♥️Ep.6♥️

2.2K 390 12
                                    

අනේ දෙවියනි. ඔයාට කරදරයක් නැ නේද?

නේලා මගේ ලගට ඇවිත් මාව හතර වටේ කරකවලා බැලුවා මට මොකුත් තුවාලයක් වෙලා නැ නේද කියලා. මට ඒ වෙලේ නම් දෙවියන්ට හිතින් පින් දුන්නා . School කාලේදිවත් මට හොදම යාළුවෙක් කියලා කෙනෙක් හම්බුනේ නැ . මම කොරියන් වලට ආවාට පස්සේ මට යාළුවෙක් විදියට university එකෙන් එකටම හම්බුනේ නේලාව. දැන් එයාට මාවත් මට එයාවත් නැතුව බැරි තරමට දැන් අපි හොද යාළුවෝ වෙලා .

ඒයි ලමයෝ කොහේද අතරමං වුනේ . අපි යමුද ඇතුලට.

හරි අපි යමු . මම නේලාට ඉස්සරහයින් යන්න කියලා මම අවුල් වෙලා තිබුන ඇදුම හද හද පිටි පස්සේන් ගියා . මගේ සද්දයක් නැති නිසාද කොහේද නේලා මම දිහා හැරිලා බැලුවා . එකපාරටම එයා නැවතිලා මගේ මූන දිහා පුදුමයෙන් වගේ බලන් හිටියා.

Stop නිශූ එන්න එපා එක අඩියක් වත් ඉස්සරහට .

What? But why? නේලා අඩියෙන් අඩිය මගේ ඉස්සරහට ආවා . යකෙක් වගේ ඇස් ලොකු කරන් මගේ ලගට එන නේලාව දැක්ක ගමන් මගේ ඇග දිගේ අකුනක් ගැහුවා වගේ හැගීමක් එක්ක බයක් දැනුනා. මම අඩියෙන් අඩිය පස්සට ගියා.

ඔහොම ඉන්න නිශූ.

මම එතනම නැවතුනා එයා මගේ ලගට ඇවිත් අහපු ප්‍රශ්නයට මට දෙන්න හිතුනා නේලාට හොම්බ රිවට් වෙන්න .

මේ jacket එක කාගේද එකෙන් අමුතු සුවදක් එනවා මේක ladies jacket එකක් නෙවෙයි මේකට ගාලා තියන perfume එකත් වෙනස් ඒක ගොඩක් සැරයි.

මට එතකොට තමා හිතුනේ නේලාව හරියන්නේ doctor කෙනෙක්ට නෙවෙයි ෂර්ලොක් හෝම්ස් වගේ රහස් පරීක්ෂකයෙක්ට කියලා. විකාරද ඇත්තටම ආ ... ඔයාට දැන් තියන ලොකුම ප්‍රශ්නේ ඕකද. නේලාගේ ප්‍රශ්න පත්තරේ පලවෙනි ප්‍රශ්නේ විදියට හම්බුනේ මේ ප්‍රශ්නේ මම මේ ප්‍රශ්නෙන් ලිස්සලා යන්න ගියත් නේලා මට වඩා කපටි කියලා තේරුනේ අත් දෙකක් බැදන් මම දිහා බලන් ඉන්නවා දැක්කමයි. මම දත් ටික පෙන්නලා නෝන්ජල් හිනාවක් දැම්මේ මම දිහා නේලා බලන් ඉන්න විදියට මට බය හිතුන නිසා . හරි... හරි.... මම කියන්නම් .

හරි.... දැන් මුලේ ඉදලා කියන්න ගත්තා නම් .

මම වැටුන වෙලේ පිරිමි ලමයෙක් ඇවිත් මාව ඉස්සුවා. ඔයා මගේ ඇගේ වතුර හැළුවා නේ . ඉතින් ඒ නිසා මගේ මුළු ඇගම තෙත් වෙලා තිබුනේ . එලියේ ගොඩක් සීතලයි මටත් සීතල නිසා ඒ කෙනා මට jacket එක දුන්නා .

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now