chapter 33

710 149 32
                                    

ඔප්පා ඒක කියලා ඉවරකරනකොටම මගේ ඔලුවේ එක එක අපහැදිලි රූප ගොඩක් එනකොට මට මගේ කන් වලටම දැනුනේ කීන් ගාන සද්දයක්...මන් එහෙම්ම මගේ කන් දෙක අතින් වහගෙන ඔලුව් බදාගන්නකොට මට දැනුනා කවුරු හරි දොර ඇරගෙන ඇවිල්ලා මාව තුරුල් කරගන්නවා..ඒ උනුහුම මට පුරුදුයි...මට මොනදේ උනත් එයා ඉක්මනට මන් ලගට එනවා..මන් එහෙම්ම එයාට තුරුල් උනේ මගේ ඔලුව පුපුරන්න වගෙ වේදනාවක් දැනුන නිසායි..

🌹 නාදියා...කලබල වෙන්න එපා...බෙහෙත් කෝ ඔයාගේ...

මාව තුරුල් කරගෙන අයිශු අහනකොට මට බෙහෙත් තිබ්බේ කොහෙද කියලා සිහියක් තිබ්බේ නෑ...ඒක මන් අරන් ආවේ නැද්ද කොහෙද ??

ම..මන් දන්නේ නෑ...ආහ්...අයිශු මගේ ඔලුව...

මන් ඔලුව බදාගෙන අයිශුගේ උනුහුමට තවත් ගුලි උනේ මගේ ඔලුව පුපුරන්න වගේ දැනුන නිසායි..මන් දන්නේ නෑ මට මොකක්ද වෙන්නේ කියලා..මට සැරින් සැරේ රූප රාමු ගොඩක් මැවුනා..ඒත් ඒවා පැහැදිලි නෑ...මගේ ඔලුවෙන් එන දරාගන්න බැරි වේදනාව නිසා මන් ඔලුව අයිශුගේ පපුවේ තව ටිකක් තද කරගත්තා..

🐥 අයිශු...මොකක්ද වෙන්නේ ?? ඇයි මේ ??

🌹 ඔප්පා..මන් හැමදෙයක්ම කියන්නම්..පුලුවන් නම් මගේ බෑග් එකෙ ඇති බෙහෙතක්..ඒක අරන් දෙන්න..

අයිශු එහෙම කිව්වාම මන් ලාවට වගේ දැක්කා ඔප්පා ජින් ඔප්පාගේ අතට දෝනිව දීලා අයිශුගේ බෑග් එකෙන් මගේ බෙහෙත් අරන් දෙනවා..මට අමතක උනත් අයිශු මගේ බෙහෙත් යන යන තැන අරන් යනවා..එයා හරියට මගේ අම්මා වගේ..

🐥 නාදියා මේක බොන්න...

ජිමින් ඔප්පා මගේ අතට බෙහෙත් ටික දුන්නාම මන් එහෙම්ම ඒ ටික බීලා ඔලුව උස්සන් ඉන්න බැරි නිසා ජිමින් ඔප්පාගේ ඇගට හේත්තු උනා..එයා එහෙම්ම මාව උස්සලා පුටුවෙන් වාඩි කරවලා මාව එයාට තුරුල් කරගත්තේ හරිම ආදරෙන්..ජිමින් ඔප්පා හැම වෙලේම මට අයේශ්ව මතක් කරලා දෙනවා..අයේශ් මට වඩා වැඩිමල් විනාඩි 2ක් උනාට එයා මගේ අයියා වගේ මාව බලාගත්තේ..හුගක් වෙලේට මට මොනවා හරි මතක් වෙනකොට මේ ඔලුවේ කැකුම එන නිසා අයේශ් අයිශු දෙන්නාම මන් ලගින් හෙල්ලෙන්නේ නෑ...

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now