chapter 17

644 148 6
                                    

Flashback
3 years ago

.

.

🌸 ටේයා...ඕක ගලවන්නේ එහෙම නෑ...

🐯 මොකක්ද බබා...කාර් එක ඇතුලෙනේ ඉන්නේ...

මේ නායොන්ග් එක්ක නම් ලේසි නෑ අනේ...මායි එයයි එලියා ආවොත් නායොන්ග් මට කාර් එකේදිවත් හූඩි එකයි මාස්ක් එකයි ගලවන්න දෙන්නේ නෑ...එයා හැමවෙලෙම කියන්නේ දරුවෙක් එක්ක මාව දැක්කොත් මිනිස්සු මන් ගැන වැරදියට හිතයි කියලා..

ඒත් ඉතින් මේ මගේ දරුවානේ..මගේ බිරිද එක්ක මගේ දරුවා එක්ක මට නිදහසේ කොහෙවත් යන්න නෑ...ඇත්තටම සමහර වෙලාවට මගේ ප්‍රසිද්ධිය මට ලොකු පීඩනයක්..

නායොන්ග් මගේ හොදම යාලුවා වෙලා ඉන්න කාලේ අපේ බැදීමට කිසිම බාදාවක් තිබ්බේ නෑ...මන් දුප්පත් ලස්සන නෑ කියලා ඉස්කෝලේ කෙල්ලො කොල්ලො මාව ප්‍රතික්ෂේප කරනකොට මට හිටපු එකම යාලුවා නායොන්ග්...සංගීත් ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න කිසිම අදහසක් නොතිබ්බාත් නායොන්ග් තමයි මාව ඉස්සරහට තල්ලු කරේ..

අහම්බෙන් උනත් යාලුවෙක් එක්ක ගියපු ඔඩිෂන් එකකින් මට චාන්ස් එකක් හම්බුනාම මටත් වඩා සතුටු උනේ නායොන්ග්...ට්‍රේනින්ග් කාලේ ජිවිතේ එපා වෙලා මට කරන්න බෑ කියලා අඩනකොට මාව ඉස්සරහට තල්ලු කරේ නායොන්ග්...

මන් අද මෙතන ඉන්නේ නායොන්ගේ දිරිමත් කිරීම් නිසා...පුංචි කාලේ යාලුකමින් පටන් ගත්ත අපේ සම්බන්ධය ලොකු වෙනකොට ආදරේකට පෙරලුනේ අපිටත් නොදැනිමයි...හැබැයි මටත් වඩා මාව තෙරුම් ගත්ත නායොන්ග් මට මගේ ජිවිතේ සම්පූර්ණ නිදහස දුන්නා...ටිකෙන් ටික අපි ප්‍රසිද්ද වෙනකොට නිහඩව එයා සතුටක් ලැබුවා..

හාදුවකින් එහාට නොගිය අපේ සම්බන්දේ මන් රාගයෙන් මත් වෙලා කඩලා දැම්මා..මාස ගානකට පස්සේ නායොන්ග්ව දකිනකොට මගේ හැගීම් මටම පාලනයක් නැති උනා..එදා රෑ මන් ගත කරපු ලස්සනම රෑ...ඒත් ඒ සතුට තිබ්බේ ටික කාලයයි...
මගේ පාලනයක් නැතිකම නිසා අවුරුදු 21ක් වගේ පොඩි වයසෙන් නායොන්ග් ඔම්මා කෙනෙක් උනා.. අවුරුදු 21න් මන් අප්පා කෙනෙක් උනා...මන් ඉන්න තත්ත්වේ එක්ක මට ලෝකෙටම මන් අප්පා කෙනෙක් කියලා කියන්න පුලුවන්කමක් තිබ්බේ නෑ..

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now