chapter 28

722 154 20
                                    

Nadia pov

ටේ ඔප්පා මාවයි දෝනිවයි දෙන්නාවම කාර් එකට දාගෙන කොහෙද යන්න පටන් ගත්තාත් එයා යන තැනක් නම් කිව්වේ නෑ...පැය එකහමාරක ගමනකින් පස්සේ අපි කාර් එක නැවැත්තුවේ ලොකු කලු ගේට් එක ඉස්සරහ...ටේ ඔප්පා හෝන් එක ගැහුවාම කොරියන් පෙනුමක් නැති මැදි වයසේ කෙනෙක් ඇවිල්ලා ගේට් එක ඇරියා...ඒත් ඒ ඇස් පුදුමෙන් ලොකු වෙලා තියෙනවා දැක්කාම අපි දැනුම් දීමක් නැතුවයි මෙතනට ආවේ කියලා මට හිතුනා..

කාර් එක ගේට් එකෙන් ඇතුල් වෙලා නතර කරේ සකුරා ගස් දෙකක් පාමුල...සකුරා ගස් හතර පහක් එක්ක ටියුලිප් මල් යායට පිපුන පුංචි වත්තකුයි එහාට වෙන්න තියෙන ඇලත් එක්ක තිබ්බේ හුරුබුහුටි ගෙයක්..ඒක හුගක් ලොකුත් නොවෙන පොඩිත් නොවෙන ගෙයක්..බැලූ බැල්මටම ඒක හදලා තියෙන්නේ නිස්කලංකව ජීවත් වෙන්න කැමති කෙනෙක් කියලා තේරුනා..

ඔප්පා මේ කොහේද ??

🐯 මේක මගේ ගෙදර...

❤ ගෙදර ?? වාහ් ලස්සනයි...

මට ඇත්තටම හිතාගන්න බැරි උනා මේක ඔප්පාගේ ගෙදර කිව්වාම...මේක මට ගෙයකටත් වඩා පුංචි සුරංගනා ලෝකයක් වගේ පෙනුනේ...කොලඹ බිත්ති හතරට හිර වෙලා හැදුන මට මෙහෙ ඇත්තටම හිතාගන්න බැරි තරම් ලස්සනයි...

මන් දොනිව ඔප්පාගේ අතට දීලා දුවගෙන ගියේ පාට පාට ටියුලිප් මල් තියෙන පැත්තට..යායට පිපිලා තියෙන මල් දැක්කාම මට ඒවා බදාගන්න හිතුනා..ඒත් ඒ සිනිදු පෙති වලට රිදෙන නිසා මන් ඒක අමතක කරලා ඒ පෙත්තක් හිමීට අතගෑවා..ඒවා සිනිදුයි...ටියුලිප් මල් වලට මන් ඇත්තටම ආසයි...

ටියුලිප් මල් වලට මන් ඇත්තටම ආසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Parrot tulips !! වාහ්...ඒවත් තියෙනවා..ටේ ඔප්පා ටියුලිප් මල් වලට මෙච්චරටම ආසද ?? මන් දැකලා නැති පාටවලුත් මෙතන තියෙනවානේ...

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now