11. ❄️💕Begin 💕❄️

411 45 39
                                    

At Hospital

හිම් සෝ ඔහේ බලාගත්තු අත බලන් හිටියෙ පැයක් තිස්සෙ තාමත් ඩොක්ටර් එලියට ආපු නැති නිසා. අනිත් පැත්තෙන් සුක් ගේ ඔම්මා ඔලුවට අත තියාගෙන කල්පනා කරනවා. අප්පා අත් දෙකත් බැදගෙන එහාට මෙහාට ඇවිදිනවා.
හිම් සෝ ගේ ඔම්මයි අප්පයිත් හොස්පිට්ල් එකට ආවෙ එවෙලෙ.
හිම් සෝගේ අම්ම ඇවිත් හිම් සෝ ලගින් ඉදගත්තා ..

Omma- දුව .. ඩොක්ටර් ආවාද.?

හිම් සෝ ඔම්මගේ උරහිසට ඔලුව තියාගන්න ගමන්

'තාම නෑ ඔම්මා..'

Omma- හ්ම්ම්.. බය වෙන්න දෙයක් නැතුව ඇති.. සුක්ට හොද වෙයි දූ බය නොවී ඉන්නකෝ...

හිම් සෝ ගෙ ඔම්මයි අප්පයි සුක් ගේ ඔම්මවයි අප්පවයිත් හිත හදලා බලන් හිටියෙ කොයි වෙලෙ ඩොක්ටර් එයිද කියලා..

විනඩී ගානකට පස්සෙ රූම් එකෙ දොර ඇරුනා... ඩොක්ටර් එලියට ආවා. හිම් සෝව ඉබේටම වගේ නැගිට්ටුනා..
සුක්ගේ ඔම්මා ඩොක්ටර් ආපු ගමන්ම කතා කරන්න ගත්තා .

Doctor - දැන් එච්චරම අවුලක් නෑ සුක්ට. එයාව ඉක්මනට ගෙනාපු නිසා අපිට ටිකක් ලේසි උනා.. එයා මුකුත්ම කාලා නැති නිසයි එයාට වමනේ ගිහින් තියෙන්නෙ. දැන් උණ තාම අඩු වෙලා නෑ. එයාට නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නෙ. එයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ? එයා ගොඩක් අඩලා තියෙනවා කියලා පේනවා. දැන් එයාව තනියම තියන්නෙපා. සිහිය ආවාම හොදට කතා කරන්න.එයාට හොදට කන්න දෙන්න එයා කැමති ඒවා.හෙට දවල් වෙනකන් පුලුවන් තරම් බොන ජාති දෙන්න. ඊටපස්සෙ අනිවාරෙන්ම එයා ආස ඕනම දෙයක් කන්න දෙන්න. අරස්සො?
ම්ම් දැන් නම් එයාට සිහිය නෑ. නින්ද යන්නත් බෙහෙත් විදලා තියෙන්නෙ. අපි එයාට සේලයින් දෙනවා. දැන් ඔයාලට ගිහිල්ලා බලන්න පුලුවන්. කොහොමටත් දවස් දෙක තුනක් ඉන්න වෙයි. තව ටෙස්ට් වගයක් කරන්න තියෙනවා. ම්ම් දැනට කලබල නොවී ඉන්න. අපි බලමු. බය වෙන්න දෙයක් නෑ. ඕකේ?
කවුරුහරි එක්කෙනෙක් මන් එක්ක එන්න. තොරතුරු ටිකක් හොස්පිට්ල් එකට ගන්න තියෙනවා.

ඩොක්ටර් කතා කරාට පස්සේ හැමෝගෙම හිත් වලට දැනුනේ ලොකු සහනයක්. සුක් ගෙ අප්පා ඩොක්ටර් එක්ක ගියා.

❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Where stories live. Discover now