31. ❄️💕 Moon 💕❄️

281 46 106
                                    

Jin- ඕහ්.. එයිනේ තව ටිකකින්..
එහෙනම් කට්ටියම ලෑස්ති වෙලා ඉන්න.
මායි නම්ජුන් හියුනුයි මේ මග එන ගමන් ඉන්නෙ.

Two good news🌼

ජින් එහෙම කියලා ෆෝන් එක තිව්වම එතන හිටපු කට්ටියම මූණට මූණ බලාගත්තෙ මොකක්ද ඒ සුබ ආරංචි කියලා හිතාගන්න බැරුව.
එකක් නම් මොකක්ද කියලා හොබී සුගා දෙන්නට හිතා ගන්න පුලුවන් ..

ඒ..

Maknae line එකෙ වෙඩින් එක🙈❤️

කොල්ලො හත් දෙනාගෙන් චූටීම තුන් දෙනා.
හියුන්ලා හතර දෙනාගෙ චූටි මල්ලිලා තුන.
මුලු ලෝකයක්ම ආදරේ කරන තරු තුන.
හිනාවකින් හිත් මිලියන ගානක් සනීප කරන චූටි කොල්ලො තුන.
හියුන්ලා හතර දෙනාගෙ ආදරේ උපරිමයෙන්ම ගන්න එයාලග් හුරතල් මල්ලිලා තුන.

එයාලා එයාලගෙ ජීවීතේ ලොකුම පියවරක් ඉස්සරහට තියන්න යන්නෙ.
ඉතින් ජින්, නම්ජුන් , සුගා, හොබී වෙනදට වඩා ගොඩාක් සතුටින් හැමදේම කරන්නෙ.
පොඩි බට්ටො තුන් දෙනෙක් විදියට අවුරුදු හතකට කලින් හම්බුනු මේ චුටි කොල්ලො තුන් දෙනා අද ඉන්න තැන..
එයාලා ලොකු වෙලා තියෙන තරම..
චූටි කාලෙකදී ජීවීතේ ලබන්න පුලුවන් උපරිම සාර්ථකත්වය අරන් තියෙන හැටි..
හිත් මිලියන ගානක් වචන වලින් සනීප කරන තරම..
මිනිස්සු මිලියන ගානකගේ හිනාව පිටිපස්සට එක හේතුවක් වෙලා තියෙන තරම..

පුංචි කොල්ලො හතක් නේද මේ..
එයාලා අනික් අය වෙනුවෙන් කරන දේවල් මේ ලෝකේ ගොඩාක් මිනිස්සු දකිනවා.
මිනිස්සු කීයෙන් කී දෙනාද ඉන්නෙ ඒවගේ.

මේ කොල්ලො හත් දෙනා ඒ මිනිස්සු අතර උඩම තැනක ඉන්නවා.

අනික් අයගෙ සතුට වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා තමන්ගේ ජීවීතේ ත් සතුට හීමීට හොයාගෙන විදින්න හදන තරු හතක්.
එතනින් ලොකු තරු හතර ගිය අඩිපාරේම දැන් චූටි තරු තුනත් යන්නයි හදන්නෙ.

කොහොම දැනෙනවා ඇතිද ජින්, නම්ජුන්, හොබී, සුගාට..
හදවතින්ම සතුටු වෙනවා එයාලා.
හරියට මේ කොල්ලො තුන් දෙනාගෙම අම්මලා තාත්තලා වගේ..
ඒ වගේ සහෝදරයෝ මේ ලෝකේ කොහෙවත්ම හොයාගන්න නැතුව ඇති.

❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Where stories live. Discover now