8. ❄️💕 Lights 💕❄️

330 53 31
                                    


තනියම කැලේක අතරමං උනොත් ඔයාට මොනවා හිතෙයිද.....

කවුරුත්ම ලග නෑ....

ඔයා විතරයි.....

ඔයාට මොනවා හිතෙයිද....

හෙවනට තියෙන ගස් විතරයි ඔයාට පේන්නේ...

ඔව් අතරමං වෙලා...

මොනවගේ දෙයක් දැනෙයිද...

ඔයා තනි වෙලා කියලා හිතෙයි නේද ....
ඔව් අතරමං වෙලා ....

තමන්ගේ ජිවිතේ අස්සෙම අතරමං උනු මිනිස්සු
මේ ලෝකේ අහුමුලු වල් කොච්චර ඉන්නවා ඇත්ද....

අපි ජිවිතේ අතරමං උනොත් අපිට මොනවගේ දෙයක් දැනෙයිද....

අපි එහෙම අතරමං උනොත් අපිට ලග ඉන්නවා කියලා හිතන්න පුලුවන් වස්තු දෙකයි තියෙන්නෙ...

අම්මයි තාත්තයි....

හරියට අතරමං උනු කැලේකදි උනත් හෙවනට තියෙන ගස් වගේ....
කොච්චර දේවල් උනත් අම්මයි තාත්තයි අපිව අත් අරින්නෙ නෑ වගේ....

හ්ම්ම්ම්...
රිදවන බැදීම් තවදුරටත් තියාගන්න ඔයා කැමති ද?

සැනසුම විතරක් දෙන බැදීම් තවදුරටත් තියාගන්න ඔයා කැමති ද?

ඒ දෙකෙන් අපි හැමදාම කැමති හැමදාම ඉල්ලන්නෙ
හැමදාම ඉල්ලුවෙ රිද්දන්නෙ නැති සැනසීම දෙන බැදීම් නේද ?

ම්ම්ම්ම්.....

බැදීමක් ඇතිවෙන්නෙ හරි අමුතු විදියට නේද ...

හිතාගන්න බැරි විදියට ඔයාට එයාව මුණගැහිලා....

පස්සෙ පස්සෙ ඒ අහම්බෙන් හම්බුනු කෙනා නිසා ඔයා ජීවත් වෙන්න පටන් ගත්තොත් .....

අපි කාටවත්ම කියන්න බෑ බැදීමක් ඇතිවෙන විදිය....

මොකද ඒක අපිට හිතාගන්නවත් බැරි තරම්...

ටේ.....
ටේ හෙව්වෙ ආදරයක්....

එයාව හැමදාම සනසන... එයාගෙ සැනසීම වෙන්න ඕනි උනේ ඒ ආදරේ ...
එයා හැමදාම හෙව්වෙ එයාව රිද්දන්නෙ නැති ආදරයක්....

එයා ගාවින් ඉදන් එයාගෙ හිතට අයිතිවාසිකම් කියන ආදරයක්....
වචන අමුණලා තමන්ගේ ෆෑන්ස්ලට අහන්න දෙන සිංදුවල උනත් එයා හෙව්වෙ එයාගෙ ආදරේ ....

❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Where stories live. Discover now