chapter 9

644 134 17
                                    

Taehyung pov

මගේ ජිවිතේ සමහර දේවල් වෙන්නේ මටම හිතාගන්න බැරි විදියට...සමහර වෙලාවට මට හිතෙනවා දෛවය මගේ ජිවිතේ එක්ක සෙල්ලම් කරනවද කියලා..

මැරෙන්න හිතෙන හැම වෙලේකම නොමැරි ඉන්න හේතුවක් මට දෛවයම හදලා දෙනවා...සමහර වෙලාවට මගේ ජිවිතේට අහම්බෙන් එන අය වෙනස්ම පිටුවක් පෙරලනවා..

හරියට අයේශ් වගේ...

අයේශ් කියන්නේ කොල්ලෙක් බව ඇත්ත..ඒත් මගේ රෝස මල එයා ලග ඉන්නකොට හිනා වෙනවා..එයා ලග හුගක් හුරතල් වෙනවා..මන් දැකලා නෑ මගේ කෙල්ල හ්‍යුන්ග්ලා ,ජිමින් , කුකී ඉස්සරහවත් එහෙම නිදහසේ ඉන්නවා..හිනා වෙනවා..මට ඒ ගැන සතුටුයි..අයේශ් කොල්ලෙක් උනත් එයා ලග ඉද්දි මගේ මැණික හිනා වෙනවා නම් මට සතුටුයි..

එතකොට මන්...ආහ්..අයේශ් පිස්සු හදනවා..එයාගේ ගොන් වැඩ වලට මට හිනා යනවා..අවුරුදු ගානකට පස්සේ මට දැනෙනවා මගේ හිතට අමුතු සැහැල්ලුවක්..

ඒක මට විතරක් නෙමෙයි අනිත් අයටත් එහෙමයි කියලා මන් දන්නවා..අයේශ් ඇවිල්ලා මාසයක් උනත් එයා හැමෝම එක්ක එකතුයි..අපි විතරක් නෙමෙයි txt, enhypen ලාත් අයේශ් එක්ක හුගක් එකතුයි..හැමෝගෙම රහස් පවා අයේශ් එක්ක කියන්න තරම් එයාලා එකතුයි...මන් දන්නේ නෑ අයේශ්ට තියෙන ඒ හැකියාව මොකක්ද කියලා..
හැබැයි අයේශ්ට හුගක් තියෙන්නේ නායොන්ග්ගේ ගති..

මගේ මොලේ කොච්චර කිව්වාත් අයේශ් කියන්නේ කොල්ලෙක් කියලා එයාගේ වැඩ වලින් කතාවෙන් මට මැවෙන්නේ නායොන්ග්ව...එයාට වගේම අයේශ්ටත් ඕන කෙනෙක්ව ඉක්මනට තේරුම් ගන්න පුලුවන්...ඕනම කෙනෙක්ගේ හිත් ඉක්මනට හදන්න පුලුවන්..කොල්ලෙක් උනත් එයාට තියෙන්නේ කෙල්ලන්ගේ ගති කියලා මන් විශ්වාස කරන්න ඕන..

🐯 ආව්...

අයේශ් ගැන හිත හිත බාත්ටබ් එකෙන් බැස්ස පාර කෙලින්ම කකුල ලිස්සලා ගිහින් මාව බිමට වැටුනා.. බාත් ටබ් එක ලග ටයිල් එකක් කැඩිලා තියෙනවා දැක්කේ එවෙලෙයි..ඒකට මගේ කකුල කැපිලා ලේ එනකොට මට මතක් උනේ අනිද්දා පර්ෆෝමන්ස් නේද කියලා..

මෙහෙම ඉන්න බෑ ටේහ්‍යුන්...කොහොම හරි නැගිටින්න...

මන් මටම කියාගෙන බිත්තිය අල්ලන් නැගිටින්න හැදුවත් මට නැගිටින්න බෑ...කකුලේ තුවලෙටත් වඩා මට හිතෙන්නේ මගේ ටිශු ඩැමේජ් වෙලා.. කකුල හෙල්ලුනත් මට රිදෙනවා..කකුලේ කැකුමට වඩා අනිද්දා පර්ෆෝමන්ස් මතක් වෙලා මගේ ඇස්වලට කදුලු ඉනුවේ ඉබේටමයි..

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now