chapter 41

655 136 36
                                    

After week

අද ඔප්පලාගේ කොන්සට් එක..එයාලා සතියකට කලින් LA ගිය නිසා මායි දෝනි එහෙම්ම අපේ හැල්මොනිගේ ගෙදර ආවේ ඔප්පලා නැතුව ඩෝර්ම් එකේ ඉන්න කම්මැලි නිසායි...ඒත් ඉතින් කෙල්ලගේ මොන්ඩිසෝරි යන්න තියෙන නිසා අපි දෙන්නාට එහේ ඉන්න පුලුවන් උනේ වීකේන්ඩ් එකේ විතරයි..හැල්මොනි එක්ක එකතු වෙලා දග වැඩ කර කර හිටපු කෙල්ලව බොහොම අමාරුවෙන් ආයි සෝල් අරන් ආවේ...චූටියා හිටියේ නැති නිසා මන් ඒ දවස් දෙකේ දෝනි එක්ක නිදහසේ හිටියා..

සෝල් ඇවිල්ලාත් අපි දෙන්නාගේ වැඩේම ඉතින් දෝනි මොන්ඩිසෝරි ගිහින් ආපු ගමන් ශානුයි අයිශුයි එක්ක ‍කොහේ හරි ඇවිදින එක..ඩෝර්ම් එකටම හිර වෙලා හිටිය නිසා එහෙ මෙහෙ ඇවිදින එකට කෙල්ල හරිම ආසයි...අපි අමුස්මන්ඩ් පාර්ක් ගියා..එක එක කඩවල් වලින් කෑවා..එක එක කෑම ජාති කෑවා..ස්වීට්ස් වර්ග කෑවා..ශානුයි අයිශුත් දෝනිටම හරියන නිසා අපි ඇති තරම් විනෝද උනා..

ශානු ගෙදර තනියම ඉන්න නිසා මායි දෝනි අයිශු එක්කම එහෙට ආවේ එතකොට දෝනිට මොන්ඩිසෝරි යන එකත් ලේසි නිසායි..රෑට නිදාගන්න ගියාම නින්දෙන්ම කෙල්ල ටේ ඔප්පාගේ උනුහුම හෙව්වත් මන් පොඩ්ඩක් තුරුල් කරගත්තාම ඒක හරියනවා..ඉස්සර ඔප්පලා මෙහෙම වර්ල්ඩ් ටුවර් ගියාම ඔප්පා කෙල්ලට නින්ද යනකම්ම රෑට කෝල් එකේ ඉන්නවලු...දැන් ඉතින් මන් ඉන්න නිසා එයා නිදහසේ ඉන්නවා ඇති..ඒත් ඉතින් රෑට කෝල් කරන්න නම් අමතක කරන්නෙ නෑ එයා...අපිට රෑ උනාට එහෙට රෑ නොවුනත් ඔප්පා අනිවාර්යයෙන් දෝනි නිදාගන්න වෙලේට විඩියෝ කෝල් එකක් ගන්නවා..මට කියාගන්න බැරි තරම් ඔප්පා එයාගේ දුවට ආදරෙයි..

මගේ තාත්තා වැඩ එක්ක බිසී උනත් ටේ ඔප්පා කියන්නේ කොච්චර වැඩ තිබ්බාත් කොච්චර මහන්සි උනත් එයාගේ දුව ගැන හොයන ආදරණීය තාත්තා කෙනෙක්..මගේ හිතට හැමවෙලේම ලොකු බයක් දැනෙනවා ඒ ආදරේට මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද කියලා..කොච්චර අයින් කරන්න හැදුවත් ඒ මූසල හැගීම් අයින් කරන්න මට බෑ..මන් දන්නවා දෝනිට පොඩි හිරීමක් හරි උනොත් ටේ ඔප්පාට දරාගන්න නම් බෑ..ඒ තරම්ම එයා දෝනිට ආදරෙයි..

🌹 නාදියා...මොනවද යකෝ කල්පනා කරන්නේ..තව ටිකකින් කොන්සට් එක පටන් ගන්නවා..බලන්නේ නැද්ද ??

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now