20. ❄️💕 Night changes 💕❄️

329 48 52
                                        

පලවෙනි හාදුව...
කෙනෙක්ගේ පලවෙනි හාදුව කොච්චර ලස්සන අත්දැකීමක් ද..??

තමන් ආදරේ කරන කෙනාගෙන් ලැබෙන පලවෙනි හාදුව..

කොච්චර ලස්සන වෙයිද ඒක විදින එක..

හරියට මූලූ ලෝකෙම ඔයාට ලැබුනා වගේ..

හරියට ඔයාගේ ජිවීතේ අලුතින් පටන් ගත්තා වගේ..

හරියට ඔයාව සදහටම අයිතිකරගත්තා වගේ ..

ඒ මොහොත ඒ තත්පරය..

එයා ඔයාව එයාගෙම කරගන්න පලවෙනි මොහොත..

එයාගේ උණුහුම වෙන්දට වඩා ඔයාට දැනෙන්න ගන්න මොහොත ..

විදින්න ආස කරනම... ලබන්න ආස කරනම හැගීම...

හිත හිරිවට්ටන හැගීම...

එයාගෙ වෙලා ඉන්න එයත් එක්කම තරග කරන මොහොත ..

කොච්චර ලස්සනද කියලා හිතන්න පුලුවන් ද..?

ආදරේ කියන්නෙ ඒ වගේ ලස්සන හිතාගන්න බැරි තරම් සුන්දර අත්දැකීම් ජීවිතේට ලං කරන්න පුලුවන් හරි අමුතු හැගීමක්...

දෙන්නෙක්ගේ පලවෙනි හාදුව එයාලට කවදාවත්ම අමතක කරන්න බෑ.. එයාලා එයාලාට ගොඩක් ලං වෙන්න පටන් ගන්න පලවෙනිම මොහොත ... කොහොම අමතක කරන්නද..

හිම් සෝ ටේ දෙන්නත් එදා ඇදිලා ගියේ අවුරුදු එකහමාරකට විතර කලින් එයාලා එයාලා වෙනුවෙන් තනි උනු එයාලගේ උනුසුම විදින්න තනි උනු මොහොතකට ...

ඒ දෙන්නට කියන්න බැරි තරම් සතුටක් ඒ මොහොත විදිනකොට දැනෙන්න ඇති නේද ..?

වචයකින් මෙහෙමයි කියලා විස්තර කරන්න බැරි තරම් හැගීමක් වෙන්න ඇති නේද ඒක...?

නිකන් කරන්ට් එක වැදිලා යනවා වගේ.. එයාගේ අත් අතරට මැදි වෙලා එයාගේ පපුවෙ සද්දෙ ට මැදි වෙලා.. එයාගෙ හුස්ම එක්ක තරග කර කර ඒ හැගීම විදින එක හරි අමුතුයි නේද ...

ඒත් ඒ අමුතු දේ විදින්න හරි අමුතු ආසාවක් හිත් වල තියෙනවා..

හිම් සෝ ත් ටේ ගේ ඒ අමුතු හැගීම  විදින්න ගොඩක් ලෝභයි. 

First kiss එකපාරටම දෙන්නට දෙන්නා ලං වෙලා ඉද්දි  එකපාරටම හිතට එන හැගීමකට එයාගෙ තොල් එක්ක ඔයාගේ තොල් තෙමෙද්දි එයාගේ අත් වලට එයාගේ පපුවට එයගේ උනුසුමට මැදි වෙලා මෘදුව පටන් ගන්න ඒ හාදුව දෙන්නටම නොදැනී ගොඩක් දුර යනකොට දෙන්නම තරග කරනවා...

❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Where stories live. Discover now