chapter 43

598 142 35
                                    

Author pov

ටේහ්‍යුන් ස්ටේජ් එක උඩම සිහිය නැතුව වැටුනාම ආර්මිලා ඔක්කොම මේ දිහා බලාගෙන හිටියේ කියා ගන්න බැරි වේදනාවකින්...සමහරු ජන්ග්මි කියන්නේ ටේහ්‍යුන්ගේ දුව කියන එක විශ්වාස නොකරත් එයාලගේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ටේහ්‍යුන් හැසිරුන විදිය නිසාම එයාලට ඒ ඉන්නේ ටේහ්‍යුන්ගේ දුව කියලා තේරුම් ගන්න අමාරු උනේ නෑ...ඇරත් ටේහ්‍යුන් සිහිය නැති වෙන්න කලින් කියපු වචන ටික ආර්මිලා හැමෝටම ඒක ඇහුනා..

" මට මැරෙන්න ඕන හ්‍යුන්ග් "

ටේහ්‍යුන්ගේ ඒ වචන අහන් ඉන්න ඕනම කෙනෙක්ට තේරෙනවා එයා ඉන්නේ දරාගන්න බැරි වේදනාවකින් කියලා..ටේහ්‍යුන් සිහිය නැති උනාම නම්ජුන් ටේහ්‍යුන්ව අත් දෙකට අරගෙන ජින් එක්කම පහලට ගියාම යූන්ගි ජිමින්වයි කුකීවයිත් හොබි එක්ක ස්ටාර්ෆ් එකේ උදව්වෙන් බැක් ස්ටේජ් එකට යැව්වා...හැමෝම පහලට ගියාම යූන්ගි ටේහ්‍යුන් සිහිය නැති වෙනකම්ම අතේ රදවගෙන හිටිය ටේහ්‍යුන්ගේ මයික් එක අතට අරගත්තා..

යූන්ගි තමන්ගේ මයික් එක පැත්තකින් තියලා ටේහ්‍යුන්ගේ මයික් එක අතට අරගෙන තාමත් හ්ම් සද්දයක් නැතුව ස්ටේජ් එක දිහා එක එල්ලේ බලාගෙන ඉන්න ආර්මිලා දිහා බලාගෙන තමන්ගේ ඇස්වලින් බේරෙන කදුලු වලට ඔහේ ගලන්න දීලා බලාගෙන හිටියා..

🐱 ම..මන් ඔයාලට කතාවක් කියන්නද ??

යූන්ගි එහෙම ඇහුවාම හැමෝම හා කියලා ඔලුව වැනුවා හැරෙන්න කිසිම වචනයක් කිව්වේ නෑ..අඩුම ආර්මි බොම්බ් එකක් හෙල්ලෙන සද්දයක්වත් තිබ්බේ නෑ...මුලු ඕර්ඩියන්ස් එකටයි ස්ටේජ් එකටයි තිබ්බ එකම සද්දේ යූන්ගිගෙත් ට්‍රාන්ස්ලේටර්ගෙත් සද්දේ විතරයි..

🐱 අපි හැමෝටම පුංචි පුංචි හින තියනවා..හැබැයි ඒ හීන වලට යන්න හැමෝටම බෑ..ඒ අතරින් සමහරු ඉන්නවා මන් මෙහෙම වෙන්න ඕන කියලා හීනයක් නොතිබ්බාත් ඒ තැනට ආවට පස්සේ ඒක හීනේ කරගන්න..ඒ හීනේ එක්ක ජීවත් වෙන..අපි එක හීනයක් වෙනුවෙන් අපේ තව හීන හුගක් නැති කරගන්නවා...සමහර වෙලාවට ඒවා අපෙ හීනෙට යන්න බාදාවක් වෙයි කියලා හංගගෙන ඉන්නවා..ඒ වගේ හංගගෙන ඉන්න හීන අපි නොහිතන වෙලේට අපේ හිතෙන් එලියට එනවා...මන් කියන්න යන කතාවේ ඉන්න දුප්පත් කුමාරයත් එහෙම කෙනෙක්..
එයාගේ පොඩි කාලේ ගැන විස්තර මන් ඔයාලට කියන්න ඕන නෑ..මොකද හැම ආර්මි කෙනෙක්ම ගොවියෙක්ගේ පුතෙක් උන කුමාරයාගේ පොඩි කාලේ එයාගේ හීන ගැන දන්නවා...මන් අද කියන්නම් ඒ කුමාරයාගේ ස්ටේජ් එකෙන් පිටිපස්සේ තිබ්බ හීන ගැන...වේදනාවල් ගැන...දන්නවාද ?? එයා එයාගේ හීනෙට එන්න එයාගේ පිටිපස්සෙන් කී දෙනෙක් හිටියාද කියලා..එයාගේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ ඇරුනාම ඔයාලා නොදන්න තව එක්කෙනෙක් හිටියා එයත් එක්ක..එයා තමයි මේ පුංචි කුමාරයාගේ දක්ෂතා හරියටම අදුරගත්තේ..යන්න බැහැ කියලා අඩනකොට නෑ ඔයාට පුලුවන් කියලා ඉස්සරහට යැව්වේ එයා..එයා ඇත්තටම ඒ කුමාරයාගේ ගෝඩ් ඒන්ජල්...ඉතින් තමන්ගේ පස්සෙන් ඉන්න තමන්ව ආරක්ෂා කරන තමන්ට ආදරේ කරන ඒන්ජල්ට මේ කුමාරයත් ආදරේ කරන්න පටන් ගත්තා...ඒ ආදරේ ප්‍රතිඵලයක් විදියට මේ කුමාරයාට පුංචි රෝස කුමාරිකාවක් හම්බුනා.. ඔයාලා දන්නවාද ඒ කුමාරිකාව තමයි ඒන්ජල්ගේ කුමාරයාගේ වගේම අපේත් හුරතලේ...අපේ ආදරේ.. එයා හරිම පුංචි රෝස මලක්...හැබැයි එයාට එයාගේ අප්පාගේ ආදරේ හරියට විදින්න උනේ නෑ..එයාගේ ඔම්මාගේ ආදරේ එයාට විදින්න උනේ අවුරුදු 3යි.. කුමාරයාගේ හීන කොච්චර ලස්සන උනත් ඒ හීන අස්සේ හැංගිලා හිටිය එක නපුරු රාක්ෂයෙක් කුමාරයාගේ ජිවිතේ සම්පූර්ණයෙන්ම විනාස කරලා දැම්මා...

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now