chapter 31

704 151 10
                                    

Taehyung pov

ඉර එලියත් එක්ක මන් උදේම නැගිට්ටුනේ මගේ ඇග පොඩ්ඩක් හිරි වැටිලා වගේ දැනුන නිසා..මන් එහෙම්ම අමාරුවෙන් ඇස් ඇරලා බැලුවේ මට හෙල්ලෙන්න බැරි තරම් මගේ ඇග උඩ තියෙන්නේ මොකක්ද කියලා..

ඇස් ඇරපු ගමන් මට හිනා ගියේ මගේ ඉස්සරහ පෙන්න තියෙන දර්ශනේ ඒ තරම් ලස්සන නිසා..හරි වැඩිය දෙයක් නෑ නාදියයි රෝස මලයි මාව දෙපැත්තෙන් තදින් බදාගෙන නිදි...මගේ ඇගේ තෙත් වෙලා තියෙන විදියෙන් දන්නවා දෙන්නාම කුණු කෙල පෙරනවා කියලා...ඒත් උදේ පාන්දර මට දරාගන්න බැරිම දේ නාදියාගේ තොල් තියෙන්නේ මගේ නිපල් එක උඩ, කකුල් මගේ බඩ උඩ, එක අතකින් මගේ ඇග උඩින් දාලා ‍රෝස මලව අල්ලගෙන...ඒකට නම් ආස හිතුනා..නාදියා නින්දෙන් උනත් රෝස මලගේ පුංචි අතින් අල්ලන් ඉන්නේ හරිම ආදරෙන්..ඒ අතර පොඩ්ඩක්වත් රිද්දෙන්නේ නැති වෙන්න එයා අල්ලන් ඉන්නේ..

මන් හිමීට නාදියාගේ කොන්ඩේ දිගේ මගේ අත අරන් ගියාම එයා තව ටිකක් මගේ උනුහුමට ගුලි උනා..පුංචි පූස් පැටියෙක් වගේ...ඇත්තටම කෙල පෙරන් නිදන් හිටියත් එයා හුරතල්...

🐯 ආහ්....

එකපාරටම නාදියාගේ තොල් මගේ නිපල් එකේ එහෙ මෙහෙ වදිනකොට මන් මෙච්චර වෙලා අමාරුවෙන් හිර කරන් හිටිය හැගීම් පුංචි කෙදිරිල්ලකින් පිට උනා...වාහ්..එයාගේ පුංචි ස්පර්ශයෙනුත් මට මෙහෙම වෙනවාද ?? එක අතකට කොල්ලෙක් වෙලා ඉන්න කාලෙත් මෙහෙම උන එකේ කෙල්ලෙක් කියලා දැනගත්තාට පස්සෙ මෙහෙම උනේ නැත්තන් තමා පුදුමේ...

මගේ කෙදිරිල්ලට රෝස මල ඇහැරුනාද කොහෙද ?? එයා කොහොමත් සාමාන්‍යයෙන් උදෙන් ඇහැරෙනවා...හිමීට ඇස් ඇරලා ඇහැ කසන ගමන් මගේ මූන බැලුවා...

🐯 ගුඩ් මෝනින්ග් මගේ මැණික

මන් එහෙම කිව්වාම නිදිමතේම ඇහැරිලා ලස්සන හිනාවක් එයාගේ මූනේ පිරුනා..මන් එක අතකින් එයාගේ කට වටේට තියෙන කෙල ටික කිසිම අප්පිරියාවක් නැතුව පිහිදලා දැම්මාම කෙල්ල මගේ අත උඩින් හාදුවක් තිබ්බා...රෝස මල පුංචි උනත් එයාට හුගක් තෙරෙනවා..එයා ආස නෑ මන් එයාගේ කෙල, හොටු පිහිදනවට,එයාගේ කිලුටු ඇදුම් සෝදනවාට..එයාට අනුව ඒවා අප්පිරිය දේවල් උනාට මගේ පුංචි කෙල්ල ගැන මට අප්පිරිය නෑ..මන් එයාගේ අප්පා...එයා මගේ පන...ඒ වගේ වෙලේට එයා මගේ අතට හාදුවක් දෙන්න අමතක කරන්නේ නෑ..ඒත් එයා දෙන පොඩි පොඩි හාදු වලට මගේ ඇස් වලට කදුලු පිරෙනවා..මන් ඒවාට ආදරෙයි..සමහර වෙලේට රෝස මලගේ හාදු නැතුව මට නින්ද යන්නේ නෑ...වර්ල්ඩ් ටුවර් එහෙම ගියාම ‍රෝසමල රෑට දෙන හාදුව නැතුව මට නින්ද යන්නේ නැති තරම්...

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now