♥️Ep. 24♥️

1.5K 293 16
                                    

Jk- නිශූ යනකම් එතන ඉන්නම් කිව්වත් මාර කම්මැලි කමක් දැනෙන්නේ. මටත් තිබුනේ එයා එක්ක ඇදුම් තෝරන්න යන්න. එක්කෝ මමත් යනවා හියෝන්ලාට මොනවාහරි ගන්න. ඒත් එකටම නිශූව බලලා හිටියා නම් හරි වගේ. මම එතනින් නැගිටලා ගියේ නිශූව බලන්න. හැමතැනම බැලුවත් නිශූ පෙන්න හිටපු නැති නිසා මම එතන අපිට උදව් කරන්න හිටිය ගෑනු ලමයාගෙන් නිශූව ඇහුවා. නිශූ ෆිටෝන් රූම් එකේ කියපු නිසා මම ආය යන්න හැරුනත් එක පාර ඇහුන වෙඩි සද්දයක් නිසා මම හැරිලා බැලුවා. ඒ වෙනකොටත් එතනට ආපු මංකොල්ලකාරයෝ වාගයක් ලග තිබුන විදුරුවක් කෑලි කෑලි වලට බිදිලා යන්න වාඩි තියලා ඉවරයි. මම ඉක්මන් අඩියෙන් ගියේ ෆිටෝන් රූම් එක ගාවට මොකද ඒ වෙනකොටත් නිශූ හිටියේ තනියම නිසා. මම වටපිට බැලුවත් ඒ වෙනකොට ඔක්කොම හිටියේ කන් වහන් බිම ඉදගෙන. මම ඉස්සරහ counter එක දිහා බැලුවේ මංකොල්ල කාරයෝ මොකද කරන්නේ කියලා බලන්න ඒ වෙනකොට මංකොල්ල කාරයෝ එතන හිටිය ප්‍රදානියාට වගේම සේවිකාවන්ටත් තුවක්කු දික් කරන් සේප්පුව මංකොල්ල කනවා.

Nishu- මම එතන තිබුන චාම් ගවුමක් තෝර ගෙන අනිත් ඇදුම් ටික අතට අරන් ෆිටෝන් රූම් එකෙන් එලියට යන්න ගියත් මගේ අතේ තිබුන රෙදි ටික අත ඇරුනේ එලියෙන් ඇහුන වෙඩි සද්දේ එක්ක විදුරුවක් බිදිලා යන සද්දේ නිසා. මම කන් දෙක වහගෙන බිම ඉදගත්තේ වෙන කරන්න දෙයක් නැති කමට. මම ෆිටෝන් රූම් එකේ ආරක්ෂාවක් තිබුනත් මගේ හිතට බයක් දැනුනේ කුකි නිසා. ටික වෙලාවක් කන්දෙක වහන් බිම ඉදගෙන හිටියත් මම අත ටිකෙන් ටික කන් දෙකෙන් ඈත් කරලා නැගිට්ටේ ඉක්මනින් කුකි ලගට යන්න හිතන් මම ෆිටෝන් රූම්එකෙන් එලිය එන්න දොර අරිනකොට මාව ආය ෆිටෝන් රූම් එක ඇතුලට ඇදිලා ගියේ කාන්දමකට ඇදිලා යනවා වගේ. මට දැනුන බය නිසාම මම ඇස් දෙක වහ ගත්තාත් කාගෙද මන්දා අතක් ඒ වෙනකොට තිබුනේ මගේ කටේ. මට පස්සටවත් යන්න බැරි වුනේ ඒ වෙනකොටත් ඒ මනුස්සයා මාව ෆිටෝන් රූම් එකේ බිත්තියට මාව හේත්තු කරන් හිටිය නිසා. මම ඇස් දෙක වහ ගෙනම ඒ මනුස්සයාගේ අත හැපුවේ වෙන කරන්න දෙයක් නැති කමට. එකපාර ඒ කෑ ගැහිල්ලෙන් ඇහුන හඩ අදුර ගත්ත මම ඉක්මනින් ඇස් ඇරියා "කුකි....." මම එහෙම කිව්වාත් එයා හිටියේ බිම ඉදන් අතත් අල්ලන් මම ඉක්මනින් එයා ලගට නැමිලා කුකිගේ අත ඇදලා ගත්තේ එයාට මොකුත් හිතා ගන්න බැරි වෙන්න තප්පරෙන්.

