♥️Ep.36♥️

1.9K 282 28
                                    

Nishu- බලන් ඉන්න කැත විතරක් අපායට ගහපු පෝස්වරයක් වගේ. දෙන්න හිතෙනවා හොම්බු ගැලවිලා අතට එන්න. සැරින් සැරේ මේසෙට ගහන ගමන් කිව් දේවල් නිසා ජිමින්ශි වගේම නේලාත් බය වුනා. ඒත් එයාලා අහක බලනකම් ඉදලා මම කරේ කාටත් හොරෙන් හිනාවුන එක ඒ දෙන්නගේ මුනු දෙක හරියට ඉදිලා වැඩියෙලා තියන තක්කාලි ගෙඩි දෙකක් වගේ. දකිද්දිත් බඩ අල්ලන් හිනා යනවා. ඒත් මගේ හිනාව ඒ දෙන්නට නොපෙනුනත් මගේ හිනාව දැකලා සතුටු වෙන කෙනෙක් එතන හිටියා. ඔව්..... ඒ කුකි. ඒත් ඇස් ඉස්සරහ එයා ඉදලත් අද එයා වෙන කෙනෙක්ගේ වෙලා. දරා ගන්න බැරි වේදනාවක් හදවත අස්සේ ඉදන් කෑ ගහද්දි. අමාරුවෙන් කදුළු මැඩ ගත්තේ අර දෙන්නට බැනලා. ඒත් ඒ බැනුම් මම තරහට කියපුවා නෙවෙයි කියලා කුකි හොදටම දැනන් හිටියා. කුකිත් අද හිනා වෙනවා ඒ මගේ හිනාව දැකලා. මාසයක් ගෙවිලා ගිහින් ඒ මාසේ තුල පලවෙනි වතාවට මම කුකිගේ හිනාව දැක්කා. තාමත් මම ආස කරපු ඒ හිනාව දකිද්දි හදවත ගොඩක් සතුටු වෙනවා. ඒත් සතුට යටපත් කරන් උඩට එන්නෙම වෛරයක් ඒ කුකි නිසා නෙවෙයි අර කොහෙවත් හිටපු ඉයුන් හා නිසා. ඒත් මම හිත හදා ගත්තා. මොකද මේ වෙනකොටත් කුකි එයාගෙ වෙලා ඉවර නිසා. තාමත් ඒ ඇස්වල ලොකු කතාවක් හැංගිලා තියෙනවා. ඒ මොකද්ද මම තාමත් ඒ ඇස් දැක්කම අතරමං වෙනවා. අදත් මම ඒ ඇස් අස්සේ අතරමං වෙලා. එකපාර මම ගැස්සුනේ ජිමින්ගේ කැස්ස නිසා.

Jk- යා ජිමිනා මට කියනවා කවදාද මේක පටන් ගත්තේ. මම කිව්වේ ජිමිනාගෙ අතට ගහන ගමන්.

Jimin- ආව් කුක්කෝ ගහන එක නවත්තනවාකෝ.

Nishu- දැන් නෝනා ඔයාත් ඔයාගේ පාපොච්චාරනේ පටන් ගත්තා නම්. මම කිව්වේ නේලා දිහා බලන් අත් දෙකත් බැද ගෙන පුටුවට හේත්තු වෙන ගමන්.

Jimin- යා ..... නිශූ එයාගෙ වරදක් නැ මම යි වැරදි.

Jk- ආයිෂ් මේ ජිමිනාව හදන්න ම බැ. කියනවා දැන් විස්තරේ.

Jimin- අපි මේක පටන් ගත්තේ දැන් මාසෙකට කලින්. ඔයාලා තරහ වුන නිසා ඔයාලාව යාළු කරන්න ප්ලෑන් හදද්දි තමා අපි ආදරේ කරන්න පටන් ගත්තේ. මම කිව්වේ ඔළුවත් බිමට පාහත් කරන් හෙමිට.

Nishu- මේක අහපු කුකිටයි මටයි කට උත්තර නැති වුනා. ඒ නිසාමද කොහේද අපි දෙන්නා මූනට මුන බැලුවේ. ඒත් කුකි මගේ මුන දිහා බලද්දිම මම ඉස්සරහ බලා ගත්තා. හරි මම තීරනයක් ගත්තා. ඔය සම්බන්දේ ......... ජිමින්ශි නෙලායි මගේ මුන දිහා බලන් හිටියේ මගේ උත්තරේ එම්බෙනකම්. ඒත් කුකි දැනන් හිටියා මගේ උත්තරේ මොකද්ද කියලා. ඒ නිසාම ඒ දෙන්නාව අවුස්සන්න කුකි මම කියන්න ගිය දේ නැවැත්තුවා.

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now