16. ❄️💕 Infinite love 💕❄️

319 54 72
                                    

At BTS dorm......

Jimin- දැන් උබ කියන්නේ එයා නම ඇහුවම කිව්වෙ නෑ කියලද?

Tae- නම ඇහුව ගමන්ම යන්න ඕනි කියලා ගියා බන්..
එයා ඉන්නේ පාලුවෙන්.

එයා කා එක්කවත් ආයිත් එකතු වෙන්න කැමැත්තෙන් නෙමෙයි වගේ ඉන්නෙ..
අනේ මන්දා ඒත් එතනට හැමදාම එනවා කියලා නම් කිව්වා..
අනෙ මට පුලුවන් උනා නම් එයා එක්ක කතා කරලා එයාගේ දුක බෙදාගන්න.

එච්චරයි මට ඕනි..

මටත් නොකියම එයා මගේ හිතෙ ඉඩක් හදාගෙන ජිමින්.. එත් එයා...
අයිති උනේ නැතත් කමක් නෑ මට පුලුවන් නම් එකම එක පාරක් හරි එයාගෙ හිත ආයිත් බිදෙන්නැති වෙන්න හදන්න..

මන් ඉල්ලන්නෙ එච්චරයි..
මන් හොයපු තරුව බන් ඒ..

මන් ලගටම ඇවිත් තියෙන්නෙ..
මන් හෙව්වෙ එ වගේ කෙනෙක්.

වචන දහයක් හරියට කතා කරලාවත් නැති කෙනෙක් මෙච්චර හිතට දැනෙන්නෙ මොකක් හරි දෙයක් හින්දනේ..

Jimin- පිස්සෝ..

දුකින් ඉන්නෙපා.
දවස් කීයද එයාව හම්බෙලා.
එයාට ටිකක් කල් දෙන්න.

ඔයා නරක කෙනෙක් නෙමෙයිනේ..
එයාට දැනුනු දවසට එයා කතා කරයි..

අද හම්බුනාම එයා කිව්වෙ නැතත් ටිකක් දවස් යද්දී උබව එයාට තේරෙයි..

මෝඩ කෙල්ලෙක් වෙන්න බෑනේ.
අනික උබ නරක එකෙකුත් නෙමෙයි.
පලවෙනි වතාවට උබ ජීවීතේ කෙල්ලෙක් වෙනුවෙන් හිත වෙහෙසන්නේ..

එයාට දැනෙන්නම ඕනී නේද..
අනික දැන් අපේ බෑන්ඩ් එක ෆොලොව් කරන්නත් පටන් අරන්..

පුලුවන් දවසට එයා ඔයාත් එක්ක කතා කරන්න පටන් ගත්ත දවසට උබ එයා ඉස්සරහ දාගෙන ඉන්න මාස්ක් එක ගලවලා මූණ පෙන්නපන්..

අපේ V ආමිලගේ V ව..

එදාට එයාට තවත් දැනෙයි..
කවුද එයාගේ පස්සෙන් මේ එන අලුත් මූණ කියලා..
උබට අද එයා නම කිව්වෙ නැති උනාට ලගදිම කියයි..
ඔයා ලං වෙන්නෙ කිසිම නරක අදහසකින් නෙමෙයිනේ ටේ..
( Geejoonie's note  : කිසිම නරක අදහස් නෑ. Strawberry taste එච්චරයි 😆)

ඒ නිසා ඉවසන්න..

එයාව උබට දෙන්න උඩ ඉන්න එක්කෙනා තීරණය කරලා නම් ලැබෙන දවසට ලැබෙයි..

❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Where stories live. Discover now