chapter 45

629 139 7
                                    

After 1 month

කාලය හුගක් වේගෙන් ගෙවිලා ගියේ හැම දෙයක්ම වෙනස් කරලා...නාදියා කෝමා එකකට වැටිලා අදට මාසයක්...නාදියා වගේම ටේහ්‍යුන් එන්න එන්නම දුර්වල වුනා..ඉස්සර තිබ්බ පැහැපත් රන්වන් පාට හම අවපැහැ වෙලා..රැව්ල , කොන්ඩේ වැවිලා ටේහ්‍යුන් මාසෙට නියම වයසටත් වඩා වයස පාටයි...මේ ටේහ්‍යුන් ද කියන්න බැරි තරමටම ටේහ්‍යුන් වෙනස් වෙලා..දවසට වේලක් නැත්තන් දෙකක් කන ටේහ්‍යුන්ගේ සිරුර කෙසග වෙලා..කොච්චර ඩොක්ටර්ස්ලා ගෙනාවත් ටේහ්‍යුන් නෙමෙයි වචනයක්වත් කතා කරේ..එයා කියන දෙයක් ඇහුවා නම් අහන්නේ ජන්ග්මි කියන දේවල් විතරයි...කාමරේ ඇතුලට අනිත් අයට එන්න දුන්නාත් ටේහ්‍යුන් එයාලා කියන දේ අහන් හිටියාට කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ...ටේහ්‍යුන්ගේ ෆැමිලි එක එයාව එක්කගෙන ඩේගු යන්න උත්සාහ කරත් එයාගෙත් නාදියගෙත් මතක පිරුණු කාමරය දාලා යන්න ටේහ්‍යුන්ට ඕන උනේ නෑ..

🐹 ඩොක්ටර් ??

ටේහ්‍යුන්ව පරීක්ෂා කරලා ආපු ඩොක්ටර් එක්ක මෙම්බර්ස්ලා වගේම පිඩී නිමුත් කතා කරන්න පටන් ගත්තා..මොකද ටේහ්‍යුන් ගැන මාසයක් තිස්සේ ආර්මිලාගෙන් හංගන්නේ..මේ වෙනකොට හැම ආර්මි කෙනෙක් වගේම ටේහ්‍යුන්ව ඕන කියලා ඉල්ලුවත් ටේහ්‍යුන් ආර්මිලා ඉස්සරහට යන්න පුලුවන් තත්වෙක නෙමෙයි ඉන්නේ...කවුරු ලයිව් ආවත් ආර්මිලාගේ පලවෙනි ප්‍රශ්නේ ටේහ්‍යුන්..ඉතින් මාසයක් පුරාවට හැමදාම වගේ ටේහ්‍යුන් ගැන එයාලා බොරු කිව්වා..

ටේහ්‍යුන් හොදින්...
ටේහ්‍යුන් සතුටින්...
ටේහ්‍යුන්ගේ බබා එක්ක සතුටින් ඉන්නවා...
ටේහ්‍යුන් හොදට කාලා බීලා ඉන්නවා..
එයා දැන් ඉස්සරටත් වඩා ලස්සනයි..
පුලුවන් ඉක්මනට ටේහ්‍යුන් ලයිව් එයි..
ටේහ්‍යුන් මේ දවස්වල බබා එක්ක ඉන්න කාලේ දීලා..ඒ නිසා එයාට ටික කාලයක් දෙන්න..එයා ඉක්මනට ආර්මිලා ලගට එයි...
එයාව අමතක කරන්න එපා ආර්මි...
ටේහ්‍යුන්ට හැමදාම ආදරේ කරන්න..

හැමදාම වගේ මේවා තමා ටේහ්‍යුන් ගැන කියන බොරු...ආර්මිලාට ඇත්ත කියන්නේ කොහොමද ?? ටේහ්‍යුන්ව මේ තත්වෙන් පෙන්නන්නේ කොහොමද ?? ටේහ්‍යුන් නිසාම තමන්ගේ හැගීම් හන්ගන් සතුටින් ඉන්නේ කියලා පෙන්නන්න තරම් මෙම්බර්ස්ලා හොද නලුවෝ වෙලා..

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now