♥️Ep.31♥️

1.5K 278 23
                                    

Nishu- දොරත් ඇරන් පඩිපෙල ලගට දුවලා ආවේ හීයක වේගෙන් පිටි පස්ස බල බල පඩිපෙල බැහැපු මම එකපාර නැවතුනේ කාගෙ හරි ඇගෙ හැප්පුන නිසා. ඔප්පා ...... ඔයා මියාන්හේ මම දැක්කේ නැ.

Jhope- නේ ඒකට කමක් නැ. මොකද බය වෙලා වගේ තක්කාලි ගෙඩියක් වගේ රතු වෙලා. මම හිතන්නේ ඔයා නිශූ කුකිගෙ යාළුවා මම හරි නේද?මගේ මැනිකත් ඔයාව බලන්න ආසාවෙන් හිටියේ කොහෙද ඉතින් එයා pregnant නේ හදිස්සියේ චෙකප් එකකට හොස්පිටල් ගියා.

Nishu- congratulations ඔප්පා.

Jhope- thank you nishu. ඔයා දැන් ගෙදර යන්න ද?

Nishu- යෙ ඔප්පා මම යන්න කියලා බැලුවේ ඔප්පා දැන් රෑ වෙලා නේ.

Jhope- මොකේද යන්නේ ඕන නම් මම ගිහින් දාන්නම්.

Nishu- අනි ඔප්පා කරදර වෙන්න එපා කුකි එක්ක යයි එයා මාව ගිහින් අරින්නම් කිව්වා.

Jhope- එහෙනම් මමත් යන්නම් මැනිකගේ අම්මාට කෝල් එකක් ගන්න ඕන හොස්පිටල් යන්න ලෑස්කි වෙන්න කියලා. මම දැන් හොස්පිටල් එකට යන නිසාමයි කිව්වේ යන්න පුළුවන් කියලා. කමක් නැ ඔයා කැමති කුකි එක්ක යන්න නම් අපි මොකටද කරදර කරන්නේ.

Nishu- අනි ඔප්පා එහෙම එකක් නැ. ඔන්නිව මම මතක් කරා කියන්න. ඔප්පාව හමුවිම සතුටක්.

Jhope- මටත් එහෙමයි නිශූ මේ දවස් ටිකේම කුකිගේ කටේ තිබුනේ ඔයාගෙ නම ඉතින් මමත් ආසාවෙන් හිටියේ කවුද මේ නිශූ කියලා බලන්න. හිතුවාට වඩා ඔයා ලස්සනයි.

Nishu- thank you oppa.... මම එහෙනම් ගිහින් එන්නම්.

Jhope- හරි නිශූ පස්සේ දවසක හම්බෙමු ඔන්නිටත් කියන්නම් මම.

Nishu- හරි ඔප්පා good night. මම ඒ කියලා කෙලින්ම ආවේ කුකි හිටිය තැනට. ඒ වෙනකොට එයා මාව හොයන්න එන ගමන් හිටියේ මමත් අහක බලන් ආපු නිසා මහ හැප්පුනේ කුකිගේ ඇගේ.

Jk- ආ..... නිශූ මොන සිහියෙන් ආවේ.

Nishu- දෙපාරයි මම ඔළුව අතගාන ගමන් මටම මුමුන ගත්තා. මියාන්හේ. මම දැක්කේ නැ කවුරුත් පේන්න නැති නිසා මම බැලුවේ කට්ටිය කෝ කියලා.

Jk - එයාලා ඔක්නොම practice room එකට ගියා නිශූ හෙට අපිට concert එකක් සෝල් වල ඒකට වැඩ මමයි ජින් හියෝනුයි විතරයි ඉන්නේ එයාත් දැන් කිචන් එක ක්ලීන් කරලා යයි. මම ඉතින් ඔයාව දාන්න ඕන නිසා හිටියා.

Nishu- ඔයාලා මෙච්චර රෑ වෙනකම් ඉන්නවාද සාමාන්‍යයෙන්. මහන්සි නැද්ද?

Jk - අනි හැමදාම ඉන්නේ නැ ඒත් concert තියන දවස් වලට පාන්දර වෙනකම් practice කරනවා. දැන් ඒක පුරුදු වෙලා ආර්මිගේ සතුට තමා අපෙත් සතුට වෙන්නේ. අපි යමුද එහෙනම්.

Nishu- හිතට ආපු අමුතු දුකක් නිසා මටත් නොදැනිම කුකිව බදා ගත්තා. කම්සහම්නිදා...... අපි වෙනුවෙන් මහන්සි වෙනවාට. මේක අහවාහම ඔයාලාට තිබුන ආදරේ තවත් වැඩිවෙනවා. ඒත් එක්කම කුකිත් මාව බදා ගත්තේ මගේ ක්‍රියාවට ප්‍රතිචාර දක්වමින් ඒත් එක්කම එයා අහපු දේ නිසා අකුනක් ගැහුවා වගේ ක්ෂනික කුකිගෙන් අයින් වුනා. එයා කටේ හිනාවක් හිර කරන් මගේ මූන දිහා බලන් හිටියා. ඒත් එක්කම හිතට ආපු හැගිමක් එක්කම මම කුකි දිහා බලන් හිටියේ වශී වෙලා වගේ.

Jk - අපිට ආදරේ මට ආදරේ නැද්ද? මටත් නොදැනිම මගේ කටින් ඒ වචන පිට වුනා. ඒ වචන ආපු ගමන් ක්ෂනිකව මගෙන් අයින් වුන නිශූව දැක්කාම එබේම හිනාවක් ආවත් මම ඒක මැඩ ගත්තේ පුදුමයෙන් බලන් හිටිය නිශූව අපහසුතාවයට පත් කරන්න ඕන නැති නිසා. මම දිහා බලන් ඉන්න නිශූව දැක්කම මටත් නොදැනිම මගේ ඇස් එයාගේ ඇස් අල්ල ගත්තා. අපි දෙන්නම ගැස්සුනේ ජින් හියොන්ගේ කටහඩ නිසා.

Jin- දෙන්නා මොකද ඔතන කරන්නේ කුකියෝ මතක් කරලා නිශූට ජැකට් එකන් දෙන්න. අද සීතලයි වෙනදාට වඩා.

Jk- හරි හියොන්. මම දෙන්නම් ඔළුවත් කස කස ලැජ්ජාවෙන් ජින් හියොන් දිහා බලද්දි එයා හිටියේ මගේ දිහා බලන් හිනා වෙවි. එතිනින් ජින් හියෝන්ට සමු දිලා අපි දෙන්නා ආවේ මගේ බයික් එක ලගට.

-------------------------
පරක්කු වුනාට සමාවෙන්න අපේ මල්ලිගෙ දග වැඩක් නිසා මට ලියන්න බැරි වුනේ රෑ 12 කලින් අනිත් එපියත් දෙන්නම්.

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now