12. ❄️💕 Don't leave me 💕❄️

327 47 42
                                    

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

හිම් සෝ හොස්පිට්ල් එකෙන් එලියට ඇවිත් අප්පා ඉන්න තැනට ගියා.

Appa- හිම් සෝ .. මහන්සි ද?.
දැන් යාලුවාට හොදයි නේද ?..
ම්ම් සිහිය ආවානේ. එච්චර අමාරුවක් නෑනේ.?

Him soo- නෑ අප්පා. දැන් අමාරු නෑ.

ඒත් තාමත් එයාගේ ඇගට තාම පණ මදි.
ඒ නිසා තාම සේලයින් දෙනවා.
කොහොමත් ඩොක්ටර් කිව්වා තව ටෙස්ට් වගයක් කරන්න තියෙනවා කියලා.
ඒ නිසා සුක්ට හෙටත් හොස්පිට්ල් ඉන්න වෙයි .

Appa- ම්.. එහෙනම් දැන් බය වෙන්න දෙයක් නෑනේ.

සුක් ට ඉක්මනට හොද වෙයි.
අපි හෙටත් එමු..
දැන් යමු දූට මහන්සී පාටයි.
ඔම්මත් බලන් ඉන්නවා ඇති එනකන්.

Him soo- ඔව් අප්පා.
හෙට උදෙන්ම ආයිත් මන් එනවා.

එතකොට සුක් ගෙ අම්මට පුලුවන් නේ ගෙදර ගිහින් වැඩ ටික ඉවර කරලා ආයිත් එන්න. ඒක ආන්ටිටත් උදව්වක්.
කොහොමත් මේ වෙලාවෙ මන් සුක් ගාව ඉන්නම ඕනේ අප්පා.

Appa- හරි හිම් සෝ මන් හෙට උදේම ඔයාව ගෙනත් දාන්නම්.
දැන් අපි යමුකෝ ගෙදර . නගින්න වාහනේට.

Him soo's pov

අප්පා එක්ක වාහනේට නැග්ග මන් ෂීට් එකට ඔලුව තියාගෙන ලොකු කල්පනාවකට වැටුනේ ඇස් දෙකත් පියාගෙනම....

ෂින් යෝ ට මොනවා වෙලාද..
අනේ මන්දා හේතුවක් නැතුව බොරු දේවල් මවාගෙන නිකන් එයාගේ හිතම තරහ ගස්සවගන්නෙ ඇයි කියලයි මට හිතාගන්න බැරි .

ඔයාට සිංහල තේරෙන්නෙම නෑ වගේ ෂින් යෝ .

මන් කිව්වා ඔයාට සුක් ගෙන් ඈත් වෙන්න කියලා.
ඔයා මොකක්ද මෙ කරේ. ඔයා නිසා කෙනෙක් අද ලෙඩ ඇදේ .

මෙහෙම දේවල් කරලා  ඔයාට සැනසිමේ ඉන්න පුලුවන් ද ෂින් .

මන් දන්නවා ඔයා ඒ කිව්ව දේ නම් කවදාවත් කරන්නේ නෑ.
ඔයා ඔයා කොහොමද මාව මරන්නෙ.

එහෙම දෙයක් කරන්න තරම් මන් ඔයාට වැරැද්දක් කරලත් නැත්තම් මොකක්ද හේතුව ඔයා මෙච්චර දෙයක් කියන්න.
මන් දන්නවා ඔයා එහෙම කිව්වෙ එවෙලෙ තියන තරහට කියලා.

❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Where stories live. Discover now