chapter 44

690 130 21
                                    

කාලය හරි වේගෙන් ගියේ මුලු ලෝකෙම වගෙ මූසල කරලා ගිහින්..ඇක්සිඩන්ට් එකෙන් පස්සේ හැමදේම වෙනස් උනා..හැමෝගෙම ජිවිත පවා..අදට එයාලා ඇක්සිඩන්ට් වෙලා සතිය දෙකක් වෙනවා...

යූන්ගිගේ කතාවත් එක්ක ටේහ්‍යුන්ට බැන්න හුගක් අය ටේහ්‍යුන්ට බනින එක නතර කරන අතරේ ලෝකේ ඉන්න ආර්මිලගේ දවසේ ප්‍රාර්තනව උනේම ටේහ්‍යුන්ගේ ජන්ග්කුක්ගේ වගේම ජිමින්ගෙත් ආදරේ පරිස්සම් කරලා දෙන්න කියන එක..ඒ අතරින් තාමත් ටේහ්‍යුන්ට බනින අය හිටියත් ඒ කිසිම දේකට ආවධානමක් දෙන්න තරම් පුලුවන් කමක් කිසිම කෙනෙක්ට තිබ්බේ නෑ..

නම්ජුන් පිඩී එක්ක කතා කරලා මිඩීය වලට හොරෙන් එදාම රෑ ටේහ්‍යුන් ,ජන්ග්කුක් ,ජිමින් එක්ක යූන්ගිවයි ජින්වයි යවලා හොබි , නම්ජුන් දෙන්නා LA වල නතර උනේ එකපාරටම කොන්සට් කැන්සල් කරලා යන්න පුලුවන් කමක් නැති නිසායි..කොන්සට් එක කැන්සල් කරත් ඒකේ වැඩ ටික බලාගන්න ලීඩර් විදියට නම්ජුන් ඉන්නම ඕන..එයාව තනියම තියන්න බැරි නිසා හොබි එයත් එක්ක හිටියේ පොඩි තුනව ටිකක් හරි පාලනය කරන්න පුලුවන් ජින්ටයි යූන්ගිටයි නිසා..

ජන්ග්කුක්ගේ තත්ත්වේ අඩලා අඩලාම යම්තාක් දුරකට හරි ගියත් සිහිය ආවත් ටේහ්‍යුන්ගේ තත්ත්වේ නම් එන්න එන්නම දරුණු උන එකයි උනේ...ටේහ්‍යුන් කිසිම කෙනෙක් එක්ක වචනයක්වත් කතා කරේ නෑ..එයා හැමෝමව තමන්ගෙන් ඈත් කරලා කොනකට වෙලා මේ හැමදේටම තමනුයි වැරදි කිය කිය අඩන එක විතරමයි කරේ...ටේහ්‍යුන් බය උනා එයා ලගට කවුරු හරි ආවොත් එයාටත් කරදරයක් වෙයි කියලා..ඒ නිසා එයාගේ හ්‍යුන්ග්ලටවත් ටේහ්‍යුන්ව අල්ලන්නවත් එයා ඉඩ දුන්නේ නෑ..

ජිමින්ගේ උනත් ඒ හැටි වෙනසක් තිබ්බේ නෑ...කිසිම කෙනෙක් එක්ක එයා කතා කරේ නෑ...ජිමින් ඉන්න තත්ත්වේ බලන් ඉන්න බැරිම තැන යූන්ගි ජිමින් එක්ක කතා කරාම තමයි ජිමින් එයාගේ හැගීම් එලියට දාන්න පටන් ගත්තේ...යූන්ගිට හෙල්ලෙන්න නොදි එයාව බදාගෙන දවසෙම අඩන ජිමින්ව කොන්ට්‍රොල් කරන්න අමාරු උනත් ටේහ්‍යුන්ට වඩා ජිමින් සිහියෙන් හිටියා..

ඒත් මොන ප්‍රශ්නේ ආවත් හිනා වෙන්න උත්සාහ කරපු ටේහ්‍යුන් මෙහෙම ඇදක් උඩ ඔලුව බදන් තනියම කියෝ කියෝ ඉන්නකොට මේ දිහා කිසිම කෙනෙක්ට බලන් ඉන්න පුලුවන් කමක් තිබ්බේ නෑ...ටේහ්‍යුන්ව ආයි කොරියාවට අරන් ආවෙත් සිහිය නැති කරලා ලෙඩෙක් ගෙනියන විදියට..මොකද ටේහ්‍යුන් බෙහෙත් කරන්නවත් කිසිම කෙනෙක්ට ලගට එන්න දෙන්නේ නෑ...අඩුම එයාගේ හ්‍යුන්ග්ලටවත්.. ඉක්මනට කොරියාවට ගිහින් ටේහ්‍යුන්ගේ රෝසමල එයාගේ ලගට ආවම මේ තත්ත්වේ හරි යයි කියලා හිතුවාත් ඔලුවත් අතකුත් බැන්ඩේජ් කරලා රෝස පාට මූන පුරාම තුවාල කැළලි එක්ක ඉන්න ටේහ්‍යුන්ගේ පුංචි රෝස මල දැක්කාම ටේහ්‍යුන්ගේ තත්ත්වේ තවත් දරුණු උනා..අඩුම ටේහ්‍යුන් තාමත් නාදියාව බලන්න හොස්පිටල් එකටවත් ගියේ නෑ..එයා යන්නේ කොහොමද ?? දෙවෙනි පාරටත් එයා නිසා එයා ආදරේ කරන කෙනෙක් ජිවිතයත් මරනයත් අතර ඉන්නවා බලන්නේ කොහොමද ??

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now