♥️Ep.09♥️

2K 360 16
                                    

Jk මාවත් අල්ලන් පිටි පස්සේ තිබුන ශීට් එකට ගිහින් ඉද ගත්තා. මගේ jacket එක ඇතුලේ තිබුන hot water pack දෙක ටික ටික නිමෙනවා මට දැනුනා . එන්න එන්නම සීතලත් වැඩි වෙනවා. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ බස් එකේ ජනේලෙන් සීතල හුලන් පාරකුත් වදිනවා . මම අතට පිබලා උනුහුම් වෙද්දි jk මාව ලගට අරන් මගේ අත් jacket එකේ සාක්කු දෙකට දාලා මාව අරන් තුරුළු කරන් මාව උනුහුම් කරා. මමත් සීතල නිසාම මොකුත් නොකියා එයා ගාවට වෙලාම හිටියා. ටික වෙලාවක් ගියාට පස්සේ මට කම්මැලි කමක් දැනුනු නිසා මම එයා ගාවින් ඈත් වෙලා කෙලින් වුනා. මම ඊට පස්සේ බැලුවේ jk දිහා මොකද කිසි සද්දයක් නැති නිසා.ඒ වෙනකොටත් එයා hand free දෙක කනේ ගහන් ශීට් එකේ පස්සට හේත්තු වෙලා සිංදු අහනවා ඇස් දෙක වහන්. මම නැගිටිනවා දැනුන නිසාද කොහේද එයා ඇස් ඇරියා.

ඔයාට මේ ගමන boring ද?

අනේ එහෙම එකක් නැ. මම එනකම්ම නිකන් නේ ආවේ නිසා මට ටිකක් කම්මැලි. දැන් jk ව මට හුරු පුරුදුයි .මට දැන් තේරනෙවා එයා හොද කෙනෙක් කියලා ඉතින් දැන් මම එයා ඉස්සරහ ඉස්සර වගේ බය නැතුව මම කතා කරනවා.

ඔයා කොරියන් වල කෙනෙක් නෙවෙයි නේද?

නැ මම ඇත්තටම ශ්‍රී ලංකන් වලින් ආපු කෙනෙක්.

ඔයා දැන් මෙහෙට ඇවිත් ගොඩක් කල් ද?

දැන් අවුරුදු දෙකක් වගේ මෙහෙට ඇවිත් .

එතකොට ඔයාගේ පවුලේ අය. Job

මගේ පවුලේ අය ලංකාවේ. මම university student කෙනෙක් ඒ නිසා part time job එකක් රෑට කරනවා. Coffee shop එකක.

ඉතින් ඒකෙන් හම්බෙන පඩියෙන් මොකද කරන්නේ.

එච්චර ලොකු පඩියක් නම් ලැබෙන්නේ නැ . ඒත් ඒ ඔක්කෝම මගේ university වැඩ වලටයි, ගෙවල් කුලි වලටයි වියදම් වෙනවා.

පුවුලේ ඔයා විතරයිද ඉන්නේ.

ඔව් මම විතරයි mr. Jungkook .

ඔයාට පුළුවන් මට කුකී කියන්න . බය වෙන්න එපා ඒක මට යාළුවෝ කියන නම.

Ok, කුකී.

Wow මෙයා මාර ඉක්මනින් දේවල් පුරුදු වෙනවා නේ.

එහෙම කියලා මම jk දෙන්නම හිනා වුනා. ඒ හිනාව ඇතුලේ දැන් හම්බුනා වුනාට යාළුවන් අතර තියන බැදීමක් පේන්න තිබුනා. අපි දැන් concert එක ගාවාන් නැගලා පැය බාගයක් විතර ගෙවිලා ගිහින් බස් එකේම. මම ඊට පස්සේ jk පැත්ත හැරුනා අපි කොහෙද මේ යන්නේ කියලා අහන්න.

