♥️Ep.18♥️

1.6K 332 10
                                    

-Nishu view-

කුකි මාව ගෙදරට ඇරලවලා අන්තිම වතාවට අත වැනුවා. ඒත් මට නැ නැ මගේ හිතට ඕන වුනේ කුකි යනකම් එතන ඉන්න. ඒත් කුකි මම ඇතුලට යනකම් මම දිහා බලන් හිටිය නිසා මම මොකුත් නොකියා ගේ ඇතුලට ගියා. ඇවිත් දොර ඇරලා ආයේ වතාවක් දොර වහන්න කලින් මම කුකිට අත වැනුවා. ඒත් ඒ ඇයි කියලා නම් දන්නේ නැ. මම දොර වහලා එහෙමම දොර දිගේ රූටලා ගිහින් බිම ඉදගත්තේ මගේ හිතට ආපු අමුතු සතුටක් නිසා.මට ආයෙමත් කුකිව බලන්න ඕන වුනා වගේම එයා ගිහින් ද කියලා බලන්න නිසාම මම ඉක්මනින් එතනින් නැගිටලා දොරට කන තිබුබා. තියලා ටික වෙලාවක් අහන් ඉන්න කොට මට ඇහුනේ කුකි කාත් එක්ක හරි ෆෝන් එකෙන් බර කතාවක කියලා.

Jk - නැ හියොන් මම concert එකට යන වෙලාවේ ෆෝන් එක off කරා ඒත් මම restaurant එකේ ඉද්දි ෆෝන් එක on කරලා මූට් කරා. ඉතින් මට ඇහුනේ නැ.

Nishu- හියොන් ..... ඒ කවුද? එයා හියොන් කියලා කතා කරේ කාටද කියලා දැන ගන්න ඕන නිසාම මම තවත් දොරට හේත්තු වෙලා අහන් හිටියා. ඒත් එකපාර මට ඇහුනා කියනවා කුකිව එක්කන් යන්න එන්න කියලා. හියොන් කවුද කියලා දැන ගන්න තියන ඕනකම නිසාම මම ඉක්මන් අඩියෙන් ජනේලේ ගාවට ගියා.ගිහින් එතන ජනෙල් රෙද්ද අයින් කරලා කරුවලට මුවා වුනා. ගෙදර තාම ලයිට් දාලා තිබුනේ නැති නිසා මට තවත් ඒක පහසු වුනා. මම දැක්කේ විනාඩි දහයකට විතර පස්සේ එතනට black car එකක් ඇවිත් නතර කරනවා. එතන දි මම දැක්කේ එතන ආපු තවත් සුර කුමාරයෙක්. ජිමින් ඔප්පා........ මේක හීනයක්ද කියලා දැන ගන්න ඕන වුන නිසාම මම යාන්තමින් කොනිත්ත ගත්තා. ආව්....... නැ මේක හීනයක් නෙවෙයි. ඇත්තටම එයා මගේ ගේ ඉස්සරහ. සතුටට කෑ ගහන්න ඕන වුනත් මම නිශ්ශබ්දව හිටියේ අනිවා නේලාට ඇහුලා නැගිට්ටොත් හෙට එලි වෙද්දි දත් නැතුව බත් කන්න වෙන නිසා. ටික වෙලාවක් හීන ලෝකේ තනි වුන මාව පියවි සිහියට ආවේ කාර් එක එතනින් යන්න යද්දි. මම දෙපාරක් නොහිතා ඉක්මනින් ආය දොර ඇරියා. ඒත් කුකි ඒ වෙනකොටත් ගිහින් ඉවරයි. බලාපොරොත්ත් කඩ වුන හිතින් ම මම ආයේ දොර වැහුවා. ඒ නම් කෙන්තියටත් නිසාම. ඒ වහපු පාරට දොර කැඩුනේ නැති එක තමා පුදුමේ ඒත් එක්කම මට ඇහුනේ කාමරෙන් එක පාර කහින හඩක් බය වුන හිතින්ම මම මට ම ටොක්කක් ඇන ගත්තේ එච්චර හයියෙන් දොර වහලා කරපු මෝඩ වැඩේ ගැන හිතලා. " නිශූ ඔයා මාර මොඩියක් නේ. තරහ තිබුනට ඔය තරම් මෝඩ වැඩ කරනවා ද ?" මම මටම කියාගෙන හිමින්ම ගියේ පඩිපෙල ගාවට සපත්තු දෙකත් ගලවලා අතට අරන් කනය ඇහෙන නැහේන ගානට පඩිපෙල දිගේ හිමිට ගිහින් මම දොර වහ ගත්තා වහලා කෙලින්ම තුවාය අරන් ගියේ නාන කාමරයට තිබුන මහන්සියටත් එක්කම පැය බායක් විතර සීතල වතුරෙන් ඇග සෝද ගත්ත මම ඉක්මනින් ම කාමරයට ආවා. ඇවිත් මගේ පිජාමා ඇදුමත් දාගෙන මම ගියේ phone එක ලගට. ඒ අරන් ඇවිත් ඇදේ හාන්සි වුන මම phone එක unlock කරේ මොනා හරි බලන්න හිතන්. ඒ වෙලාවේ නම් මම දැක්කේ නම් හීනෙන් වත් නොහිතපු දෙයක් ඔව්...... ඒ කුකිගෙන් මැසේජ් එකක්.

