♥️Ep.39♥️

3K 341 51
                                    

Nishu- මම දැක්කේ මාරුවෙන් මාරුව කුකියි මගෙයි දිහා බලන නේලාව. නේලා ගල් වෙලා වගේ එතන හිටන් මටත් මොකුත් කියා ගන්න බැ. අමාරුවෙන් මම කුකි දිහා බැලුවේ මොකද දැන් කරන්නේ කියලා බලන්න ඒත් කුකි උරහිස් හැකිළුවෙ එයාටත් හිතා ගන්න බැරි නිසා.

Neela- හා...... හායි.... මේ දෙන්නවාම මෙහෙම දැකලා මගේ කට ගොළුවෙලා තිබුනේ වෙන කරන්න දෙයක් නැති නිසාම මම පලවෙනි දවස දැක්කා වගේ අත උස්සලා හායි කියලා කිව්වා.

Jk- හායි නේලා good morning

Neela- good morning කුකි ඔයා ඊයේ රෑ මෙහෙද හිටියේ. මම දැක්කේ නැ මම ආවෙත් පාන්දර ජිමින් එක්ක film එකක් බලන්න ගිහින්.

Jk - ඔ.... ඔව් නේලා ඊයේ රෑ වැස්ස එක්ක නේ. යන්න විදියක් තිබුනේ නැති නිසා හිටියා නිශූත් තනියම නේ එයා බයයි කිව්වා තනියම ඉන්න.

Nishu- මේ මනුස්පයා කියන බොරු මම බයයි කිව්වා ලු. කවුද දන්නේ නැ බලෙන්ම ගෙට පැන්නේ මම මගේ පාඩුවේ කුස්සියේ හිටියේ. මම කුකි දිහා බලලා රැව්වේ වෙන කරන්න දෙයක් නැති නිසාමයි.

Jk - මම හිතන්නේ මම ගියොත් හොදයි වගේ. හියෝන්ලා මාව හොයනවා ඇති.

Neela- පොඩ්ඩක් ඉදලා කෑම කාලා යන්න මම රෙඩි කරන්නම්.

Jk - it's ok නේලා තැන්ක් යු මම ගිහින් එන්නම්.

Nishu- මෙයාට දැන් තමා හියොන්ලාව මතක් වෙලා ලෝකේ නැති හදිස්සියක් ඇවිත් තියෙන්නේ. හිතුවා විතරයි කිව්වේ නැ මම. ඒත් එක්කම ශර්ට් එකේ බටන් දාන් කුකි එලියට ගියා දොරත් වහන්. මම දැන ගත්තා දැන් ඉතින් මගේ යාරේ තමා කියලා. එකපාර නේලා මගේ දිහා බැලුවා. මම ශේපට මාරු වුනේ තව හිටියොත් හොදවයින් අහගන්න වෙන නිසා. මම ඇදුමක් දාන් එන්නම්.... මම එහෙම කියලා කෙලින්ම දිව්වේ කාමරේට. බඩිගිනි තිබුනෙත් නැති නිසාම මම කාමරේට වෙලා හිටියා ආය පහලට නොයාම.

🥀one month later 🥀

Nishu- එදා වුන සිද්දියෙන් පස්සේ කුකි මාත් එක්ක කතාවත් කරේ නැ. අඩුම තරමේ මගේ බඩේ අමාරුව හොදද කියලාවත් අහන්න. මේ දවස් වල මට කැරකිල්ලක් එක්ක වමනේ යනවා. හිතා ගන්න බැ මොකද කියලා. මම නේලාටවත් කියන්න ගියේ නැත්තේ එයා කලබල වෙන නිසා. ඉතින් දැන් දවස් තුනක් ගෙවිලා ඉවරයි මම උදෙන්ම නැගිට්ටේ ගෙදර වැඩත් තිබුන නිසා ඒක කරන්න කියලා. ඒත් ඔක්කාරෙට ආපු නිසා මම දුවලා ගියේ බාත් රූම් එකට විනාඩි දහයක් විතර බාත් රූම් එකේ මම ගියේ කාමරේට ගිහින් අදේම ආය හාන්සි වුනේ ආය කැරකිල්ල ගතියක් ආපු නිසා. ඒ අතරේ මට කෝල් එකක් ආවේ ටේ ඔප්පාගෙන්.

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Onde histórias criam vida. Descubra agora