chapter 35

869 148 18
                                    

නාදියා අදට මෙහෙන්  ගිහින් දවස් දෙකක් වෙනවා..සෝයොන්ග් නූනා එයාව එක්කන් එන්නම් කියලා ගියාට නාදියා අයිශු එක්ක ගිහින් තිබ්බෙ කොහෙද කියලා තාමත් අපිට හොයාගන්න බැහැ..එයාල දෙන්නා අපාර්ට්මන්ට් එකේ නෑ..දෙන්නාම ෆෝන් එකවත් ආන්ස්වර් කරන්නේ නෑ...

‍රෝස මලගේ ඇග හොදටම රස්නෙයි..දවස් දෙකක් තිස්සේ එයාට උන...මට මොකක් කරන්නද කියලා තේරෙන්නේ නෑ..එයා මන්තරේ වගේ ඔම්මා ගගා මතුරනවා..රෝස මල කතා කරන එකම වචනේ ඔම්මා උනත් මන් එයාගේ ඔම්මාව කොහෙන්ද හොයලා දෙන්නේ...මන් දෙවෙනි පාරටත් එයාගේ ඔම්මාව නැති කරා...

👶 ඔ..ඔම්මා....

🐯 මගෙ මැණික...ඔයා ඇහැරුනාද රත්තරන්..අපි බෙහෙත් ටික බීලා ඉමු...

රෝස මලගේ ඔලුව අතගාන ගමන් අහනකොට එයා බැහැ කියලා ඔලුව වැනුවා...අනේ මැණික අප්පාව ඔහොම අසරණ කරන්න එපා දෙයියනේ..මට මැරෙන්න හිතයි...

🐯 අනේ රත්තරන්...බෙහෙත් බීලා ඉමු...මැණිකගේ ඇග ගින්දර වගේ...

👶 ඔ..ඔම්මා...

🐯 ඔම්මා එයි මැණික...ඔම්මා බලන්න නම් බෙහෙත් බීලා හොද වෙන්න වෙයි...බොමු නේද ??

හත්වෙනි වතාවටත් මන් මගේ පුංචි කෙල්ලට ඒ බොරුවම කියලා අමාරුවෙන් බෙහෙත් ටික පෙව්වා..ඔයා කොහෙද නාදියා...ඉන්න තැනකින් එන්නකෝ...අඩුම රෝස මල වෙනුවෙන්වත් එන්න..

🐰 හ්‍යුන්ග්

🐯 එන්න කුකී..

දොර ලග ඉදන් කතා කරන කුකීගේ කටහඩ ඇහුනාම මන් ඇතුලට එන්න කිව්වාම කොල්ලා බෝල් එහෙකුත් අරන් හිමීට හිමීට ඇතුලට ආවා..

🐰 ඕහ්..අපේ හැල්මොනි නැගිටලා...බෙහෙත් බිව්වාද වස්තු...

කුකී ආදරෙන් ඔලුව අතගාලා අහනකොට කෙල්ල යාන්තම් හිනා වෙලා ඔව් කියලා ඔලුව වැනුවා..

🐰 සමෝච්චන් බබාට සුප් එකක් හදන් ආවා...අපි මේක බොමු...

කුකී එහෙම ඇහුවාම කෙල්ලගේ මූන ඇඹුල් වෙලා ගියා..එයා බැහැ කියලා ඔලුව වැනුවාම මට දැනුනේ කියාගන්න බැරි වේදනාවක්..පෙරේදා ඉදන් කෙල්ලගේ බඩට හරියට කෑමක් නෑ...

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now