තව විනාඩි පහක් ඔහොම්මම ඉන්න . තව පොඩි දුරයි.

මම මොකුත් අහන්න කලින් ම jk මාව තේරුම් ගත්තා එයා මම අහන්න ගිය ප්‍රශ්නෙට ගැලපෙනම උත්තරේ දුන්නා. මට මේක දැකලා කට කොනේ හිනාවක් රැදුනේ නිරායාසයෙන්මයි.

අපි තැනට ආවා. යමුද ?

එයා ශීට් එකෙන් නැගිටලා මගෙන් ඒක අහද්දි ඔළුව වැනුවේ යමු කියලා පෙන්නන්න.

මමයි කුකී බස් එකෙන් බැහැලා ටිකක් දුර පයින් ගියා. එතනින් එකපාර හයියෙන් ආපු වාහනයක් මගේ ලග තිබුන මඩ වලෙන් හයියෙන් ගියා. ඒ ක්ෂනිකයෙන්ම කාන්දමකට ඇදිලා ගියා වගේ දැනුනා. කුකී දැනන් හිටියා මේ වාහනේ එන පොට නම් හරි නැ අනිවා මාව නැවෙනවා කියලා . වාහනේ ඒ මඩ වලෙන් දානවා එක්කම කුකී මාව ඇදලා ගත්ත පාර එයාට මාව control නැති ව ගිහින් කුකීගේ ඇග උඩම පාර මැද්දේ මාව ඇදන් වැටුනා. කුකී ඒ වෙනකොටත් මගේ අතිනුයි ඉනෙනුයි අල්ලන් හිටපු නිසා මට නැගිටින්න නම් බැරි වුනා . එයා මගේ මුහුන දිහා බලන් ඉන්නවා දැක්කාම නම් මගේ මූන ජම්බු ගෙඩියක් වගේ රතු වෙනවා කියලා මට දැනුනා. ඒ ඇස් මොනාද හොයනවා . මොකද්දෝ හේතුවකට මම ඒ ඇස් වලට වශී වෙලා ඇස් අහකට ගන්න බැරි වෙන්නම. කුකීගේ හිතේ නම් අදහසක් ඇත්තෙම නැ වගේ මාව අත ඇරලා නැගිටින්න. මමයි කුකී ගැස්සුනේ එකපාර එතනින් ගිය වාහනේ හෝන් එකේ සද්දෙට. ඒත් කුකී ගැස්සුනත් ගිරේට අහුවුන පුවක් ගෙඩියක් වගේ එයාගේ අත් අතර හිර වෙලා. මම ඉක්මනින් එයාගෙන් අවසරයක් ඉල්ලුවා.

මට නැගිටින්න දෙනවාද? මම ඒම ඇහුවත් හිත නම් කිව්වේ නම් එයාව අත අරින්න බැ කියලා.

බැ... බැ.... ඔයාට මට යන්න දෙන්නේ නැ. කුකි හෙමින් කෙදුරුවා.

මොකද්ද කුකී ඔයා කිව්වේ. මට ඇහුනා කුකි හෙමින් කොදුරනවා . ඒත් මම ඒක හරියට ඇහුනේ නැ.

මමද?.... මම මොකුත් කිව්වේ නැ.

හරි එහෙනම් අත අරිනවාද මට නැගිටින්න . කුකි මාව අතඇරියා මම නැගිටලා එයාටත් අත දුන්නා නැගිටින්න. එයත් නැගිට්ටා.

අපි මොකුත් කතා නොකරම විනාඩ් දහයක් ඇවිදන් ආවා. අන්තිමට කුකීට ඕන වෙලා තිබුන තැනට අපි ආවා.

********************************************

මේ කොහෙටද මෙයාලා ආවේ🤔

ඔන්න අදත් කතාව දුන්නා comments කරන්න vote කරන්න ඔයාලාගේ අදහස් කියන්න. 😜😜

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Tempat cerita menjadi hidup. Temukan sekarang