♥️Ep.38♥️

2.2K 316 33
                                    

-Next day morning --

Nishu- මගේ ඇගට බර වෙලා නිදියන් හිටපු කුකිව දැක්කාම මට ඊයේ වුන දේවල් ඔක්කොම ආයේ මගේ මතකෙට ආවා. ඇත්තටම ඊයේ රෑ ගෙවුන පැය කිපය තමා මගේ ජිවිතයේ ලස්සනම හෝරා ටික. කුකියි මමයි දැන් ශරිරයෙන් වගේම ආත්මයෙන්ම බැදිලා ඉවරයි. කුකිව දකින ගානේ මෙච්චර දවස් හදවතේ හිර කරන් හිටිය ආදරේ තවත් වැඩි වුනා. අහිංසකයා වගේ ඉන්න හැටි. පෙනුමේ හැටියට නෙවෙයි වැඩ. ඒත් මම කොහොම විශ්වාස කරන්නද මම ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ගේ කියලා. මට ඔයාගෙ ආදරේ ලබා ගන්න පින නැ කුකි. ඒත් දැන් මම ඔයාගෙ වෙලා ඉවරයි. මම ඔයාගෙන් ලැබෙන උනුහුම තව කෙනෙක් එක්ක බෙදා ගන්න ලෝබයි. හදවතේ මේ දුකත් හිර කරන් කුකි දිහා බලලා හිතනකොට කුකිගේ ඔළුව අතගෑවුනේ මටත් හොරෙන්මයි. Good morning මැනික මහන්සිද ඔයාට. මම ඒක කිව්වේ කුකිගෙ කනට ඇහෙන නැහෙන ගානට. ඒත් එකපාර කුකි මගේ ඇගට තවත් බර වුන නිසා මම ඔළුවෙන් අත ගන්න ගියත් කුකි මගේ අතින් අල්ල ගත්තේ මගේ ඇස් පුදුමයෙන් උඩ යද්දි.

Jk - good morning මැනික. මියානේ......

Nishu - මියානේ ..... ඒ මොකටද කුකි.

Jk - ඊයේ රෑ මම ගොඩක් රිද්දුවා.

Nishu- අනී කුකි එහෙම නැ. මට නැගිටින්න දෙන්නකෝ. මම එහෙම කියලා මාරු වෙන්න ගියේ ඊයේ රෑ සිද්ද වුන දේවල් මතක් වෙලා දැනුන ලැජ්ජාව නිසාමයි. ඒත් කුකි මගේ අල්ලන් හිටපු අත එයාගේ ඔළුවට තිබුබේ ආයෙත් ඔළුව අතගාන්න කියනවා වගේ. මටත් නොදැනිම මම කුකිගේ ඔළුව අත ගාන්න ගත්තා. ඒත් එකපාර කුකි කරපු දේ නිසා මගේ පිට දිගේ අකුනක් ගැහුවා වගේ. එකපාර කුකි මගේ බඩ වටේ අතදාලා මාව තුරුල් කර ගත්තේ මාව ලැජ්ජාවෙන් රතු වෙලා යද්දි. ඒත් එක්කම මම පියවි සිහියට ආවේ කුකිගේ කටහඩ නිසා.

Jk - මැනික මගේ ඔළුව පැලෙන්න වගේ රිදෙනවා. ඔළුව ටිකක් අතගාන්නකෝ.

Nishu- ඉන්න මම ඉක්මනින් ගිහින් දෙහි එකක් හදන් එන්නම්. මම නැගිටින්න යද්දි කුකි මාව තවත් තදින් තුරුල් කර ගත්තේ මට දැනුන යටි බඩේ වේදනාව තවත් වැඩි කරන ගමන්.

Jk - එපා ඔහොම ඉන්න ඔයා ලග ඉද්දි ඒක අඩු වෙනවා.

Nishu- ඒත් කුකි මට නැගිටින්න දෙන්නකෝ. මට ටිකක් අමාරුයි වගේ. කුකි එකපාර මගේ ඇගෙන් අයින් වෙලා ඇදේ ඉදගත්තේ තුශ්නිම්භූත වෙලා වගේ මගේ දිහා පුදුමයෙන් බලන ගමන්.

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Tahanan ng mga kuwento. Tumuklas ngayon