- මොකද වුනේ බන් උඹ අඩනවාද? මට කියපන් මැනිකේ උඹ කොහෙද ඉන්නේ මාව බය නොකර කියපන් යකෝ මගේ මාරයා අවුස්සන්න එපා. යකෝ කොහේද ඉන්නේ.

Nishu- දිගින් දිගටම නේලා මගෙන් ප්‍රශ්න කරත් මගේ කටින් පිට වුනේ ඉකි ගැසුමක් විතරයි. අමාරුවෙන් කදුළු හංග ගත්ත මම කතා කරන්න පටන් ගත්තා. මියානේ.... නේලා ඔයා කොන්සට් එක ඉවර වෙලා එන්න මම ගෙදර ඉන්නේ මගේ ඔළුව රිදෙනවා ඒකයි මේ අද සීතලයි එක්කනේ තවත් ඔතන හිටියොත් ම ට අමාරුවෙයි. ඒ නිසා මම ගෙදර ආවා. ඔයා ඕක ඉවර වෙලා එන්න.

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Wo Geschichten leben. Entdecke jetzt