Jk - මස් කන්න හිතුනාද? මගේ අත කෑවේ.

Nishu- එයා මගෙන් ඇහුවේ රහසින්. මම නැ කියන්න උත්තර දෙන්න කට ඇරියත් කුකි ආය මාව බිත්තියට හේත්තු කරලා කට අතින් වැහුවේ කෑ ගහන්න එපා කියලා අතින් පෙන්නන ගමන්. මම එයාට අවනත වෙලා ඔළුව වනපු නිසා එයා මගේ කටින් එයාගෙ අත ගත්තා. මම එයාගේ අත දිහා බලනකොට මම දැක්කේ මගේ දත් පාර එයාගේ සුදු අතේ රතුවට හිටලා තියෙනවා. මම ඉක්මනින් අත ඉල්ලන් අත දිහා බලන් හිටියේ මටම බැන ගන්න ගමන් මට දැනුන දුක නිසා මගේ ඇස් වලින් කදුලු පිට වුනේ මටත් හොරෙන්.
කුකි මගේ අත ඇදලා ගත්තේ කුකි දිහා පුදුමයෙන් බලද්දි.

Jk- අනේ මැනික මොකද දැන් අඩන්නේ මට ඒක රිදුනේ නැනේ මම ඔයාව අල්ල ගත්තේ එලියේ මංකොල්ලකාරයෝ වාගයක් තුවක්කු තියන් බලන් ඉන්න නිසා. ඔයාට අනතුරක් වෙයි කියලානේ මම ඔයාව අල්ල ගත්තේ. දැන් අඩන්නේ නැතුව ඉන්නකෝ.

Nishu- මට කුකි මේ ටික කිව්වේ රහසින් වගේම අනුකම්පා සහගත බැල්මක් එක්ක මට කුකිගේ වචන ටිකෙන් දුක නිවුන එක කෙසේ වෙතත් දුක දෙගුන කරන්න සමත් වුනා. ඒ නිසාමයි මොකුත් නොකියා මම කුකිව බදාගෙන අඩන්න ගත්තේ. විනාඩි දෙක තුනක් මගේ දුක නිවෙනකම් ඇඩුවත් මට කුකි බදා නොකෙරුවේ මගේ කදුලු වලින් එයාගේ උරහිස තෙමිලා යද්දි.

Jk- කෝ දැන් අඩන එක නවත්තන්න කෝ නැගිටින්න. නිශූ ඔයාට ඔයාගේ යාළුවා ඉන්නකම් කිසිම දේකට බය වෙන්න දෙයක් නැ. මම ඒ ටික කිව්වේ නිශූගේ ඔළුව අතගාන ගමන්. නිශුවත් නැගිට්ටලා මම එලියට ඔළුව දාලා බැලුවේ තාමත් මංකොල්ලකාරයෝ ඉන්නවාද කියලා බලන්න. ඒත් ඒ වෙනකොට එතන තිබුන තත්වෙට පත් වෙලා තිබුනා මම නිශූවත් එක්කන් එලියට ආවේ එතන තවත් ආරක්ශාවක් නැ කියලා හිතුන නිසා.

---------------------------

මෙහෙම episode එකක් මගේ ශෙඩූල් එකේ නම් නැ ඒත් හැමදාම එක වගේ දෙන්න බැ නේ නිසා පොඩ්ඩක් අද මංකොල්ලකාරයන්ගේ කෑල්ලක් ඇදලා ගත්තා. අද කතාව ගැන කියවන ඔක්කෝගෙන්ම comment එකන් බලාපොරොත්තු වෙනවා. අද ඉතින් කලින්ම දුන්නා. වගේම පොරොන්දුව ඉශ්ට කරා ඉතිරි කොටස හෙට බලාපොරොත්තු වෙන්න.

♥️♥️Good night all readers ♥️♥️

දිගටම මම එක්ක ඉන්න

💜💜사랑해 💜💜

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now