14 . ❄️💕 Love is not over 💕❄️

290 50 27
                                    

Tae's pov

හීතල දෙසැම්බර් මාසේ ඒ... ඔව් හිම වැටෙන්න ගොඩක ලග කාලේ... සීතල හොදටම දැනෙන කාලේ..
මේ කාලෙට එලියෙ තනියම ඇවිද ඇවිද තමන්ගේ ලෝකේක තනිවෙනවා තරම් නිදහසක් වෙන කොහෙවත් නැතුව ඇති.. ඔව් මන් ආස කරා ඒ නිදහසට.. ඒ සීතලට..

කුකිය එක්ක එලියේ රවුමක් දාන්න අපි ආවේ ලස්සන කන්දක් ගාවට එතනට මුලු පැත්තම හරි ලස්සනට පේනවා.
සාමාන්‍යයෙන් මායි කුකියි ජිමිනයි මෙතනට තමා ගොඩක්ම එන්නෙ. අදත් මන් කුකි එක්ක මෙතනට ආවා..

වෙන්දට දැනෙන්නෙ නැති මහ අමුතු ලස්සනක් හැගීමක් සුවදක් අද මට මෙතන දැනුනා.. ඒක ඒක මන් වෙනදට විදින සුවද නෙමෙයි..

අහස දිහා බලාගෙන බිම ඉදගෙන කල්පනා කරපු මන් මොනවද ඒ හිතුවෙ කියලා මන් වත් දන්නේ නෑ..

හිත හෙව්වෙම හැමදාම ආදරේ කරන්න... ආදරේ ලබන්න...
අහිංසක හිතක් මගේම කරගන්න..

ගත හෙව්වෙම හැමදාම සුවය විදින්න මගේම උනු එයාගෙන්.. මගේ තරුව.. මගේ මල..

හමු උනොත් රැකගන්නම් මගේ මල ඔයාව හැමදාම...
ආදරේ කරන්නම් ඔයාට එච්චර ආදරේ කරන්න පුලුවන් ද කියලා දැනෙන තරමටම..

මගේ හිතට ගලාගෙන ආවේ එහෙම දේවල්...
මටත් ඕනී ආදරේ...
මගේම උනු ආදරයක්...
හියුන් ලට වගේම ලස්සන ඉන්න පුලුවන් ආදරයක්...

කුකී ඈතට ගියා ටිකක් තනියම ඉන්න.. මාත් එතනින් නැගිටලා අනික් පැත්තට පොඩ්ඩක් හැරුනේ ඇවිදන් යන්න...

ටික දුරක් ගියාම මගේ ඇස් එක තැනක නැවතුනා..
ඔව් girl කෙනෙක්..
තනියම..
හරියට චිත්‍රයක් වගේ..
එයා ඈත බලාගෙන ලොකු කල්පනාවක..
ඒ මූණේ කිසි හැගීමක් නෑ..
ඒත් එයා හිනාවෙන්න උත්සහ කරනවා..
කවුද මේ..
මේ රෑ තනියම..

ටේ මොකද මේ ඔයාගෙ හිත මෙච්චර කලබල..
යන්නද එයා ගාවට..
අහන්නද මොනවමහරි එයාගෙන්..
ඇයි මෙතන ඉන්නෙ කියල අහන්නද..
එයා දුකින් නම් ඒ දුක බෙදාගන්නද..

ආශ් ඒත් එයා වැරදියට තේරුම් ගත්තොත්..
එයා බය වෙයිද..
ටේ මොනවද කරන්නෙ දැන් එයා තනියම ඉන්නෙ ඇයි දන්නෑ..
අහන්නද..
ඕන්නැති ලෙඩක් වැටෙයිද..
මේ කුකියත් නෑනේ..
අනේහ්..
මගේ හිත කියන්නෙම එයාට කතා කරන්න කියලා..
එයා අඩනවද..
ආහ්...

❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Where stories live. Discover now