chapter 14

687 145 11
                                    

Double update ( හොද තැනකින් නතර කරා කියලා මාව කන්න හදන රීඩර් බබාලා වෙන්වෙන් 🙂 )

🐥 අයේශ්...ඔහොම ඉන්න...

යන්න හදපු මාව ඔප්පා එකපාරටම මගෙ අතින් අල්ලලා නතර කරා..මගෙ ඇස්වල කදුලු පිරිලා කියලා මට තේරුනා..

🐥 මෙහෙ එන්න...

එකපාරටම ඔප්පා මාව අතින් ඇදගෙන හොරෙන් හොරෙන් අනිත් අයට පේන්නේ නැති වෙන්න එයාගේ කාමරේට එක්කගෙන ගියා..

🐥 ගිහින් මේකෙන් වොශ් එකක් දාගන්න...මේ ඇදුම ඇදගෙන එන්න...ඔයාගේ කාමරේට මෙහෙම යන්න ගියොත් ලිවින්ග් රූම් එකේ ඉන්න ඔක්කොම ඇත්ත දැනගනිවි...ආහ් මේ අනිත් ඒවා..ම..මන් කිව්වෙ අර..අර ඒවා ඔයාගේ කාමරේට ගිහින් ඇදගන්න.. එතකන් තෙත පිටින් මේ..මේ ඉන්න පුලුවන් නේද ??

ඔප්පාගේ කබඩ් එකෙන් අලුත් හූඩි එකකුයි දිග ශෝර්ටකුයි දීලා ටවල් එකක් එක්ක මට වචනයක්වත් කතා කරන්න ඉඩ නොදී බාතෲම් එකට තල්ලු කරා..

එයා මොකක්ද කරන්න හදන්නේ ??

මට ඔප්පාව තේරුම් ගන්න බෑ..මේ දවස් ටිකේම මාව මගහැරලා දැන් මන් ගැන හොයනවා..ඒත් ඇයි ?? ඇයි එයා මන් එයාලව රැවැට්ටුව එකට බැන්නේ නැත්තේ ??

ආහ්...මගේ ඔලුව පිස්සු වගේ...මට ඔප්පාට මූන දෙන්න බෑ...ඒත් මන් මොකක්ද කරන්නේ ??

මගේ ඔලුවේ ප්‍රශ්න දාහක් තියාගෙන මන් එහෙම්ම බාතෲම් එකේ ඉදන් ඇදුම් මාරු කරගෙන එලියට ආවා..මන් එලියට එනකොට ඔප්පා හරිම ලස්සනට හිනා වෙලා මන් දිහා බලාගෙන ඉන්නවා..ඒ හිනාව දැක්කාම මට ඇත්තටම බය නැති උනා..

ඔ..ඔප්පා මේ...

🐥 හී..හී...ඔයා මට ඔප්පා කියනකොට මොකක්ද වගේ අනේ...ඒ උනාට මන් ආසයි එහෙම අහන්න..

ජිමින් ඔප්පා හිනා වෙවී මන් ලගට ඇවිල්ලා මගේ අතින් ඇදගෙන ගිහින් ඇදෙන් වාඩි කරලා මූනට හෙන සීරියස් පෙනුමක් ගත්තා..ඒකට නම් මට කෙලත් ගිලුනා..

🐥 දැන් මට හැමදේම කියන්න..ඔයා කවුද ?? ඇයි මෙහෙට කොල්ලෙක් වගේ ඇදගෙන ආවේ ??

ජිමින් ඔප්පා හෙන භයානක පෙනුමකින් මගෙන් අහනකොට තවත් මට හංගලා තේරුමක් නෑ කියලා හිතුනා..කොහොමත් මෙහෙන් යන එකේ මන් ගැන එක්කෙනෙක් හරි දැනගන්න එක හොදයි නිසා මන් කාගේ කවුද නොකියා මෙහෙට මන් ආවේ ඇයි  , ඇයි කොල්ලෙක් වගේ ඉන්නේ ඔක්කොම ජිමින් ඔප්පාට කිව්වා..එයා මන් කියන හැමදෙයක්ම හුගක් අවධානෙන් අහගෙන හිටියා.

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now