chapter 49

644 136 17
                                    

Taehyung pov

🐯 ආහ්...ඔලුව..පුපුරන්න වගේ...

අමාරුවෙන් ඔලුවත් අල්ලගෙන මන් නැගිට්ටේ ඔලුව පුපුරන්න වගේ දැනුන නිසා...ඇයි මෙච්චර මේ ඔලුව රිදෙන්නේ...මන් කොහෙද මේ ??

ආහ් මන් මේ නාදියාගේ රූම් එකේනේ ඉන්නේ..ඒත් මොකක්ද උනේ...ඉන්න චූට්ටක්...ආව් මේ රෙද්දේ ඔලුව කැකුමක් එක්ක මුකුත් මතක් වෙන්නේ නෑනේ...

ම්ම්ම්...

ආහ් මන් අන්තිමට හිටියේ අයේශ් එක්කනේ...ගමනක් යන් කියලා එයා මාවත් එක්කන් කුඹුරක් පැත්තට ගියා...ඊට පස්සේ මොකක්ද උනේ ?? ආහ් ඊට පස්සේ සුරිදාස ද සුමනදාස ද රා දාසද මොකෙක්ද වටකෙස් මැදහිස් කෙට්ටු පොරක් හම්බුනා..මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ ඇයි එයා ඇදුම් නැතුව ඉන්නේ කියන..චූටි ලේන්සුවකින් ඉස්සරහ වහන් හිටියට ඒකට පස්සම එලියේ දෙයියනේ...ඒ හෙලු අන්කල් යනකම් මන් ඇස් වහන් හිටියේ..හෑයියා...මට ලැජ්ජායි..එයාට නම් ගානක් නෑ...පස්සත් එලියේ දාගෙන ආයි පොල් ගහකට නැග්ගා...අයේශ් නම් කිව්වේ ඒ ඇදුමට කියන්නේ අමුඩේ කියලාලු...මන් කියන්නනේ අමුඩේ කියන එක අදිනවට වඩා හොදයි හෙලුවෙන්ම ඉන්නවා..කොහොමත් එලියෙනේ...

කොහොමද හරි එයා ලොකු මුට්ටියක් එක්ක පොල් කට්ටක් දීලා මොකක්ද එකක් කියලා ගියා..ඇත්තටම සිංහල පුලුවන් උනත් ගමේ අය කියන සමහර වචන මට පැහැදිලි නෑ...ඒවා හරි අමුතුයි...නාදියා එක නමක් කියනකොට ඒකටම නාදියාගේ ආච්චිඅම්මා වෙන නමක් කියනවා...ඇත්තටම ඔලුව විකාර වෙනවා..එකම බඩුවට මොකටද නම් ගොඩක් තියෙන්නේ...විකාර...

අයේශ් මට අර මුට්ටියෙන් පොල් කට්ටට සුදුපාට වතුර වගේ මොනවාද දාලා දුන්නා...පොල් කට්ටකින් මන් ඒ බිව්වාමද කොහෙද ?? මොනවා උනත් ඒක රසයි..පොඩ්ඩක් සැරයි...උගුර පිච්චෙනවා වගේ දැනුනාට ඒක රසයි..මාත් පෙරේතකමට හුගක් බිව්වා...අයේශ් කිව්වා නාදියාට කියන්න එපා කියලා..මෙච්චර රස බීමක් ගැන ඇයි එයාට කියන්නේ නැත්තේ ?? මන් වගේ නම් නාදියාටත් දීලා බොනවා..

ඊට පස්සේ මොකද උනේ ?? ම්ම්....ආහ් ඇන්ටිලා ටිකක් ආවානේ...එයාලා මගෙන් ඇහුවා මන් කවුද කියලා...අයේශ් මන් එයාගේ නංගිගේ වෙන්ඩ හස්බන්ඩ් කිව්වාම හෙන ආඩම්බරෙන් මන් හිටියේ..ලස්සන කොල්ලා කියලත් ඒ ඇන්ටිලා කිව්වා..කොහොමත් ඉතින් මන් ලස්සනයි තමයි...අවුරුදු ගානක් එක දිගට මොස්ට් හැන්ඩ්සම් මෑන් උන මන් ලස්සන නොවී තියෙයිද ??
ඇන්ටිලා එක්ක කයිය ගගා ඉන්නකොට අපි බීපු ඒවා ඉවර උන නිසා අන්තිම ටික මට එක උගුරට පෙව්ව අයේශ් කොහෙවත් යන්නේ නැතුව එයාලා එක්කම එන්න කියලා ගියා...

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now