9. ❄️💕 Euphoria 💕❄️

360 46 60
                                    

Side story

"Samkook couple"

No one's pov

කුකී එයාගේ සොන්ග් එකෙ වැඩ ඉවර වෙලා කෙලින්ම ගියේ
සම් හ්වාගේ කොලේජ් එක ලගට....

මිනිත්තු කීපයකට පස්සෙ කුකී කාර් එකෙන් බැහැලා ගිහින් සම් හ්වා ව එක්ක ආවා... එයාව කාර් එකට නග්ගලා කුකිත් ඇවිත් කාර් එකෙන් ඉදගත්තා...

Kookie - වැඩ ටික හරිද? සම්...

Sam - ඔව් කුකී... මන් කරගත්තා ....

Kookie- දැන් ඔයා ඉස්සරහට මොකක්ද කරන්නෙ සම්... කොලේජ් ඉවර උනාට පස්සෙ...

Sam- ම්ම්ම්...
මන් ආස ඉතින් science පැත්තෙන් මොකක් හරි තමා උප්පා...
එ පැත්තෙන් ඕනි දෙයක්....

Kookie - පිස්සි...
ඔච්චර මහන්සි වෙන්නෙපා...
අනේ මන්දා ඔයාගෙ ආසාවනේ...
මගේ පිස්සු කෙල්ල...

සම් හ්වා හිනා වෙලා කුකී දිහා බලගෙන හිටියා....

කුකීත් මොහොතක් නිහඩ වෙලා බලන් හිටියෙ එයාගෙ සම් දිහා...

ඔව් ඒ නිහැඩියාව එයාලගේ හිතේ එකිනෙකාට තිබුනු ආදරේ තවත් වැඩිකරා..
එයාලගේ හදවත් ගැහෙන සද්දෙ එයාලට ඇහෙන තරමට එයාලා අතර නිහඩ කම පැතිරිලා තිබ්බා....

මේකද ආදරේ කියන්නේ...

පිස්සුවෙන් වගේ එයාව මගේ කරගන්න ඕනි කියලා හිතෙන එකටද ආදරේ කියන්නේ... ඔව් කුකිත් එයාගේ සම් හ්වා දිහා බලාගෙන හිතුවේ ඔයා මගේ නේද කියලා....

ඔයාගේ පිස්සු වැඩ වල මෝඩ වැඩ වල අයිතිකාරයා මන් නේද කියලා....

ඔයාගේ කටින් ආදරෙයි කියලා අහන්න පුලුවන් එකම කෙනා මන් නේද කියලා...

ඔයාගේ සුමුදු තොල් හෙලවෙන්නෙ මන් වෙනුවෙන් නේද කියලා....
කුකීගෙ හිත සම් ගාව මොහොතකට නතර වෙලා ඒ හැමදේම කුකීට හිතෙන්න ගත්තා හරි අමුතු සතුටක් මෝදු වෙලා එද්දී ....

සම් හ්වාත් එයාගේ කුකී ගැන හිතපූ ලෝකෙක එවෙලෙ අතරමං උනා....
ඒ මොහොත කොච්චර ලස්සන ඇතිද....

දෙන්නම එකිනෙකා ගැන හීන මවන එකිනෙකාට ආදරේ කරන
ලෝකයක අතරමං වෙන මොහොත ....
එයාලගේ හිනාවට හේතු උනු කෙනා ගැන හිතලා හිනා වෙන එක....

❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Where stories live. Discover now