Jk - hi

Nishu- hi මම උත්තර දුන්නේ ඇදෙන් නැගිටලා ඇද උඩම ඉද ගන්න ගමන්.

Jk - ඔයාට කොහොමද ?

Nishu- මම හොදින්.

Jk - මම ඇහුවේ ඔයාගේ අත කොහොමද කියලා පිච්චුන එක.

Nishu- වස ලැජ්ජාවයි. මමත් මොඩයා වගේ උත්කර දුන්නානේ 🤦‍♀️ ආාා......... ඒකද ඒක අවුලක් නැ දැන්.

Jk - එහෙනම් කමක් නැ. ඔයාත් හොදින් ඉන්නයා නම් තවත් හොදයි.

Nishu - හිත ඇතුලෙන් දැන්නම් පොඩි මෙව්වා එකකුත් දැනෙනවා අප්පා. මම හිතින් හිතලා ඉවර වෙලා කුකිගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඔයා හොදින් නේද.

Jk - ඔව් මමත් හොදින් ඔයාට හෙට වැඩද.

Nishu- නැ හෙට නිවාඩු මට.

Jk - එහෙනම් ඔයා හෙට කමති නම් එනවාද අපේ ගෙදර කට්ටිව මුන ගැහෙනන්ත් පුළුවන් නේ. මම එන්නම් එක්කන් යන්න.

Nishu- හරි මම එන්නම්. මමත් ආසයි ඒ අයව මුන ගැහෙන්න.

Jk - හරි එහෙනම් රෑ 7.00 මම එනවා. ලෑස්ති වෙලා ඉන්න.

Nishu- හරි මම එනකම් බලන් ඉන්නවා.

---------------------------
නිශූගේ දෛවය දැන් ඉදන් සෙල්ලම් කරන්න පටන් ගන්නවා තව කෙනෙක් එයාගේ ජිවිතේට වෙනවා. ඒත් ඉස්සරහට නොහිතපු දෙයක් වෙයි.


කතාව දෙන්න පරක්කු වුනාට සොරි.
බලන් හිටිය ඔක්කෝටම තැන්ක් යු.
ඉලග එකත් ඉක්මනින් දෙන්න බලන්නම්.
අද එපිය නම් පොඩි ඉතින් මේ මාසේ ඉවර වෙනකම් මෙහෙම තමා දෙන්න වෙන්නේ. ගෙදර හදන වැඩ නිසා පොඩ්ඩක් පරකුකු වෙනවා. ඒත් කොහොම හරි දෙන්න බලන්නම් 🤗🥺

Vote, comment කරන්න ♥️♥️

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Onde histórias criam vida. Descubra agora