chapter 36

668 151 57
                                    

After 60 years

Nadia pov

අවුරුදු පනහකට පස්සේ මන් හිමීට හිමීට අමාරුවෙන් ඇවිදගෙන ආවේ අපේ ආදරණිය මතක තිබ්බ ලස්සන තැනකට...අපේ bts ඩෝර්ම් එකට... ඒක දැන් නම් මියුසියම් එකක්...ලේසි නෑ...එයාලගේ මතක පිරුනු ලොකු මියුසියම් එකක්...

අවුරුදු අසුවත් පැන්න මට මේක ඇතුලේ ඇවිදින එක නම් ලේසි නෑ...මන් ඇතුලට යන්න හදනකොටම යූනා ඇවිල්ලා මට ආචාර කරා..එයා මාව අදුරගත්තා මන් හිතන්නේ..අදුර නොගත්තොත් තමා පුදුමේ...එයා මගේ ලව් ස්ටෝරි එකේ හොද රසිකාවියක්...මගේ ෆෑන් කෙනෙක්....යූනා කියන්නේ අවුරුදු 25ක පොඩි කෙල්ලෙක්..එයා තමයි මේ මියුසියම් එකේ සිකියුරිටි එක බාරව ඉන්නේ..අපේ කාලේ තමයි කෙල්ලන්ට මුකුත් බෑ කියන්නේ..දැන් කාලේ කොල්ලන්ටත් වඩා කෙල්ලො ශක්තිමත්..

🐞 මැඩම්...

❤ කොහොමද යූනා...

🐞 මන් හොදින් මැඩම්...මැඩම් අද මෙහෙ ??

❤ මට ජින් ඔප්පාව මතක් උනා...අදට එයා අපිව දාලා ගිහින් මාසයක් යූනා..

මන් ඇස්වල කදුලු පුරෝගෙන එහෙම කියාගෙනම ලග තිබ්බ පුටුවකින් වාඩි වෙනකොට කෙල්ල මගේ මූන බැලුවේ දුකෙන්..ජිවිතේ මට හම්බුන හොදම ඔප්පා එයා...වෙලාවකට මගේම අයියාටත් වඩා ජින් ඔප්පා මාව තේරුම් ගන්නවා..මන් බෑ කියලා වැටෙන හැම වෙලේකම එයා තමයි මාව පුලුවන් කියලා නැගිට්ටෙව්වේ..

🐞 මැඩම්ට දුක ඇති නේද හුගක්..

❤ දුකයි තමයි...ඒත් මේක ජිවිතේ යූනා..අපි ඉපදුනොත් කවදාම හරි දවසක මැරෙන්න වෙනවා..මාත් අද හෙට මැරෙයිද කියලා කියන්න බෑ...මොනවා උනත් ජින් ඔප්පා හුග කාලයක් දරුවෝ , මුනුපුරෝ එක්ක සතුටින් ජීවත් උනා යූනා..මට ඒකට සතුටුයි..ටේත් ජින් ඔප්පාගේ මරනෙන් පස්සේ අසනීප උනා...යූන්ගි ඔප්පා උනත් දැන් ඉන්නේ ලෙඩ ඇදේ....පව්..එයාලට දරාගන්න බැරුව ඇති...මොනවා උනත් එයාලා අවුරුදු ගානක් එකට ජීවත් උනානේ..ඩිස්බෑන්ඩ් උනත් එයාලගේ බැදීම් අඩු උනේ නෑ...

මන් එහෙම්ම වාඩි වෙලා හිටිය පුටුවෙන් නැගිට්ටේ..ටිකක් ජින් ඔප්පාගේ රූම් එක තියෙන තැනට ගිහින් ඉන්න...මන්, ටේ ඔප්පා ඒකේ ඇතුලේ ඕන තරම් එයාව බදාගෙන අඩලා ඇති...

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now