21. ❄️💕 The Truth Untold 💕❄️

289 48 40
                                    

No one's pov

මුලින්ම හිම් සෝ ටේ ව ප්‍රතික්ෂේප කරානේ.. ඒත් ටික දවසක් යනකොට ඒක සාමාන්‍ය දෙයක් උනා හිම් සෝට..  එයාලා දෙන්නටම පුරුදු කන්ද එයාලා දෙන්නව එයාලට අදුරගන්න හොදම තැන උනා.. හිම් සෝ ටත් වෙනදට වඩා සැහැල්ලුවක් ටේ ලග ඉද්දි දැනුන නිසා එයා ටිකින්ටික එයාගේ ජීවීතෙ ඒ නන්නාදුනන කෙනාව ලං කරගත්තා ... ඒත් එකම එක මනුස්සයෙක් විදියට විතරයි ..
කිසිම විශේශ තැනක් එයා දුන්නෙ නෑ.. ඒත් එහෙම දුන්නෙ නැත්තෙ පිටට පේන්න විතරයි . හිත ඇතුලින් හිම් සෝ ටත් නොදැනීම ඒ කෙනා හිම් සෝ නන්නාදුනන කෙනා හිම් සෝ ගේ හිතෙ ඉඩක් හදන් තිබුනේ.

ටේ ට නම් කෙල්ලව දැකපු දවසේ ඉදන්ම දැනුනානේ ඒ හැගීම ..
ටේ හිතුවෙම  ඒ එයා හැමදාම බලාපොරොත්තු උනු තරුව තමන්ට ලැබුනා කියලා. මොකද ටේ හීන මවපු ලැබෙන්න ආස කරපු දේවල් ගොඩක් ඒ කෙල්ල ලගින් ටේ ට ලැබුනා.... දැනුනා....
ඒත් කියන්න බැරි විදියට ඒ බැදීමට නන්නාදුනන කම කියන සීමාව තිබුනා.. ඒකයි ටේ එයාගේ හිත ඒ කෙල්ලගෙන් හැංගුවේ..

ඒත් ඒ දෙන්නා එයාලා ගැන ආගිය දේවල් ගැන කතා කරන්න පටන් ගත්තේ දෙන්නගෙම හිත් වල දෙන්නටම නොදැනී ඇති උනු ලෙන්ගතු කම නිසා..

ඒ ලෙන්ගතුව ඒ දෙන්නගේ අදහස් බෙදාගන්න ඉඩක් හදලා දුන්නා..

ඒත් කෙල්ල ඉස්සරහා ටේ තාමත් එයාගෙ මූණ හංගන් ඉන්නෙ.. කීප සැරයක්ම කෙල්ල ඒ ඇයි කියලා ඇහුවත් ටේ කිව්වෙ වෙලාව එනකන් මේ ඇස් එක්ක විතරක් කතා කරන්න කියලා..
වෙන කෙනෙක් නම් එහෙම කතා කරන්න බය උනත් සැක උනත් මොකක්දෝ හේතුවකට හිම් සෝ ගේ හිතට ඒක ප්‍රශ්නයක් කියලා දැනුනේ නෑ..

ඒකට වෙන්නැති නේද කියන්නෙ සංසාරගත් බැදීම් කියලා..
දෙන්නට දෙන්නා හිතින් එයාලටත් නොදැනීම ලං වෙන එක කොච්චර අමුතු ලස්සන හැගීමක් ද.. ඒක විදින කෙනා විතරයි ඒ හැගීම දන්නෙ..

සුක් ගේ වේදනාව පිරිච්ච වෙන්වීමත් එක්ක තනිකම පිරුනු කෙල්ලගේ හිතට අහම්බෙන් හම්බුනු කොල්ලා නිසා කෙල්ල එයාටත් නොදැනීම හිනාවෙන්න පටන් අරන්..
ලෝකයක්ම හිනස්සන ලෝකයක්ම සුවපත් කරන ලෝකයක්ම දිනපු තරු හතකට ආදරේ කරන්න පටන් අරන් කෙල්ලගේ හිත ජීවීතේ කිසිම දවසක අත්වින්දේ නැති විදියට සතුටින් පිරෙන්න පලවෙනිම පියවර උනේ අහම්බෙන් හම්බුනු කොල්ලෙක් කෙල්ල්ගෙ ඇස් වල තියෙන වේදනාද දැකලා කෙල්ලගේ හිත නිවන්න වගේ කෙල්ලට ඇහෙන්න ප්ලේ කරපු සෝන්ග් එක..
LOVE IS NOT OVER..

❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Donde viven las historias. Descúbrelo ahora