chapter 16

651 142 10
                                    

Taehyung pov

" හංකිති කවමින්...
කුස තුල සක්මන් කරනා..
නුඹ දගයෙකුයි වේ දැයි...
නිකමට මෙන් මට සිතෙනා....
පැටියෝ.........
නුඹ දුවක උනත් මට
පුතෙකු උනත්..
මා නුඹට පුදන්නේ....
වෙනසක් නැති එක ආදරයයි......"

" දෝනී....අඩන්න එපා මැණික..."

" ඔම්මවයි අප්පාවයි බේරගන්න මාමාලා එනගමන්.."

" කෝ...මගේ දෝනි අඩන්නේ නෑ නේද ?? කෝ හිනා වෙන්න...."

.

.

.

🐯 ආහ්...ආයෙත් ඒ හීනේ....

වාහ්...වෙනදට වඩා හීනේ අද වැඩිපුර පෙනුනාද ?? ඒත් ඒ කටහඩ මට හොදට අහලා පුරුදුයිනේ...එහෙම වෙන්නේ කොහොමද ??

මොනවා උනත් අයේශ් මගේ ජිවිතේට ආවට පස්සේ හුග කාලෙකට පස්සේ මන් මේ හීනේ දැක්කේ.. වෙනදට අඩාගෙන නැගිටින මන් අද ඇයි හිනා වෙන්නේ...මගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනෙන්නේ ඇයි...නිකන් මන් හොයන කෙනා මන් ලග ඉන්නවා වගේ....

ශිට්...විකාර හිතන්න එපා ටේහ්‍යුන්...එයා කොහොමද ඔයා ලග ඉන්නේ..එයා කෙල්ලෙක්..ඔයාගේ වටේ ඉන්න ඔක්කොම කොල්ලොනේ..

සමහරවිට ඒ දවසට ලග නිසා වෙන්න ඇති...
හ්ම්..අවුරුදු තුනක් මන් මැරි මැරි ඉපදුන ඒ දවස..

🐯 රෝස මල...

මන් කල්පනා කර කර කාමරේ දොර ඇරගෙන දුවගෙන ආපු මගේ චූටි කෙල්ල කෙලින්ම නතර උනේ මගේ බඩ උඩින් වාඩිවෙලා..මේ කෙල්ල කැමතිම දේ ඒක...පොඩි කාලේ ඉදන් මගේ බඩ උඩ වාඩි වෙලා මගේ පපුවට ඔලුව තියාගෙන ඉන්න මේ කෙල්ල හරිම ආසයි...මාත් ආසයි එයාව මේ විදියට තියාගෙන ඉන්න..

මේ මගේ ජිවිතේනේ..

🐯 රෝස මල මොකද මේ ?? උදේ පාන්දර ආයි දොයි බබ වෙන්න ද හදන්නේ ??

මන් එහෙම ඇහුවාම කෙල්ල ඉක්මනට නැගිටලා මගේ කම්මුලට හාදුවක් දීලා එයාගේ නෝට්පෑඩ් එක අරන් කටත් උල් කරන් මොනවදෝ ලියන්න පටන් ගත්තා..

" ඒන්ජල් අප්පාව බලන්න කිව්වා.."

ජන්ග්මි අයෙශ්ට කියන්නේ ඒන්ජල් කියලා..ඒ ඇයි කියලා නම් මන් දන්නේ නෑ..හැබැයි එයා අයේශ්ට කතා කරන්නේ එහෙම..මට වගේම එයාටත් දුකෙන් පිරිච්ච ලෝකේ හිනාවක් ගෙනාව එකම කෙනා අයේශ් නිසා වෙන්න ඇති ඒන්ජල් කියන්නේ..

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now