chapter 27

697 156 46
                                    

Taehyung pov

ඔප්පා මේ කොහෙද

නාදියාගේ තුරුලේ නිදාගෙන ඉන්න රෝස මලගේ ඔලුව අතගාන ගමන් මගෙන් ඇහුවාත් මන් එයාගේ මූන දිහා ටිකක් හිනා වෙලා බැලුවා හැරෙන්න මන් යන තැන ගැන මුකුත් කියන්න ගියේ නෑ..

ජිවිතේට යන්නේ නෑ කියලා තීරණය කරපු තැනකට මන් අද රෝස මලවයි නාදියාවයි එක්කගෙන යන්නේ..

මේ තැනට මන් යන්නේ නෑ කියලා තීරණය කරලා තිබ්බාත් මන් කොච්චර ආත්මාර්තකාමී ද කියලා මට කියලා දුන්නේ නාදියා...මන් මන් ගැන හිතල හැමදේකින්ම ඈත් වෙලා හිටියත් මගේ පුංචි කෙල්ලට ඒක කොච්චර ලොකු වේදනාවක් දෙන්න ඇතිද කියලා මන් තේරුම් ගත්තේ නාදියා රෝස මලගේ ඒන්ජල්ට ලියපු ලිවුම පෙන්නුව දවසෙ..

මට මන් ගැනම ලැජ්ජ හිතුනා...මන් මගේ අහින්සක කෙල්ලගේ ජීවිතේ විනාස කරා නේද කියලා දැනෙන වාරයක් පාසාම මගේ පපුව පිච්චෙනවා වගෙ..මගේ කෙල්ලට ඔම්මා අප්පා නෑ කියලා විහිලු කරනකොට මට මන් එයාගේ අප්පා කියලා ලෝකෙට කියන්න බැරි එකට මන් ගැනම ආවේ තරහක්..මන් මගේ පුංචි කෙල්ලට කරන්නේ අපරාදයක්...එයාගේ පුංචි හිත මන් කොච්චර රිද්දලාද..මන් එයාට මෙච්චර ලොකු අසාධාරණයක් කරලත් එයා මන් වෙනුවෙන් හැමදෙයක්ම ඒ පුංචි හිතේ හිර කරගෙන ඉදලා කියලා දැනෙනකොට මට හිතුනා මටත් වඩා මගේ පුංචි කෙල්ලගේ හිත ශක්තිමත් කියලා.

මන් මොකක්ද කරන්න ඕන කියලා හිතාගන්න බැරුව අසරණ වෙලා ඉන්නකොට නාදියා කිව්වේ කිසිම ගැහැණියෙක් කරන්නේ නැති දෙයක්...මගේ දරුවාගේ ඔම්මා වෙන්න...මොන කෙල්ලද තමන්ගේ නොවන දරුවෙක් වෙනුවෙන් මෙච්චර ලොකු කැපවීමක් කරන්නේ..ඒත් මගේ නාදියාට පුලුවන්..මගේ ?? හ්ම්...මගේ නාදියා තමයි...මටත් ඕන ඔයාව බොරුවට නෙමෙයි ඇත්තටම රෝස මලගේ ඔම්මා කරන්න...මගේ වයිෆ් කරගන්න...

ඒත් ඔයා මට කැමති නැත්තම්..එයාගෙ බයස් ගැන කියනකොට ඒ ඇස්වල තියෙන ආදරේ දැක්කාම මට ලෝබ හිතුනා...කවුද නාදියා ඔයාගේ බයස් ?? ඇයි ඔයා එයා කවුද කියලා කියන්නේ නැත්තේ...එයාට ඔයා එච්චරටම ආදරෙයි නම් ඇයි මන් වෙනුවෙන් ඔය ඇස් කතා කරන්නේ...මන් ගැන තියෙන්නේ හැගීම මොකක්ද නාදියා ??

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now