chapter 7

667 151 18
                                    

Double update  😁

ටේ ඔප්පා ටවල් එක ඇද ගන්න එහෙට මෙහෙට අත හොල්ලනකොට එකපාරටම දෙන්නාවම ලිස්සලා ආයි වැටුනේ..මාව බිමට වැටෙනකොට මන් හයියෙන් ඇස් තද කරලා වහගත්තාත් පස්ස ඩාන් ගාලා බිම ඇනුනාට මගේ ඔලුව නම් වැදුනේ නෑ කියලා තේරුනා...ඇග උඩ බර දෙයක් දැනුන නිසා මන් හිමීට ඇස් ඇරලා බැලුවා..

දෙයියනේ...නෑ..නෑ...මාව රතු වෙන්න නම් එපා..
නාදියා උබ දැන් කොල්ලෙක්..රතු වෙන්න හිතන්නවත් එපා...මන් කොච්චර එහෙම හිතුවත් ටේ ඔප්පා ඉන්න විදියට මට මාව රතු වෙන එක නතර කරගන්න බැරි උනා..මට දැනුනා මගේ කම්මුල් වලට ලේ බැහැලා රත් වෙනවා..

මන් මොකක්ද දැන් කරන්නේ..ටේ ඔප්පා ඇගේ කිසිම ඇදුමක් නැතුව මගේ ඇග උඩ ඉන්නේ..ටවල් එක මගේ පැත්තෙන් වැටිලා තියෙන විදිය දැක්කාම මට හිතාගන්න පුලුවන් එයා දැන් මගේ කකුල් අතර ඉන්නේ නූල් පොටක් නැතුව කියලා..මොනවා උනත් මන් වැටෙනකොට එයා මගේ ඔලුව ටයිල් එකේ වදින්නේ නැති වෙන්න එයා අත තියලා..තෙත කොන්ඩේ දිග ඇහිබම රෝස තොල් මගේ මූන ලගම තියෙනකොට මගේ පපුව හයියෙන් ගැහෙන්න පටන් ගත්තා..මන් දන්නවා එයාට මගේ හදවත ගැහෙන සද්දේ දැනෙනවා ඇති...ඒත් මගේ තරමටම එයාගේ හදවතත් හයියෙන් ගැහෙනවා...ඒත් ඇයි...එයා බය වෙලාද ??

ඒත් එයාගේ ඇස් ලොකු කරන් මගේ මූන පුරා දුවනවා..ඇස් වලටයි තොල් වලටයි මාරුවෙන් මාරුවට එයාගේ ඇස් දුවනවා...මගේ ඇස් දිහා එයා ටිකක් වෙලා බලාගෙන ඉදලා ටික ටික මගේ තොල් වලට එයාගේ තොල් ලන් කරා..එයා මාව කිස් කරන්න ද යන්නේ...මොකක්..අනි...මන් කොල්ලෙක් විදියටනේ ඉන්නේ...එතකොට එයා කිස් කරන්නේ කොල්ලෙක්වනේ...මොකක්ද මේ වෙන්නේ..මට පපුවේ අමාරුව හැදෙයි වගේ මෙහෙම ගියොත්.. මගේ තොල් ලගටම එයාගේ තොල් ගිහින් නතර උනා..එයාගේ හුස්ම මගේ මූනේ වදිනවා..මගේ පපුව ගැලවිලා වැටෙන්න තරමට ගැහෙනකොට මගේ අත් මන් ගුලි කරලා තියාගත්තා..

🐥 ටේ...ටේ....

ජිමින් ඔප්පා එකපාරටම එලියේ ඉදන් කෑ ගහනවා ඇහෙනකොට එයා ඉක්මනට මගේ තොල් වලින් ඈත් උනා..දැන් තමා මට හුස්ම ගනන් මතක් උනේ.. ඒත් මගේ ඇග උඩ ඉදන් දගලන්න එපා..

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now