22. ❄️💕 Hold me tight 💕❄️

315 42 94
                                    

මේ ඉන්නෙ BTS තමා..

එතකොට මන් නම්ජුන්..

දැන් හොද ලමයා වගේ අපි කියන දේ හොදට අහගන්න..

හරිද..

මොනවද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව මොකෙද්ද එකෙක් වගේ මන් නම්ජුන් දිහා බලාගෙන හිටියා.

මගේ කටින් වචන පිටවෙන්නෙ නැති තරමටම මන් හිටියෙ වෙන දේවල් හිතාගන්න බැරුව.

ම්ම්ම්ම්ම්ම්ම්..

නම්ජුන් හීමීට කතා කරන්න පටන් ගත්තා.

Joon- ටේ ඔයා කතා කරනවද.. නැත්තම් මන් .........

Tae- ජුනි හියුන් ඔයා කතා කරන්න ප්ලීස්..

හ්ම්..

හරි ..
දැන් මන් කියන දේ හොදට අහගන්න හිම්සෝ..

ඔයා දැන් බය වෙලා ඉන්නෙ කියලා මන් දන්නවා..
ඔව් ඔයා දැන් මේ ඉන්නෙ BTS ලා එක්ක. එයාලගේ එපාට්මන්ට් එකෙ එයාලා මැද්දට වෙලා..
නම් කියන්න් ඕනි නෑනේ .
අපිව දන්නවනේ..
ඔව්.. ඔයාට අහම්බෙන් හම්බෙලා ඔයා එක්ක මෙච්චර දවස් කතා කරේ කිම් ටේහ්‍යුන්..
ම්ම්ම්ම්.. මන් හිතන්නෙ ඔයාලා දැන් නන්නාදුනන අය වෙන්නත් බෑ.. මෙච්චර දවස් කතා කරලා ඔයලා අතර දැන් මොකක්මහරි බැදීමක් ඇති.. මන් කියන්නෙ ඔයාලා දැන් ඔයාලව දන්නවා ඇති.. ඒ වගේම ඔයා දුකින් පාලුවෙන් තනියම විදවන හේතුව. ඒකත් ඔයා අපේ ටේ ට කියලා තිබුනා. ඒ හැමදේම අපි දන්නවා. මන් හිතන විදියට ඔයාගේ හිත ගොඩක් දුරට හැදුනේ ටේ නිසා කියලා..
ඒක එහෙමයි නේද ..

මන් ඔලුව පාත් කරගෙනම නම්ජුන්ගෙ කතාව අහන් හිටියේ තවදුරටත් මේක හීනයක් වත් මන් මැරිලාවත් මන් පිස්සන් කොටුවේ වත් නෙමෙයි ඉන්නෙ කියලා දැන් මට තේරුනු නිසා..
නම්ජුන් කිව්ව දේ ඇත්ත නිසා මන් ඔලුව නමාගෙනම ඔව් කියන්න ඔලුව වැනුවා.

ම්ම්ම්.. මෙහෙමයි ඔයා මාසයක් විතර කතා කරලා මූණ වත් දකින්නෙ නැතුව ජීවීතේ ට ලං කරගත්ත කෙනා කිම් ටේහ්‍යුන් ..
මන් හිතනවා එයාගෙ හිත එයාගේ හැසීරීම් ගැන මන් අමුතුවෙන් ඔයාට කියන්න ඔනි නෑ කියලා.. අහම්බෙන් හම්බෙලා උනත් ඔයාට එයාව දැනුනු නිසානේ හිම් සෝ ඔයා එයා එක්ක කතා කරලා එයාට ඔයා ගැන කිව්වෙ..
මේක වෙන්න තිබුනු දෙයක්.
ඔයාට තවත් එයාගෙ මූණ හංගලා තියන එකේ තේරුමක් නැති නිසයි අපි කිව්වෙ පුලුවන් ඉක්මනට එයා ගැන ඔයාට කියන්න කියලා.
ඒක නිසයි අද මෙහෙම දෙයක් උනේ.. ම්ම්ම්ම්ම්..
දැන් ඇත්තටම ඔයාව අපිට ගොඩක් ලග කෙනෙක්. මන් කියන්නෙ ඔයාව අපි දන්න අදුනන කෙනෙක් දැන්. අනික ටේ හැමදාම ඔයා ගැන අපිට කිව්වා..

❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Where stories live. Discover now