chapter 32

606 145 9
                                    

Nadia pov

උදේ මන් නැගිටිනකොට වෙච්ච දේ නිසා ලැජ්ජාවටම මන් ඔප්පාගෙ මූන දිහා නම් බැලුවේ නෑ..වැරදිලාවත් බැලුවොත් මේ වල් කොටියා කට කොනේ හිනාවක් දානවා...දෙයියනේ ඉතින් මන් ඒක හිතලා ඇල්ලුවේ නෑනේ..මේ අතටත් ඉන්න බැහැනේ අම්මපා..උදේ පාන්දර ඕනේ නැති ඒවා අල්ලන්නේ..

ඔප්පා හිනා වෙවී ආවත් නායොන්ග් ඔන්නි සෙමට්‍රි එකට ලන් වෙනකොට මන් දැක්කා එයාගේ මූන වෙනස් වෙනවා..මන් දන්නවා ඔප්පා තාමත් ඔන්නිට ආදරෙයි කියලා...ඒකට මන් මුකුත්ම කියන්නේ නෑ..මට මුකුත් කියන්නත් බෑ...ඒ ඔප්පාගේ හොදම යාලුවා..එයාගේ පලවෙනි ආදරේ..ඇරත් ඒ දෝනිගේ ඔම්මා...ඔප්පාගේ වයිෆ්...ඉතින් එයාව අමතක කරන එක ලේසි නෑ...

සෙමට්‍රි එකට ආවම ඔප්පා ලොකු හුස්මක් පහලට දාලා කාර් එකෙන් බැහැලා මගේ අතේ හිටපු දෝනිව ගත්තා..එයාගේ මූන දැක්කාම මට හිතුනා බදාගන්න..අතින් අල්ලන් ශක්තිමත් වෙන්න කියන්න..ඒත් දැන් මන් නාදියා නෙමෙයි...මන් අයේශ්..මට මෙතන කෙල්ලෙක් වගේ හැසිරෙන්න බැහැ...

අපි බහිනකොටම ගොඩක් අය හිටියා අපි දිහා බලාගෙන...ඔප්පලා ටිකයි කුකියායි , සෝයොන්ග් ඔන්නි නම් මාත් එක්ක යාන්තම් හිනා උනාට අනිත් අයව නම් මන් දිහ බලන් හිටියේ ඇසුත් ලොකු කරගෙන..ඔහොම බලන්න දෙයක් තියෙනවද දෙයියනේ මන් දිහා...මන් පිටසක්වල ජිවියෙක් වගේ පේනවද දන්නේ නෑ..

කොහොම හරි එතන සෝයොන්ග් ඔන්නි එක්ක හිටපු වයසක කෙනා දෝනි ලගට ඇවිල්ලා ඔප්පාගෙන් දෝනිව ගන්න හැදුවා..මන් හිතන්නේ එයා සෝයොන්ග් ඔන්නිගේ ඔම්මා...එයා දෝනිව ගන්න හැදුවත් දෝනි එයාගේ අතට ගියේ නෑ..ඔප්පාගේ බෙල්ල බදාගත්තා..මන් හොදට දැක්කා ඒක නිසා එයාගේ මූන වෙනස් වෙනවා..එයාට කේන්ති ගිහින් ද කොහෙද එයා ඉක්මනට දෝනිව ඇදලා ගන්න හැදුවේ ඒකෙන් උනේ දෝනි කෑ ගහලා අඩන්න ගත්තු එක..ඒ ගෑනිට තේරෙන්නේ නැද්ද දෝනි එන්න බෑ කිව්ව කියලා..මහ නපුරු පාටයි එයා නම්...

දෝනි කෑ ගහලා අඩන්න ගන්නකොට හැමෝටම කරගන්න දෙයක් නැති උනා..එයා අඩන්න ගත්තොත් එයාව නලවන එක ලේසි නෑ..ඔප්පාට එයාව නලවන්න තේරෙන්නෙත් නෑ...එයා මොනවා කිව්වාත් දෝනි නැලවෙන පාටක් නැති නිසා මන් ඔප්පාගේ අතින් දෝනිව ගත්තා..දෝනි මගේ ලගට ආපු ගමන් මගේ බෙල්ල බදාගෙන බෙල්ල අස්සේ මූන ගහගන්නකොට මන් දැක්කා අර නපුරු ගෑනි මන් දිහා පුදුමෙන් බලන් ඉන්නවා..

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now