chapter 47

652 147 21
                                    

Nadia pov

ආහ්...මහන්සි.....

මන් හිටියේ ලොකු කාන්තාරයක් මැද...බලන බලන හැම පැත්තම මට පෙනුනේ එක වගේ..මන් දැන් හුග කාලෙක ඉදන් මේ කාන්තාරේ ඇවිදිනවා..මට මහන්සි...ඇගෙන් දාඩිය බේරෙනවා..

බෑ...තව නම් ඉස්සරහට යන්න මට ශක්තියක් නෑ..

ඒත් මන් යන්න ඕන...මට මෙහෙම ඉන්න බැහැ...මන් නැතුව හැමෝම අඩනවා ඇති...මන් නැති උනොත් මගේ දෝනි තනි වෙයි...මගේ ටේ ඔප්පා තනි වෙයි....බෑ..බෑ...මන් කොහොම හරි ඉස්සරහට යන්න ඕන..මේකේ කොහේ හරි කෙලවරක් ඇතිනේ...

ඒත් මට බැහැ...තව නම් ඉස්සරහට යන්න මට පනක් නෑ...මගේ කකුල්වලාට තව ඉස්සරහට යන්න පනක් නෑ...ගිනි අව්ව නිසා අමාරුයි මට...මගේ ඇගම වාශ්ප වෙනවා වගේ දැනෙන්නේ...

අමාරු නිසා මන් එහෙම්ම වැලි ගොඩේම හාන්සි උනා..මට තව ඉස්සරහට යන්න තරම් පනක් තිබ්බේ නෑ...මට සමාවෙන්න ඔප්පා...තව නම් මට ශක්තියක් නෑ...මට සමාවෙන්න...මන් එහෙම්ම ඇස් වහගත්තාත් එකපාරටම මට දැනුනා මගේ මූනට වතුර බින්දු වැටෙනවා...වහිනවාද ??

මන් ඇස් ඇරලා බැලුවා..වැස්සක් තියා වැහි වලාකුලක්වත් නෑ...ඒත් මගේ මූනට වතුර බිංදු වැටෙනවා...මාව කාගේ හරි උනුසුමටකට තුරුල් වෙලා තියෙනවා වගේ දැනෙනවා...හරිම උනුසුම්..මන් දන්නවා මේ උනුසුම කාගෙද කියලා..

ටේ ඔප්පා !!

ඔයා කොහෙද ඉන්නේ ?? මට ඔයාගේ සුවද දැනෙනවා..ඔයාගේ උනුසුම දැනෙනවා...ඔයා අඩනවාද ඔප්පා...ඔයාගේ අඩන සද්දේ මට ඇහෙනවා..

චේබල් ඔප්පා...අඩන්න එපා...

මන් කෑ ගැහුවා...කෑ ගහලා මාත් ඇඩුවා එයාට අඩන්න එපා කියලා..ඒත් ඔප්පා ඔයා කොහෙද ??

ඔප්පා කොහෙද ඔයා ඉන්නේ ?? අනේ අඩන්න එපා...මට සමාවෙන්න ඔප්පා...ම..මන් ඔයාව හොයාගන්නම්...

ඔප්පා අඩන සද්දේ මගේ කනේ දෝන්කාර දෙනකොට මන් අමාරුවෙන් ආයි හිටපු තැනින් නැගිට්ටා..මට ජීවත් වෙන්න ඕන...මන් ඔයාව කොහොම හරි හොයාගන්නම් ඔප්පා..මන් එනකම් අඩන්න එපා...චේබල් මන් වෙනුවෙන් ජීවත් වෙන්න...

ඔප්පා අඩන සද්දේ ඇහෙන පැත්තට මන් ඇවිදගෙන ගියා..ඒත් ටිකකින් ඔප්පාගේ ඇඩිල්ල නතර උනා..

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now