නිදාගත්තා ඇති මැණික .
නැගිටලා මන් දිහා බලන්න..
මන් ඉන්නවා ඔයා ලගම..ඔයාගෙ ටේ ඔයා ලගින් හෙල්ලෙන්නෙවත් නෑ.
දන්නවද මට මට කොච්චර පාලුද කියලා ඔයා නැතුව..ඔයා නැතුව හැමතැනම හරිම හිස් මගේ හිම්සෝ..
හියුන්ලා හැමෝම ඔයා ගේ හිනාව ආයිමත් දකින්න බලන් ඉන්නෙ..
ඔයා ඔය චූටි ඇස් ආයිමත් ඇරලා බලන්නම ඕන..
හැමෝගෙම හිනාව ආයිත් එන්න නම් ඔයා නැගිටින්නම ඕන මැණික .
දන්නවද සතියක් තිස්සෙ මන් බලන් ඉන්නෙ ..
ඇති නේද ඔහොම හිටියා.
තව ඉන්නෙපා.
ඔයාගෙ ටේ අඩනවට ඔයා කැමති නෑ නේද .
ම්ම්.
මන් අඩන්නෙ නෑ.. මන් දන්නවා මගේ හිම් සෝ එනවා කියලා.
ආයිමත් ඔයාට කොහෙවත් යන්න දෙන්නෙ නෑ.
මට සමාවෙන්න මැණික ..
මට ඔයා ලගටම වෙලා ඉන්නයි තිබ්බේ..
ආයිත් ඇස් ඇරලා මන් දිහා බලන්නම ඕන..ටේ ගේ අත් හිම් සෝ ගේ කෙස් අතරින් දුවනවා.
ටේ කෙල්ලගේ ඔලුව අතගාන ගමන් කටපාඩමින් වගේ එකම දේ කියනවා.
කොල්ලට අඩන්න කදුලු නෑ.
හිත හයිය කරන් කොහොම හිටියත් කෙල්ලගෙ හිනාව මතක් වෙන වාරයක් ගානෙ ටේ හරි අසරණයි .
වෙනදට ලගට තුරුල් වෙන්න හදන එයා අද නොදන්න කෙනෙක් වගේ ඈත් වෙලා.ඒත්..
හිම් සෝ..
ඔව් එයා..
ටේ කියන වචනයක් ගානේ හිම් සෝට හොදටම ඇහුනා..
ඒත්..
ඇස් දෙක ඇරගන්න බැරුව හිම් සෝ ඉන්නෙ.
ඒ වේදනාව ..
ඇස් දෙක අරින්න හදන වාරයක් ගානේ ඔලුවෙන් එන වේදනාව ඉවසන්න බැරි තරම්.
කෙල්ලට ඕන ටේ ව බදාගෙන හයියෙන් අඩන්න.
ඒත් ඒ හැමදේම පරාද උනා තුවාල වල වේදනාව එක්ක..ඒත් ටේ අඩ අඩ කෙල්ල එක්ක කෙල්ලට කියන දේවල් ඒ හැමදේම හිම් සෝ ට ඇහුනා.
හිම් සෝ කවමදාවත්ම දැකලා නෑ ටේ මෙහෙම අඩනවා.
ඒත් සතියක් තිස්සෙ එයා ලගට වෙලා එයා දිහා බලාගෙන මැරුනු කෙනෙක් වගේ ටේ ඉන්න් හැටි ඒ කියන ඒ කරන හැමදේම හිම් සෝ ට දැනුනා.හිම් සෝ ට ඕන කෑගහන්න..
ටේ ව බදාගන්න.
ටේ ලගින් හෙල්ලෙන්නෙවත් නැතුව ඒ හුස්ම එක්ක තනි වෙන්න.හැම වේදනාවටම වඩා හිතේ වේදනාව වැඩියිනේ.
ආදරේ නිසා විදින දැනෙන වේදනාව ඉස්සරහ මොන තුවාලෙත් මොන වෙඩිල්ලත් පරාදයි.

YOU ARE READING
❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]
FanfictionTHE ROOTS ARE DEEP 💥 THE CONVENANT IS SOLID💥 LOVE IS SWEET 💥 LIFE IS HARD 💥 & GOOD IS GOOD 💜️