chapter 29

737 151 22
                                    

දෝනිට කවලා මන් එයත් එක්ක ආවේ ගාර්ඩ්න් එක එහාපැත්තෙ තිබ්බ පොඩි ඇල ලගට..දෝනි නම් මෙතනට හුගක් කැමති කියලා බැලූ බැල්මටම තේරෙනවා..එයාගේ ඇස් ඒ තරම් සතුටින් දිලිසෙනවා..තරු කැට දෙකක් වගේ...

දෝනි වැව වටේ තියෙන ටියුලිප් මල් එකතු කරනකොට මට එකපාරටම දැනුනේ අත් දෙකක් ඇවිල්ලා මගේ ඉන වටේ එතෙනවා වගේ...මගේ පපුව අසූහාරදාට ගැහෙන්න අරන් මන් ඒ අත් මගේ ඉනෙන් ලිහලා අයින් කරන්න හැදුවත් එයා මාව තව ටිකක් තද කරලා අල්ල ගත්තා..

🐯 ඔහොම දගලන්නේ නැතුව ඉන්න නාදියා..

ඒ ගැඹුරු කටහඩ මගේ කන ලගින් ඇහෙනකොට මගේ හාර්ට් එක බිමට වැටෙන්න වගේ දැනුනේ..ඇයි එයා මෙහෙම ඉන්නේ..මේක වැරදි..ඔයා මේ කරන දේවල් වලින් මට තවත් ඔයාට ලන් වෙනවා ඔප්පා..මට ඔයාව දාලා යන්න බැරි වෙයි...

ඔ..ඔප්පා මො..මොකක්ද ඔයා කරන්නේ ??

🐯 මගේ වයිෆ්ව බැක්හග් කරන් ඉන්නවා..

ටේ ඔප්පා එහෙම කියලා මගේ උරහිස උඩින් එයාගේ නිකට තියාගත්තා..ආහ්...මගේ ඇග සිතල වෙනවා..මෙයා දැන් මේ කරන වැඩ වලින් මට පපුවේ අමාරුව හැදිලා නතර වෙන්නේ...

ඔ..ඔප්පා දෝනිට අපිව පේන්නේ නෑනේ...ඒ නිසා එහාට වෙන්නකෝ...

🐯 ඇයි දැන් මන් මගේ වයිෆ්ව දෝනිට පේන්න විතරයිද බදාගෙන ඉන්න ඕන..

❤ ඔප්පා !! මන් ඔයාගේ වයිෆ් නෙමෙයිනේ..අනික අපි මේ කරන්නේ බොරුවක්...දෝනිගේ හිත හැදෙනකම් විතරයි මන් එයාගේ ඔම්මා විදියට ඉන්නේ..ආයෙත් ඩෝර්ම් එකට ගියාම මන් ඔයාගෙ සෙකට්‍රි අයේශ් විතරයි...මේක බොරුවක් විතරයි ඔප්පා..

අන්තිම ටික කියනකොට මගේ කටහඩ වෙව්ලුවා කියලා මට දැනුනා...මන් කොහොමද මන් ඇත්තටම ආදරේ කරන කෙනාට බොරුවට ආදරේ කරන්නේ කියලා කියන්නේ ?? මගේ පපුව රිදෙනවා...ආදරේ !! මෙක මහ පිස්සුවක්...ලේසියෙන් අඩන්නේ නැති මාව මේ ආදරේ පිස්සු වට්ටනවා....එයා පොඩ්ඩ ඇත්තම් මගේ කදුලු පාලනය කරනවා..

🐯 ම්..මේ බොරුව ඔයාට ඇත්තක් කරන්න ඕනේ නැද්ද නාදියා...

ඔප්පා ඒක කිව්වේ හුගක් හිමීට..එයාගේ කටහඩ වෙව්ලනවා...මන් අනිත් පැත්තට හැරෙන්න හැදුවත් එයා මට හැරෙන්න දුන්නේ නෑ...එයා එහෙම්ම මාව බැක්හග් කරගෙනම තව ටිකක් මගේ බෙල්ල අස්සේ මූන හංග ගත්තා..එයාගේ උනුසුම් හුස්ම මගේ බෙල්ලේ වදිනකොට මගේ ඇගම හිරිවැටිලා ගියා..

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now