29. ❄️💕 How Did We 💕❄️

320 46 41
                                    

බාධා වැඩිවෙන තරමට දෙන්නෙක්ගේ ආදරේ ගොඩක් සුන්දර වෙනවා කියනවා නේද??

ටේ හිම් සෝ දෙන්නගේ ආදර කතාවෙත් බාධා තිබුනා. ඒත් ඒ හැමදේටම වඩා ඒ දෙන්නගේ කතාවේ තිබුනේ ආදරය සතුට පිරුනු ලෝකයක් කිව්වොත් මන් හරි..

ප්‍රශ්න නැති ජීවීත නෑ තමයි. එහෙම ජීවීත හොයාගන්නවත් නැති තරම්.

ඒත් එන චූටිම ප්‍රශ්නයක් පවා හරි ඉක්මනටම විසදගන්න පුලුවන් වෙනවා දෙන්නගේ ආදරේ ඒ හැමදේටම වඩා ඉහලින් තියෙද්දි.

දෙන්නට දෙන්නා මුණ ගැහිලා දෙන්නගේම ජීවීත ගැන හොදටම දැනුවත් වෙලා දෙන්නගේ ඕන එපාකම් හැමදේම තේරුම් අරගෙන අහම්බෙන් අහබු සිද්දියකින් හම්බුනත් දෙන්නට දෙන්නා යන්නෙ හදවතින්ම ආපු ආදරයක් දරාගෙන නම් ඒ කතාවට ඒ ජීවීතේ අලුත් පිටු පෙරලද්දි එන බාධා අමුතු දේවල් නෙමෙයි.

කෙනෙක්ගෙ පලවෙනි ආදරයම තමන්ගේ වෙන්නෙ නෑ.
පලවෙනි ආදරයෙන් පැරදුනු මිනිස්සු ගොඩක් මේ ලෝකේ ඉන්නවා. එහෙම පැරදුනු ආදරේකට මනුස්සයෙක්ව වෙනස් කරන්න පුලුවන්. ආදරයෙන් පැරදිලා ජීවීතේ විනාස කරගන්න අය වගේම එහෙම වෙලා ඒ උනු දේ තමන්ගේ ජීවීතේට පාඩමක් කරගෙන ජීවීතේ හරි මාර්ගෙට යන මිනිස්සුත් ඉන්නවා..

ආදරේකට පුලුවන් ඕනම දෙයක් හරි ඉක්මනට වෙනස් කරන්න..
හරියට අදුරු වෙලා තිබ්බ අමාවක රෑක ගිලිලා සුසුම්ලමින් හිටපු හිම් සෝ ගේ ජිවීතේට එලිය අරන් ආපු හදක් වගේ උනු ටේ..
ඒ දෙන්නටම නොදැනී දෙන්නගෙම හිත් වල පිරිලා තිබුනු ආදරේ..
අන්තිමට ඒ දෙන්නා ඒ ආදරේ දෙන්නට දෙන්නා කියාගත්ත විදිය..
දෙන්නට දෙන්නා ආදරේ විදපු විදිය..
හිම් සෝ ගේ ජීවීතේත් වෙනස් කරේ ටේ ගේ ආදරය..
ඒ ආදරේ විදින්න ලැබුනේ නැත්තම් ටේ ව අදුරගත්තෙ නැත්තම් අදත් හිම් සෝ කොහෙහරි මුල්ලකට වෙලා එයාගෙම ජීවීතේ එක්ක ප්‍රශ්න කරනවා ඇති..

වාසනාව..
හැමෝටම නැති හැමෝටම හැමදාම නැති එකපාරටම නොකියා ජීවීතේට ලැබෙන දෙයක්.
ටේ ට හිම් සෝ වත් හිම් සෝ ට ටේ වත් දෛවය තුලින් මුණ ගැස්සුවෙ දෙන්නගෙම වාසනාවට.
එදා එයාලා එහෙම හම්බුනේ නැත්තම් අද් මේ වගේ ලස්සන ආදර කතාවක් නෑ නේද..

❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Where stories live. Discover now