chapter 40

656 132 8
                                    

ටිකෙන් ටික කාලේ ගෙවිලා ගියේ මායි ටේ ඔප්පායි අතර බැදීම් තවත් ශක්තිමත් කරලා..ඩෝර්ම් එකේ මන් ටේ ඔප්පාගේ gf එහෙමත් නැත්තම් දෝනිගේ ඔම්මා උනත් එතනින් පිටතදි මන් තාමත් අයේශ් සූරිබන්ඩාර ම තමයි...මගේ අනන්‍යතාවය හෙලි කරන එක ඔප්පලා හැමෝටම ප්‍රශ්නයක් වෙයි කියලා බය හිතුනා නිසා මන් දිගටම අයේශ් විදියටම ඉන්න කැමති උනාත් ඔප්පලාගෙන් නම් මට බේරිල්ලක් ලැබෙන්නේම නැති තරම්...ඔප්පලා ටික මන් ගැන ඕනවටත් වඩා කෙයාර් කරන එක ගැන හයිබ් එක ඇතුලේ දැනටමත් මට තරහකාරයෝ වැඩි වෙන්න හේතුවක් වෙලා තියෙනවා..

ඒත් ඉතින් තරහකාරයෝ වගේම තාමත් ඔප්පා ගාගෙන මගේ ඇගේ එල්ලෙන කෙල්ලො සෙට් එකක් ඉන්න නිසා මට කොල්ලෙක්ගේ ජිවිතෙත් එපා වෙලා තියෙන්නේ..ඇත්තටම bts ලා පව් කියලා හිතෙනවාර අනන්තයි දැන් නම්...

තව සතියකින් bts LA concet එක..ඒ නිසා හැමෝම හුගක් මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරනවා..එකදිගට යන ප්‍රැක්ටිස් වලින් පස්සෙ එයාලා ඔක්කොම ඩෝර්ම් එකට යන්නේ බාගෙට මැරිලා වගේ..

🐰 හම්මෝ...මහන්සි...අයේශ් ඔලුව අතගානවකෝ....

කුක්කා දුවගෙන ඇවිල්ලා මන් වාඩි වෙලා ඉන්න තැන එහා පැත්තෙන් වාඩි වෙලා මගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තේ ටේ ඔප්පා දිහා හොරෙන් බලන ගමන්මයි...ටේ ඔප්පා දන්නවා කුක්කා මේවා කරන්නේ එයාව අවුස්සන්න කියලා..ඒ නිසා එයා ඒවා ගනන් ගන්නේ නෑ..කොහොමත් ඔප්පලා ඔක්කොටම මන් එයාලගෙම සහෝදරියක් වගේ නිසා ටේ ඔප්පාට ඔප්පලා කවුරු මන් ලග හිටියත් මුකුත් කියන්නේ නෑ..මන් දන්නවා එයාගේ රතු වෙන මූන දැක්කාම එයාට ඉරිසියායි කියලා..ඒත් ඒ ඉරිසියාවට වඩා එයාලගේ සහෝදරකම් වැඩි...

🐯 කෝ චුට්ටක් එහාට වෙනවා..

කුක්කාව චුට්ටක් මගෙන් එහාට කරලා ටේ ඔප්පාත් ඇවිල්ලා ඔලුව තියාගත්තා..මන් ඉතින් දෙන්නාගෙම ඔලුව අත් දෙකෙන් අතගානකොට ඔප්පලා ටික හිනා වෙනවා..ස්ටාර්ෆ් එකේ අයටත් මේක පුරුදුයි..හැමදාම ප්‍රැක්ටිස් බ්‍රේක් එකක් හම්බුන ගමන් හත් දෙනාගෙන් එක්කෙනෙක් හරි එනවා අරහේ මෙහේ රිදෙනවා ගාගෙන අතගාන්න කියලා..එතනින් වැඩි හරියක්ම එන්නේ ඉතින් කුක්කා තමා..ස්ටාර්ෆ් එකත් මේ විකාර බල බල හිනා වෙනවා හැරෙන්න මුකුත් කියන්නේ නෑ..

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now